අසම්පූර්ණ ලෝකයක විශ්වාසය
“මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” ඔබගේ අද්දැකීමෙන් මෙය සැබෑවක් බව ඔප්පු වෙලා තියෙනවාද? ප්‍රේරිත පාවුල්ටත් මේ ගැටලුවම තිබුණු බව දැනගැනීමෙන් ධෛර්යවත් වන්න; එහෙත් ඔහු විශිෂ්ට ක්‍රිස්තියානි අඛණ්ඩතාවේ මිනිසෙක්. මේක පරස්පරවිරෝධී දෙයක් නෙවෙයිද? රෝමයේ ක්‍රිස්තියානීන්ට ලිවූ ඔහුගේ ලිපියේ, පාවුල් ගැටලුව කොටස් වශයෙන් විස්තර කළා: “ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.” මොන පාපය ගැනද ඔහු මෙතන යොමු දක්වන්නේ? ඒ වගේම අඛණ්ඩතාවේ මිනිසෙක් වීම සඳහා ඉන් ගොඩ ආවේ කොහොමද?—රෝම 7:19, 20.
ඊට කලින් ඔහුගේ ලිපියේ පාවුල් මෙහෙම ලිව්වා: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” ‘එක් මනුෂ්‍යයා’ වුණේ, ආදම්. (රෝම 5:12, 14) ආදම් හා සම්බන්ධ පාපය—එනම්, මුල් මිනිසා වූ ආදම්ගේ පාපය—මිනිස් ජාතියට අසම්පූර්ණත්වය උරුම වෙන්න හේතු වුණෙත්, ඒ වගේම අඛණ්ඩතාව පැවැත්වීම සැබෑ අභියෝගයක් වෙන්න අභ්‍යන්තර හේතුව වුණෙත් ඒකයි.
මීට පෙර යොදාගත් යෙදුම වන “මුල් පාපය” පිළිබඳ පාවුල්ගේ දෘෂ්ටිය අදදින ව්‍යාප්තව පිළිගැනෙන්නේ නැහැ. ඊට හේතුව නම්, පරිණාමයේ සිද්ධාන්තයට රුකුල් දීම සඳහා, ආගමික විෂයේ සිටින අය මැවීමේ බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමයි. රෝම 5:12-14 ගැන නූතන විචාරයක් පැහැදිලි කළේ, ඒ “කොටස උගතුන් විසින් බලෙන් තල්ලු කර පැත්තකට දමා තියෙනවා” කියලයි. ඒත් අවුරුදු සීයකට කලින්, බයිබල් විචාරයන් දිගින් දිගටම පැහැදිලි කළේ, “ආදම් පව් කළ විට . . . ඔහු ඔහුගේ පැවතෙන්නන්ව පාපයෙන් සහ එහි තත්වයන්ගෙන් කිලුටු කළා”a කියලයි.
මුලින්ම නැති වූ අඛණ්ඩතාව
මුල් මිනිසා වූ ආදම්ගේ පැවැත්ම අදදින මිනිසුන් ප්‍රතික්ෂේප කරන්නා සේම සාතන් නමැති යක්ෂයාව පවා හදාගත්ත මිථ්‍යාවක් කියා පැත්තකට දමා තියෙනවා.b යේසු ක්‍රිස්තු හැර වෙන කිසිම අධිකාරයක්, සාතන් “සැබෑවෙහි නොපැවතුණේය” නැත්නම් විශ්වාසය භංග කළා කියා කීවේ නැහැ. (යොහන් 8:44) ඒ වගේම ආදම් සහ ඔහුගේ බිරිඳ වන ඒව යෙහෝවාට විරුද්ධව කැරලි ගසා පරීක්ෂාව යටතේ ඔවුන්ගේ අඛණ්ඩතාව බිඳගත්තේ සාතන්ගේ පෙලඹවීම හින්දයි.—උත්පත්ති 3:1-19.
අප සියලුදෙනාම ආදම්ගෙන් පැවතෙන්නන් වන හින්දා, අප සියලුදෙනාටම පව් කිරීමට වූ නැඹුරුවාව උරුම වෙලා තියෙනවා. ප්‍රඥාවන්ත මිනිසා වූ සාලමොන් මෙහෙම කිව්වා: “පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.” (දේශනාකාරයා 7:20) කොහොමවුණත්, ඕනෑම මිනිහෙක් කෙරෙහි තවමත් විශ්වාසය තබන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන් කොහොමද? අඛණ්ඩතාව පවත්වන්න පරිපූර්ණ මිනිහෙකුම අවශ්‍ය නැති හින්දයි.
