එපප්‍රස්—‘ක්‍රිස්තුස්ගේ විශ්වාස සේවකයෙක්’
කොරින්තියේ, එපීසයේ සහ පිලිප්පියේ සභා පිහිටෙව්වේ කවුද? සමහරවිට පිළිතුරු දෙන්න ඔබ එච්චර පැකිලෙන එකක් නැහැ: ‘“අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” වූ පාවුල්.’ (රෝම 11:13) ඔබ හරි වෙන්න පුළුවන්.
කොහොම වුණත්, කොලොස්සියෙහි, හියරපොලිසෙහි සහ ලවොදිකයෙහි සභා පිහිටෙව්වේ කවුද? අපිට නිසැක වෙන්න බැරි වුණත්, එපප්‍රස් කියන මිනිසා විසින් වෙන්න ඇති. කෙසේවෙතත්, ‘ක්‍රිස්තුස්ගේ විශ්වාස සේවකයෙක්’ ලෙස හැඳින්වූ නිසා මේ එවැන්ජලිස්තවරයා ගැන යමක් දැනගන්න ඔබ කැමති වේවි.—කොලොස්සි 1:7.
ල්යුකුස් මිටියාවතේ එවැන්ජලිස්තවරයා
එපප්‍රස් කියන්නේ, එපප්‍රොදිතස් කියන නම කෙටි කර දැක්වීමකුයි. නමුත් එපප්‍රස්, පිලිප්පියේ එපප්‍රොදිතස් සමඟ පටලවා නොගත යුතුයි. එපප්‍රස් කොලොස්සියෙන්; කුඩා ආසියාවේ ල්යුකස් නදී මිටියාවතේ ක්‍රිස්තියානි සභාවන් පිහිටා තිබූ මධ්‍යස්ථාන තුනෙන් එකක් තමයි කොලොස්සිය. පුරාණ පිරිගිය දිසාවේ, ලවොදිකයේ ඉඳල කිලෝමීටර් 18ක් සහ හියරපොලිසෙ ඉඳල කිලෝමීටර් 19ක් විතර එපිටිනුයි කොලොස්සිය පිහිටල තිබුණෙ.
දේවරාජ්‍යය පිළිබඳ සුභ පුවත පිරිගිය වෙත ළඟා වුණේ කොහොමද කියල බයිබලය නිශ්චිත ලෙස කියන්නේ නැහැ. කොහොම හරි, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී පිරිගියේ වැසියන් පවා යෙරුසලමට පැමිණ සිටියා. සමහරවිට මේ අතර සමහරෙක් කොලොස්සියෙන් පැමිණි අය වෙන්න ඇති. (ක්‍රියා 2:1, 5, 10) එපීසයේ කළ පාවුල්ගේ සේවයේ (පො.යු. 52-55 පමණ) සාක්ෂිදැරීම කොච්චර ප්‍රබල සහ ඵලදායි වුණාද කිව්වොත් එය එපීසයේ විතරක් නොවෙයි, නමුත් “ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද [ස්වාමීගේ] වචනය” ඇසුවා. (ක්‍රියා 19:10) ල්යුකුස් තැනිතලාව පුරා පාවුල් සුභ පුවත දේශනා කළේ නැති බව පෙනෙන්නේ, එම ප්‍රදේශයෙන් ක්‍රිස්තියානීන් බවට පත් වූ බොහෝදෙනෙක්, මින් පෙර කිසිදාක ඔහුව දැක තිබුණේ නැති නිසයි.—කොලොස්සි 2:1.
පාවුල් කියන විදිහට කොලොස්සිවරුන්ට ‘දෙවිගේ කරුණාව සැබෑවෙන්’ ඉගැන්නුවේ එපප්‍රස් නමැත්තායි. මේ හවුල් වැඩකාරයාව ‘අප උදෙසා ක්‍රිස්තුස්ගේ විශ්වාස සේවකයෙක්’ කියා ඇමතූ කාරණයෙන්ම, එපප්‍රස් එම ප්‍රදේශයේ සිටි ක්‍රියාශීලී එවැන්ජලිස්තවරයෙක් බව පෙන්වනවා.—කොලොස්සි 1:6, 7.
