පාඨකයන්ගෙන් ප්‍රශ්න
වර්ෂ 1996 අගෝස්තු 15වන “මුරටැඹ” කලාපයේ මෙසේ පැවසුවා: “පීඩාවේ අවසාන කොටසේදී, යෙහෝවඃවහන්සේගේ පැත්තට පලා ගොස් ඇති [‘මාංසයටත්’] ගැළවීම අත් වේ.” මහත් පීඩාවේ මුල් අදියරට පසුව, නවකයන් රාශියක් දෙවිගේ පැත්තට එන බව එයින් යෝජනා කරනවාද?
කාවද්දන්න හැදූ කාරණය එය නොවේ.
මතෙව් 24:22හි හොයාගන්න තියෙන යේසුගේ වචන මූලිකව ඉටු වෙන්නේ අනාගතයේදීයි; ඒ කියන්නේ, මතු පැමිණෙන මහත් පීඩාවේ මුල් කොටසේදී, එනම් ආගමට විරුද්ධව එල්ල වන ප්‍රහාරයේදී, ගැළවීමක් අත් වන විටයි. ඒ ලිපියෙහි මෙහෙම කියලා තිබුණා: “මහත් පීඩාවේ මුල් කොටසේදී මහ බබිලෝනිය ක්ෂණයකින් සම්පූර්ණයෙන්ම විනාශ වන විට, ආලේප ලත් අය හා “මහත් සමූහය” යන දෙකොටසේම [‘මාංස’] ගැළවීම ලැබ තිබෙනු ඇති බව මතක් කරන්න.”
යේසු තම ස්වර්ගික සේනාව සමඟ පීඩාවේ අවසාන අදියරෙහි ක්‍රියා කරන විට, එවැනි ඇදහිලිවන්තයන්ට කිසි අනතුරක් සිදු වෙන්නේ නැහැ. ඒත් පීඩාවේ එම අදියර තුළින් බේරී ජීවත් වෙන්න යන්නේ කවුද? භූමික බලාපොරොත්තුවක් ඇති මහත් සමූහයක් බේරී ජීවත් වෙන්න යන බව එළිදරව් 7:9, 14 පෙන්නුම් කරනවා. ආත්මයෙන් ආලේප කරල තියෙන ක්‍රිස්තියානීන් ගැන මොකක්ද කියන්න පුළුවන්? ආලේප ලත් අයගේ ඉතිරි කොටසව ස්වර්ගයට ගන්නේ මොන අවස්ථාවේදීද යන්න ගැන අපට එක මතයක එල්බගෙන ඉන්න බැරිවීමට හේතුව 1991 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපියෙහි සාකච්ඡා කරලා තිබුණා. ඒ හින්දා, මෑතක පළ වුණු ලිපියත් (1996 අගෝස්තු 15) පැහැදිලි උත්තරයක් නොදී, මෙම පොදු අදහස දුන්නා: “ඒ හා සමානව, පීඩාවේ අවසාන කොටසේදී, යෙහෝවඃවහන්සේගේ පැත්තට පලා ගොස් ඇති [‘මාංසයටත්’] ගැළවීම අත් වේ.”
මහත් පීඩාවේ ආරම්භයෙන් පස්සේ, අමතර අය කිහිපදෙනෙකුට සත්‍යය ඉගෙනගෙන දෙවිගේ පැත්තට එන්න පුළුවන් වේවිද යන කාරණය ගත්තොත්, මතෙව් 24:29-31හි වාර්තා කරලා තියෙන යේසුගේ වචන කියන දේ සැලකිල්ලට ගන්න පුළුවන්. මහත් පීඩාවේ ආරම්භයෙන් පස්සේ, මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ ප්‍රකාශ වේවි. පොළොවේ සියලු ගෝත්‍ර තමුන්ටම පහර දී, වැලපෙන්න පටන්ගනී කියලා යේසු කිව්වා. ඒ කාලයේ ජනයාට යම් පැහැදීමක් ඇති වෙලා, පසුතැවිලි වී, දෙවිගේ පැත්තට ඇවිත්, සැබෑ ගෝලයන් වෙයි කියලා පෙන්නන්න ඔහු කිසිම දෙයක් කිව්වේ නැහැ.
ඊට සමානව, එළුවන් හා බැටළුවන් පිළිබඳ උපමාවේ, මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වී, විනිශ්චයක ආකාරයකින් ජනයාව බෙදා වෙන් කරන්නේ, ඔවුන් අතීතයේ කර තිබුණු හෝ කර නොතිබුණු දේ පදනම් කරගෙනයි. සෑහෙන කාලයක් එළු ගති දක්වලා, හදිස්සියේම වෙනස් වී බැටළුවන්ට සමාන වන මනුෂ්‍යයන් සිටින එක ගැන යේසු කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔහු විනිශ්චය කරන්න එන කොට, ඒ විනිශ්චය පදනම් වෙන්නේ මනුෂ්‍යයන් ඒ වන විට කොහොම ක්‍රියා කරලා තිබුණාද යන්න මතයි.—මතෙව් 25:31-46.
ඒත්, මේ කාරණය සම්බන්ධයෙනුත් එකම මතයේ එල්බගෙන සිටීමට කිසිම හේතුවක් නැහැ. දැන් මොනවද කරන්න ඕනෙ කියලා ආලේප ලත් මෙන්ම මහත් සමූහයට අයත් දෙවිගේ සෙනඟ දන්නවා: එනම් දේශනා කිරීමත් ගෝලයන් සෑදීමත්. (මතෙව් 28:19, 20; මාර්ක් 13:10) “අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව. මක්නිසාද—පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි, ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය” යන අවවාදය හෘදයට ගන්න තියෙන හරි කාලපරිච්ඡේදය මේ දැන්.—2 කොරින්ති 6:1, 2.