අඛණ්ඩතාවේ පදනම
ඉශ්‍රායෙල්හි රජ වූ දාවිත්, හොඳින් වාර්තා කර ඇති බැත්ෂෙබා සමඟ පැවැත්වූ පරදාර සම්බන්ධය ඇතුළුව, බොහෝ වැරදි කළා. (2 සාමුවෙල් 11:1-27) දාවිත්ගේ වැරදි බොහෝමය ඔහු පරිපූර්ණභාවයෙන් බොහෝ දුරස්තරය යන වග ඉස්මතු කොට දැක්වූවා. කොහොම වුණත් මේ මිනිසා තුළ යෙහෝවා දැක්කේ මොකක්ද? දාවිත්ගේ පුත්‍ර සාලමොන් අමතමින් යෙහෝවා මෙහෙම කිව්වා: “නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි [අඛණ්ඩතාවෙන්ද, NW] අවංකකමින්ද හැසිරෙ[න්න].” (1 රාජාවලිය 9:4) ඔහුගේ බොහෝ වැරදි හමුවෙත්, දාවිත්ගේ හෘදයේ මූලික වශයෙන් දකින්න තිබුණු විශ්වසනීයබව යෙහෝවා හැඳිනගත්තා. ඒ ඇයි?
සාලමොන්ට මෙහෙම කියද්දී, දාවිත් එයට උත්තරය දුන්නා: “මක්නිසාද [යෙහෝවා] සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්[නේය].” (1 ලේකම් 28:9) දාවිත් වැරදි කළා; ඒත් ඔහු නිහතමානී වුණා, ඒ වගේම හරි දේ කරන්න ඔහුට ඕනෙ වුණා. ඔහු නිබඳව හික්මවීම සහ නිවැරදි කිරීම පිළිගත්තා—ඇත්තෙන්ම ඔහු එය ඉල්ලා සිටියා. ඔහුගේ ඉල්ලීම වුණේ මේකයි: “[යෙහෝවා], මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.” (ගීතාවලිය 26:2) එලෙසම දාවිත්ව පවිත්‍ර කරනු ලැබුවා. බැත්ෂෙබා එක්ක සිදු කළ පාපයේ බලහත්කාර ප්‍රතිඵල ඔහුගේ ජීවිතාන්තය දක්වාම ක්‍රියාත්මක වුණා. එහෙත්, දාවිත් ඔහුගේ වැරැද්ද ගැන කිසි දවසක නිදහසට කරුණු කියන්න ගියේ නැහැ. (2 සාමුවෙල් 12:1-12) ඊටත් වඩා වැදගත් ලෙස, ඔහු සැබෑ නමස්කාරයෙන් අහක්ව ගියේ නැහැ. මේ හේතුව නිසා මෙන්ම දාවිත්ගේ අව්‍යාජ, හද පත්ලෙන් නැඟුණු ශෝකය සහ පසුතැවිල්ල නිසා යෙහෝවා ඔහුගේ පාපය කමා කිරීමට සූදානම්ව සිටි අතර, අඛණ්ඩතාවේ මිනිසෙක් හැටියට ඔහුව පිළිගත්තා.—ගීතාවලිය 51ත් බලන්න.
පරීක්ෂණ හමුවේ විශ්වාසය තැබිය හැකිවීම
යේසුගේ අඛණ්ඩතාව කැඩීමේ අටියෙන් සාතන් නමැති යක්ෂයා ඔහුව පරීක්ෂා කළා. පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට දිව්‍ය නීතිවලට කීකරු වීමට විතරක් උපදෙස් දීමෙන් පරීක්ෂා කරනු ලැබූ ආදම්ට වෙනස්ව, යේසුට අඛණ්ඩතාව පවත්වන්න සිදු වූයේ දුෂ්කරතා සහ විඳදරාගැනීම් මධ්‍යයෙයි. ඊට අමතරව, මිනිස් පවුලේ මිදීම රැඳුණේ, තමාගේ අඛණ්ඩතාව මත කියා දැනගැනීමෙන් ඇති වූ පීඩනයත් යේසුට තිබුණා.—හෙබ්‍රෙව් 5:8, 9.