ල්යුකුස් මිටියාවතේ සිටි සහකාර ඇදහිලිවන්තයන්ගේ ආත්මික ශුභසාධනය කෙරෙහි, ප්‍රේරිත පාවුල් සහ එවැන්ජලිස්ත එපප්‍රස් යන දෙදෙනාටම මහත් උනන්දුවක් තිබුණා. ‘අන්‍යජාතීන්ට ප්‍රේරිතයා’ වූ පාවුල්, ඔවුන්ගේ ප්‍රගතිය ගැන ලැබුණු ආරංචිය නිසා ප්‍රීති වූවා විය යුතුයි. මේ විදිහට කොලොස්සියේ ආත්මික තත්වය ගැන පාවුල්ට කිව්වේ එපප්‍රස් හැර වෙන කවුරුත් නෙවෙයි.—කොලොස්සි 1:4, 8.
එපප්රස්ගේ වාර්තාව
එපප්‍රස් රෝමය දක්වා දිගු ගමනක් ඇවිත් මෙම නිශ්චිත කාරණා පාවුල් එක්ක කතා කිරීමට ක්‍රියා මාර්ගයක් ගන්න තරම්, කොලොස්සිවරුන් සෑහෙන ගැටලුවලට මුහුණ දෙමින් ඉන්න ඇති. ඔහු හඳුනන්නේ නැති එම සහෝදරයන්ට ලිපි දෙකක් ලියන්න පවා පාවුල් පෙලඹුණේ, පෙනෙන විදිහට එපප්‍රස් විසින් දුන්නාවූ දිගු සවිස්තර වාර්තාවයි. එකක් කොලොස්සිවරුන්ට එවූ ලිපියයි. පෙනෙන විදිහට, අනිත් ලිපිය ආරක්ෂා වෙලා නැති වුණත්, යවනු ලැබුවේ ලවොදිකයන්ටයි. (කොලොස්සි 4:16) ඒ ලිපියේ අඩංගු දේවල්, එපප්‍රස් නිරීක්ෂණය කළ විදිහට එම ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතාවට ප්‍රතිචාරය දැක්වීමේ අරමුණෙන් ලිව්වා කියා සිතීම සාධාරණයි. මොන අවශ්‍යතාවන්ද ඔහු දැක්කේ? ඒ වගේම ඔහුගේ පෞද්ගලිකත්වය ගැන එය කියාපාන්නේ මොනවද?
තපස් රැකීම, භූතවාදය සහ රූප නමස්කාරමය මිථ්‍යා විශ්වාස අයත් මිථ්‍යාදෘෂ්ටික දර්ශනවාදයෙන් කොලොස්සියේ ක්‍රිස්තියානීන් අවදානමට ලක් වෙයි කියල එපප්‍රස් කරදර වුණා. කොලොස්සිවරුන්ට ලිවූ ලිපියේ ඒ බව සඳහන් වෙන බව පේනවා. තවදුරටත්, ආහාරවලින් වැළකීමේ යුදෙව් ඉගැන්වීම වගේම සමහර දින සැමරීම සඳහා සභාවේ ඇතැම් සාමාජිකයන්ව පොලඹවා තිබුණා.—කොලොස්සි 2:4, 8, 16, 20-23.
මේ විෂය ගැන ලිවීමේ කාරණයෙන්ම අපිට පේන්නේ, තම සහකාර ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතාවන් ගැන එපප්‍රස් කොච්චර සුපරීක්ෂාකාරි වගේම සංවේදී වුණාද කියන එකයි. ඔවුන් ජීවත් වූ වටාපිටාවේ අනතුරු ගැන සිහියෙන් ඉඳගෙන, ඔවුන්ගේ ආත්මික ශුභ සාධනය ගැන ප්‍රේමනීය ලෙස සැලකිලිමත් වන බව ඔහු පෙන්නුවා. එපප්‍රස් පාවුල්ගේ මඟ පෙන්වීම සෙව්වා; එය ඔහු නිරහංකාර බව හෙළි කළා. සමහරවිට වැඩි අද්දැකීම් ඇති කෙනෙකුගෙන් උපදෙස් ගැනීමේ අවශ්‍යතාව ඔහුට දැනෙන්න ඇති. කෙසේවෙතත්, එපප්‍රස් ඥාණවන්තව ක්‍රියා කළා.—හිතෝපදේශ 15:22.
