ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 6/1 28 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අවදිව සිටීමට කාලයක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 6/1 28 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අපි මතෙව් 24:34 කියෙවූ පරිදි, “මේ පරම්පරාව” සම්බන්ධයෙන් යේසු පැවසූ දෙය වෙත 1995 නොවැම්බර් 1 “මුරටැඹ” අවධානය යොමු කළා. මින් අදහස් කරන්නේ, 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වාද යන්න ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා කියන එකද?

මුරටැඹ සඟරාවේ එම සාකච්ඡාව, 1914 පිළිබඳ අපේ මූලික ඉගැන්වීම ගැන කිසිදු වෙනසක් ඉදිරිපත් කළේ නැහැ. යේසු, තම රාජ්‍ය බලයෙන් පැමිණ සිටීම සලකුණු කරන ලකුණ සඳහන් කරනවා. වර්ෂ 1914 පටන් මේ ලකුණ ඉටු වෙමින් තිබෙන බවට අපිට එමට සාක්ෂි තියෙනවා. යුද්ධ, සාගත, වසංගත, භූමිකම්පා සහ අනික් සාක්ෂි පිළිබඳ සත්‍යයන්, 1914 පටන් යේසු දේවරාජ්‍යයේ රජු හැටියට ක්‍රියාශීලීව සිට ඇති බවට ස්ථිරත්වයක් සපයනවා. මින් අඟවන්නේ, අපි එදා පටන් දේවල පිළිවෙළේ අවසානයෙහි සිටින බවයි.

එසේනම්, මුරටැඹ පැහැදිලි කරමින් සිටියේ මොකක්ද? හොඳයි, මේකට යතුර තමයි, මතෙව් 24:34 “පරම්පරාව” කියන වචනය පාවිච්චි කළේ මොන අර්ථයෙන්ද කියන එක. එම කොටස මෙහෙම කියනවා: “මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.” යේසුගේ මෙන්ම අපේ දවස්වලදී “පරම්පරාව” කීමෙන් යේසු අදහස් කළේ මොකක්ද?

යුදෙව් නායකයන් හෝ යේසුගේ පක්ෂපාත ගෝලයන් පමණක් අදහස් කරන, යම් කුඩා හෝ විශේෂ කණ්ඩායමක් සම්බන්ධයෙන් ඔහු “පරම්පරාව” යන වදන පාවිච්චි නොකළ බවට බොහෝ ශුද්ධ ලියවිලි පද ස්ථිර කරයි. ඒ වෙනුවට, ඔහු “පරම්පරාව” පාවිච්චි කළේ තමාව ප්‍රතික්ෂේප කළ යුදෙව්වන්ගේ විශාල පිරිසක් හෙළාදකින්නයි. එහෙත්, සන්තෝෂයට කරුණක් නම්, පේතෘස් පෙන්තකොස්ත දවසේදී උදක්ම ඉල්ලූ දෙය කරන්න පුද්ගලයන්ට පුළුවන් වීමයි; එනම් පසුතැවිලි වී, “මේ වංක පරම්පරාවෙන් ගැළ[වීම].”—ක්‍රියා 2:40.

එසේ ප්‍රකාශ කරද්දී, පේතෘස් පැහැදිලිවම යම් නියමිත වයස් සීමාවකට හෝ කාලපරිච්ඡේදයකට යොමු දක්වන්නේවත්, “පරම්පරාව” එක්තරා දිනයකට සම්බන්ධ කරන්නේවත් නෑ. යේසු උපන් වසරේ ඉපදුණ පරම්පරාවෙන්වත්, පො.යු. 29දී ඉපදුණ පරම්පරාවෙන්වත් ජනයා ගැළවිය යුතු බවක් ඔහු පැවසුවේ නෑ. පේතෘස් පවසමින් හිටියේ ඒ කාලපරිච්ඡේදයේ සිටි නොඇදහිලිවන්තයන් ගැනයි—එනම් යේසුගේ ඉගැන්වීම් අහන්න ලැබුණු, ඔහුගේ ප්‍රාතිහාර්යයන් දැක හෝ අසා තිබුණු නමුත් ඔහුව මෙසියස් හැටියට පිළි නොගත්, සමහරවිට හුඟක් යෞවනව සිටි අය නැත්නම් මහලුව සිටි වෙනත් අය ගැනයි.