යේසුගේ අඛණ්ඩතාව බිඳදැමීමට අධිෂ්ඨාන කරගෙන කාන්තාරයේ දවස් 40ක් නිරාහාරව සිට මෙනෙහි කළාට පස්සේ, යේසුගේ ඉතාම දුර්වල වූ අවස්ථාවේ සාතන් ඔහු වෙතට ළඟා වුණා. ඔහු තුන්වතාවක් යේසුව පරීක්ෂා කළා. ඒවා නම් ගල් රොටි කරන්න; ඔහු මෙසියස් බව ආශ්චර්යවත් ලෙස ඔප්පු කිරීමට, දේවදූතයන්ගේ මැදිහත් වීමෙන් ආරක්ෂා වේයයි අයුතු අනුග්‍රහ බලාපොරොත්තු වෙමින් දේවමාළිගාව වටා තිබූ ප්‍රාකාරය මුදුනේ ඉඳලා පනින්න; සාතන්ට කරන්නාවූ එක “නමස්කාරයේ ක්‍රියාවකට,” මේ ලෝකයේ සියලුම රාජ්‍යයන්වල පාලනය හුවමාරු කිරීම පිළිගන්න. නමුත් යේසු සෑම පරීක්ෂණයක්ම ප්‍රතික්ෂේප කර, යෙහෝවා කෙරෙහි අඛණ්ඩතාව පවත්වාගත්තා.—මතෙව් 4:1-11; ලූක් 4:1-13.
යෝබ්ගේ අඛණ්ඩතාව
පරීක්ෂණ හමුවේ යෝබ්ගේ අඛණ්ඩතාව පවත්වාගැනීම ඉතා ප්‍රසිද්ධයි. උනන්දුවකට කරුණක් නම්, ඔහු පිටට විනාශයන් ආවේ ඇයි කියල යෝබ් තේරුම් නොගැනීමයි. යෝබ් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමී හේතූන් නිසා බවත්, තමාගේ පණ බේරාගන්න හින්ද බවත්, එසේ නොවන්න ස්වකැමැත්තෙන්ම ඔහු ඔහුගේ අඛණ්ඩතාව බිඳ ගන්නවා කියන බොරු චේතනා සාතන් ඔහු මත තබා තිබුණා කියලා යෝබ් දැනං හිටියේ නැහැ. සාතන් වැරදි බව පෙන්වන්න, යෝබ්ට දරුණු අද්දැකීම්වලට යටත් වෙන්න දෙවි ඉඩහැරියා.—යෝබ් 1:6-12; 2:1-8.
බොරු යාළුවෝ තුන්දෙනෙක් දර්ශනයට අවතීර්ණ වුණා. ඔවුන් දැන දැනම දෙවිගේ ප්‍රතිපත්ති සහ අරමුණු වැරදි විදිහට නියෝජනය කළා. යෝබ්ගේ බිරිඳ පවා වාදයට බඳුන් වූ කාරණය තේරුම්ගත්තේ නැති හින්දා, තම පුරුෂයාගේ දැඩි අවශ්‍යතාවේ කාලයේදී ඔහුව ධෛර්යවත් කිරීමට අපොහොසත් වුණා. (යෝබ් 2:9-13) නමුත් යෝබ් ස්ථිරව සිටියා. ‘මා නසින තුරුම මාගේ [අඛණ්ඩතාව, NW] පහ නොකරන්නෙමි. මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.’—යෝබ් 27:5, 6.
බයිබලයේ සඳහන් වී ඇති අඛණ්ඩතාව පැවැත්වූ වෙනත් ස්ත්‍රී පුරුෂ බොහෝදෙනෙක් ඇතුළු යෝබ්ගේ කදිම ආදර්ශය, සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කරල තියෙනවා.
අඛණ්ඩතාව සහ ක්‍රිස්තියානි සේවය
අඛණ්ඩතාව කියන්නේ, නිකම්ම ඔහුගේම තෘප්තිය තකා යෙහෝවා ඉල්ලා සිටින ගුණාංගයක්ද? නැහැ. අඛණ්ඩතාව විතරක් ගත්තම, මිනිසුන් වන අප සඳහා, එහි වටිනාකමක් තියෙනවා. ‘අපේ මුළු හෘදයෙන්ද අපේ මුළු ආත්මයෙන්ද අපේ මුළු බුද්ධියෙන්ද අපේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න’ කියා යේසු කියද්දී එහෙම කිව්වේ අපේ ප්‍රයෝජනය තකායි. ඇත්තෙන්ම, “උතුම්වූ පළමුවෙනිවූ ආඥාව” මෙය වූ අතර, අඛණ්ඩතාවේ මිනිසෙකුට, ගැහැනියකට හෝ දරුවෙකුට විතරයි එය පවත්වන්න පුළුවන් වෙන්නේ. (මතෙව් 22:36-38) ඊට ඇතුළත් වෙන්නේ මොනවාද? ඒ වගේම ලැබෙන විපාක මොනවාද?