යාච්ඤාව අගේ කළ මිනිසෙක්
පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ අන්තිමට ඔහු කිව්වේ මෙහෙමයි: “නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් [යේසුස්ගේ] දාසයෙක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය. නුඹලා දෙවිගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය. මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.”—කොලොස්සි 4:12, 13.
ඔව්, ඔහු පාවුල්ගේ ‘හවුල් හිරකාරයාව’ රෝමයේ සිටියදී පවා, කොලොස්සියේ, ලවොදිකයේ සහ හියරපොලිසෙහි සිටි ප්‍රියාදර සහෝදරයන් ගැන සිතමින් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරමින් සිටියා. (පිලෙමොන් 23) වචනාර්ථයෙන්ම ගත්තොත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤාවේ ‘ඔහු පොරබැදුවා.’ විශාරදයෙකු වන ඩී. එඩ්ම’න්ඩ් හයිබ’ට් කියන විදිහට, මෙතන පාවිච්චි කරල තියෙන ග්‍රීක් වචනෙන් අඟවන්නේ, “යේසු ක්‍රිස්තු ගෙත්සෙමන උයනේදී වින්ද මානසික ‘මහත් වේදනාව’ හා සමාන, මහත් වෙහෙසකින් සහ මහත් කැපවීමකින් කරන ක්‍රියාවක්.” (ලූක් 22:44) එපප්‍රස් අවංකවම ආශා කෙරුවේ, ඔහුගේ ආත්මික සහෝදර සහෝදරියන් ස්ථාවරත්වය සහ සම්පූර්ණ ක්‍රිස්තියානි මේරුකම ලබාගනියි කියලයි. එවැනි ආත්මික-මනසක් ඇති සහෝදරයෙක්, සභාවලට මොනතරම් ආශීර්වාදයක් වෙන්න ඇද්ද!
එපප්රස්ව ‘ප්‍රේමවන්ත හවුල් වැඩකාරයා’ ලෙස හඳුන්වල තියෙන හින්දා සහකාර ක්‍රිස්තියානීන්ට ඔහු ස්නේහවන්ත කෙනෙක් වූ බවට කිසිම සැකයක් නැහැ. (කොලොස්සි 1:7) අවස්ථා ඉඩ දෙන විදිහට, සභාවේ සිටින සියලුම සාමාජිකයන් ප්‍රේමයෙන් සහ උණුසුම්භාවයෙන් යුතුව තමන්ව නිදහසේ ඉදිරිපත් කළ යුතුයි. උදාහරණයක් හැටියට, රෝගාතුර, මහලු සහ වෙනත් විශේෂ අවශ්‍යතා ඇති අය කෙරෙහි අවධානය දිය හැකියි. බලාකියා ගැනීමට, සභාවේ තියෙන විවිධ වගකීම්වලට, එහෙමත් නැත්නම් දිව්‍යාණ්ඩු ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට සහයෝගය දෙන්න පුළුවන්.
අපි සියලුදෙනාටම හවුල් විය හැකි පරිශුද්ධ සේවයේ අංගයක් නම්, එපප්‍රස් වගේ අනුන් වෙනුවෙන් යාච්ඤා කිරීමයි. ඒ වගේ යාච්ඤාවලට, ආත්මික හෝ ශාරීරික ආකාරයේ විවිධ අනතුරුවලට සහ දුෂ්කරතාවලට මුහුණ දෙන යෙහෝවාගේ නමස්කාරකයන් ගැන සැලකිලිමත් වීමේ වදන් එක් කරන්න පුළුවන්. අපේ ශක්තීන් මෙලෙස සම්පූර්ණ ආකාරයෙන් යෙදවීමෙන්, අපිට එපප්‍රස් වගේ වෙන්න පුළුවන්. යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ගේ පවුලේ ‘ප්‍රේමවන්ත හවුල් වැඩකාරයෙකු’ බවට ඔප්පු වීමේ වරප්‍රසාදය සහ ප්‍රීතිය අප සෑම කෙනෙකුටම ලබාගන්න පුළුවන්.