පේතෘස් සහ තවත් ප්‍රේරිතයන් තුන්දෙනෙක් යේසු සමඟ ඔලීව කන්දේ සිටිද්දී, යේසු පැවසූ “පරම්පරාව” පේතෘස් තේරුම්ගත්තේ පැහැදිලිවම ඒ ආකාරයෙනුයි. යේසුගේ අනාවැකිමය ප්‍රකාශයට අනුව, ඒ කාලපරිච්ඡේදයේ සිටි යුදෙව්වන්—ප්‍රධාන වශයෙන් යේසුගේ සමකාලීනයන්—යුද්ධ, භූමිකම්පා, සාගත හා යුදෙව් පිළිවෙළ නිම වෙන්න ළඟ බවට ඇති වෙනත් සාක්ෂි ගැන අහන්න හෝ අද්දකින්නයි හිටියේ. ඇත්තවශයෙන්ම, පො.යු. 70දී අවසානය පැමිණෙන්න පෙර ඒ පරම්පරාව පහව ගියේ නෑ.—මතෙව් 24:3-14, 34.

අපි හැමවිටම ඒ අර්ථයෙන්ම යේසුගේ වචන තේරුම්ගත්තේ නැති බව පිළිගත යුතුයි. අවසානය පැමිණෙන්නේ කවදාද කියලා ස්ථිර දිනයක් දැනගන්න වුවමනා වීමේ නැඹුරුවාවක් අසම්පූර්ණ මනුෂ්‍යයන්ට තියෙනවා. ප්‍රේරිතයන් පවා “ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙන[වාද]” යයි අසමින් වඩාත් නිශ්චිත දවසක් දැනගන්න හැදුව බව සිහියට නඟන්න.—ක්‍රියා 1:6, ඇල අකුරු අපේ.

එවැනිම අවංක අභිලාෂයකින්, දෙවිගේ නවීනදින සේවකයන් 1914 සිට යම් නිශ්චිත කාලයක් ගණන් කරමින් “පරම්පරාව” ගැන යේසු පැවසූ දෙයින් යමක් උකහාගන්න වෑයම් කර තිබෙනවා. නිදසුනක් වශයෙන්, පළමු ලෝක යුද්ධයේ හා වෙනත් සිදුවීම්වල අර්ථය ග්‍රහණය කරගන්න තරම් ප්‍රමාණවත් වයසක ජනයාගෙන් සැදි පරම්පරාවක් අවුරුදු 70ක් හෝ 80ක් විය හැකියි යන්න එක තර්කයක්; මෙලෙස අවසානය කොයිතරම් ළඟද කියා දළ වශයෙන් ගණනය කරන්න අපිට පුළුවන්.

කොහොමවුණත්, එවැනි තර්කයන් කොතරම් හොඳ අර්ථයක් ඇතුව ඉදිරිපත් කළද, ඒවා යේසු දුන් උපදෙසට එකඟද? යේසු මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. . . . අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එ[න්නේ]දැයි නුඹලා දන්නේ නැත.”—මතෙව් 24:36-42.

ඒ නිසා “මේ පරම්පරාව” සම්බන්ධයෙන් මුරටැඹ සඟරාවේ මෑත තොරතුරු, 1914දී සිද්ධ වුණ දේ පිළිබඳ අපේ වටහාගැනීම වෙනස් කළේ නෑ. ඒත් ඒක අපිට “පරම්පරාව” යන යේසුගේ යෙදුම පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා; ඒ වගේම ඔහු එම යෙදුම පාවිච්චි කළේ, 1914 සිට ගණන් කරලා බැලුවොත් අපි අවසානයට කොයි තරම් ආසන්නව ඉන්නවාද කියලා බලන්න පදනමක් හැටියට නොවන බව තේරුම්ගන්න අපිට එය උපකාර කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න