අඛණ්ඩතාවේ මිනිසෙකු කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන් වෙන්නේ ඔහුගේ සහයකයන්ට විතරක් නෙමෙයි, ඊටත් වඩා වැදගත් ලෙස දෙවිටත් එසේ කරන්න පුළුවන්. ඔහුගේ හෘදයේ පිරිසිදුකම ඔහුගේ ක්‍රියාවෙන් පේනවා; ඔහු වංචාවෙන් තොරයි. ඔහු කපටි හෝ දූෂිත නැහැ. ප්‍රේරිත පාවුල් මේ විදිහට විස්තර කරනවා: “ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, [දෙවිගේ] වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම [දෙවි] ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.”—2 කොරින්ති 4:2.
පාවුල් සඳහන් කරන ආකල්ප ක්‍රිස්තියානි සේවය හා සම්බන්ධ ඒවා බව සැලකිල්ලට ගන්න. ඔහු අඛණ්ඩතාවේ මිනිසෙක් නොවේ නම් සහ ඔහුගේ අත් අපවිත්‍ර නම්, ක්‍රිස්තියානි දේවසේවකයෙක් අන් අයට සේවය කරන්නේ කොහොමද? අය’ලන්තයේ ආගමික පැවිදි පිරිසේ ඇබ’ට්වරයෙක් මෑතකදී ඉල්ලා අස්වීම, කාරණය මනාව නිදර්ශනය කරනවා. දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට අනුව, මෙම ඇබ’ට්වරයා, “කෞමාර කාමාතුර පූජකයෙකුගේ ළමා අතවර කිරීම් දැනගෙනත් බොහෝ කාලයක් ගියාට පස්සේ පවා, දිගටම ළමුන් එක්ක වැඩ කරන්න එම පූජකයාට ඉඩහැර තිබුණා” කියා ඔහු පිළිගත්තා. වාර්තාව පැහැදිලි කළේ, එම අඩන්තේට්ටම් අවුරුදු 24කට වඩා වැඩි කාලයක් තිස්සේ පැතිර තිබූ බවයි. එම පූජකයාව අවුරුදු හතරකට සිරගත කෙරුවත් එම අවුරුදු ගණනාව පුරා ඔහුගේ අතවරයට ලක් වූ ළමුන්ගේ වේදනාව ගැන සිතා බලන්න. ඊට හේතුව? ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුගේ අවේක්ෂකයාව පෙලඹවිය යුතු, සදාචාර අඛණ්ඩතාවේ හීනභාවයයි!
අඛණ්ඩතාව—විපාක
ප්‍රේරිත යොහන් නිර්භීත මිනිසෙක් වුණා. ඔවුන්ගේ ගිනි මෙන් වූ උද්‍යෝගය නිසා, ඔහුවත් ඔහුගේ සහෝදර වූ යාකොබ්වත් යේසු හැඳින්වූයේ “ගර්ජනාවේ පුත්‍රයෝ” කියලයි. (මාර්ක් 3:17) විශිෂ්ට අඛණ්ඩතාවේ මිනිසෙක් හැටියට යොහන්, පේතෘස් සමඟ එක්කහු වෙලා, යේසුත් එක්ක ඉන්න කොට ඇසූ දුටු දේවල් ගැන “කථා නොකර සිටින්ට අපට නුපුළුවන” කියල කිව්වා. යොහනුත්, “මනුෂ්‍යයන්ට වඩා [දෙවිට] අප විසින් කීකරු විය යුතුය” කියා කී අයගෙන් එක් කෙනෙක්.—ක්‍රියා 4:19, 20; 5:27-32.
පෙනෙන විදිහට, “[දෙවිගේ] වචනයද [යේසුගේ] සාක්ෂියද” දැරූ නිසා යොහන්ට වයස අවුරුදු අනූගණන්වල අගභාගයේදී, පත්මොස් දූපතට ඔහුව පිටුවහල් කරනු ලැබුවා. (එළිදරව් 1:9) එම වයසේදී, තමාගේ සේවය සමාප්තයි කියලා ඔහු හිතන්න ඇති. නමුත් ඔහු වැනි අඛණ්ඩතාවේ මිනිසෙකුට විතරයි, එළිදරව්වේ කුල්මත් කරවන දර්ශනය ලිවීමේ පැවරුම භාර දෙන්න පුළුවන් වුණේ. මෙය ඉටු කිරීමේදී යොහන් විශ්වාසවන්ත වුණා. එය ඔහුට මොනතරම් වරප්‍රසාදයක් වෙන්න ඇතිද! ඒ විතරක් නෙමෙයි තව බොහෝමයක් ඉදිරියට තිබුණා. ඉන්පසුව, පෙනෙන විදිහට එපීසය ආසන්නයේදී ඔහු ඔහුගේ සුවිශේෂය සහ ලිපි තුන ලියනු ලැබුවා. අවුරුදු 70ක ඇදහිලිවන්ත, විශ්වාසය තැබිය හැකි සේවයක් වෙනුවෙන් කොයිතරම් උත්තරීතර වරප්‍රසාදයක්ද!
සාමාන්‍ය විදිහට කියනවා නම්, අඛණ්ඩතාවෙන් හෙබි පුද්ගලයෙකුට විතරයි, ගැඹුරු තෘප්තියක් ලැබෙන්නේ. දෙවිගේ ඇස් හමුවෙහි විශ්වාසවන්ත වීමෙන් සදාකාල විපාක ගෙනෙයි. අදදින, සැබෑ නමස්කාරකයන්ගේ “මහත් සමූහයක්” සදාකාලයටම ජීවත්වීමේ අපේක්ෂාව ඇතුව සාමයෙන් සහ එකඟත්වයෙන් යුතු නව ලෝකයකට ඇතුල්වීමට සූදානමින් ඉන්නවා. (එළිදරව් 7:9) මේ දේවළ පිළිවෙළේ පරීක්ෂණ සහ සාතන් විසින් ගෙනා හැකි බොහෝ අභියෝග නොතකා, වැදගත් සදාචාර කාරණාවලදී සහ නමස්කාරයේදී අඛණ්ඩතාව පවත්වාගත යුතුයි. යෙහෝවා සපයන බලය තුළ එය සාර්ථක වන බවට සහතික වන්න!—පිලිප්පි 4:13.
දැනුත් අනාගතයත් යන දෙකම ගැන කතා කරද්දී, යෙහෝවාට කරන ස්තුති යාච්ඤාවකදී ගීතිකාකාර දාවිත් අපි සියලුදෙනාවම යළි ස්ථිර කරන්නේ මෙහෙමයි: “මා වනාහි ඔබ මාගේ [අඛණ්ඩතාව හේතුවෙන්, NW] දරා සිටි[න්නේය], සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්[නේය]. . . . [යෙහෝවාට] . . . ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.”—ගීතාවලිය 41:12, 13.
[පාදසටහන්වල]
a අදහස් දැක්වූයේ, ද නියූ ටෙස්ටමන්ට් ඔෆ් අව’ ලෝඩ් ඇන්ඩ් සේවිය’ ජීසස් ක්‍රයිස්ට්, අ’කෝඩිං ටු දි ඕ’තරයිස්ඩ් ව’ෂ’න්, විත් අ’ බ්‍රීෆ් ක’මෙන්ට්‍රි බයි වේරිය’ස් ඕ’ත’ස් (විවිධ කර්තෲන්ගේ කෙටි විචාරයන් ඇතුළත්, ඕත’රයිස්ඩ් ව’ෂ’න්ට අනුව, අපේ සමිඳු සහ ගැළවුම්කරු වන යේසු ක්‍රිස්තුගේ නව ගිවිසුම) යන කෘතියයි.
b සාතන් කියන නමේ තේරුම “විරුද්ධකාරයා” යන්නයි. “යක්ෂයා” කියන්නේ “අපහසකරන්නා” කියන එකයි.
[4වන පිටුවේ පින්තූරය]
ඔහුගේ වැරදි තිබුණත්, විශ්වසනීය කෙනෙකු බව දාවිත් ඔප්පු කළා
[5වන පිටුවේ පින්තූරය]
විශ්වසනීය කෙනෙකු වීමේ හොඳම ආදර්ශය යේසු අපට තියල ගියා
[7වන පිටුවේ පින්තූර]
විශ්වසනීය කෙනෙකුව සිටීම මහත් තෘප්තියක් ගෙනෙනවා