ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 6/15 3 පි.
  • බයිබලය අසමසම පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය අසමසම පොතක්
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවි ඔහුගේ අරමුණු හෙළි කර තිබේ
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • බයිබලයේ කර්තෘ කවුද?
    2007 පිබිදෙව්!
  • බයිබලය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලැබුණු පොතක්ද?
    2017 පිබිදෙව්!
  • දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලය
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 6/15 3 පි.

බයිබලය අසමසම පොතක්

එය ලෝකයේ වැඩියෙන්ම අළෙවි වන පොත ලෙස හැඳින්වූ අතර, එසේ කිරීම වැරදි දෙයක් වුණේ නැහැ. වෙන කිසිම පොතකට වඩා බයිබලය කියවා, ආදර භක්තියෙන් රැකබලාගෙන තියෙනවා. මේ වන විට පිටපත් බිලියන හතරක්, 2,000කට වැඩි භාෂා ගණනකින් (සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන්) බෙදාහැර තියෙන බව ඇස්තමේන්තු කර තියෙනවා.

කෙසේවෙතත්, බයිබලය බෙදාහැර තියෙන ප්‍රමාණයට වඩා එහි දිව්‍යමය වූ කර්තෘත්වය උනන්දුව පුබුදුවනවා. “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල” කියා ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මේ ගැන ලිව්වා. (2 තිමෝති 3:16) මෙයින් අදහස් කරන්නේ මොකක්ද? ‘දේවානුභාවය’ කියන වාක්‍ය ඛණ්ඩය (ග්‍රීක්, ති·ඔʹ නියූ·ස්ටොස්) වචනාර්ථයෙන් ගත් විට “දෙවි හුස්ම හෙළුවා” යන්න අදහස් කරනවා. මීට නෑකම් කියන ග්‍රීක් වචනයක් වන නියූʹමා, “ආත්මය” යන්න අදහස් කරනවා. මේ අනුව, නිමි භාණ්ඩය, මිනිසුන්ගේ වචනය නොව නමුත් දෙවිගේ වචනය හැටියට එහි සැබෑ අයිතිය හඳුන්වා දීම සඳහා, දෙවිගේ ශුද්ධාත්මය මිනිස් ලේඛකයන්ව පෙලඹෙව්වා නැත්නම් ඔවුන් මත හුස්ම හෙළුවා. සැබවින්ම බයිබලය පාඩම් කළ බොහෝදෙනෙක් එහි සමස්ත එකඟතාව, විද්‍යාත්මක නිරවද්‍යතාව, ලේඛකයන්ගේ අවංක මෙන්ම ඍජුභාවය සහ වඩාත්ම වැදගත් දෙය වන ඉටු වූ අනාවැකි ගැන පුදුම වෙනවා—මේ සෑම කාරණයක්ම, මේ පොත මිනිසාට වඩා උසස් ප්‍රභවයකින් ලැබූ බවට මිලියන ගණන් කල්පනාකාරි පාඨකයන්ට අවබෝධ කරගන්න සලස්වා තියෙනවා.a

බයිබලය ලිවීමට මඟ පෙන්වීම සඳහා දෙවි ඉතා කිට්ටු අවධානයක් යොමු කළේ කොහොමද? බයිබලය ලියාගැනීමට හැකි වන පිණිස ඔහු වචනයක් වචනයක් පාසා කියෙව්වා කියා සමහරු කියනවා. වචන වෙනුවට බයිබලයේ ඇති අදහස්වලට විතරක් ඔහු ආනුභාවය දුන්නා කියා වෙනත් අය කියනවා. කොහොම වුණත් යථාර්ථය දිහා බලද්දී, ආනුභාවසම්පන්න දෙයක් එක ක්‍රමයකට විතරක් සීමා වෙන්න බැහැ. ඒකට හේතුව දෙවි ‘බොහෝ අන්දම්වලින් ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කතා’ කිරීමයි. (හෙබ්‍රෙව් 1:1, ඇල අකුරු අපේය; සසඳන්න 1 කොරින්ති 12:6.) බයිබලය රචනා කළ ලේඛකයන් 40දෙනෙකුට විතර දෙවි කතා කළ ක්‍රම, අපි ඊළඟ ලිපිවලදී පරීක්ෂා කර බලනවා.

[පාදසටහන]

a තවදුරටත් විස්තර සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 53-4 සහ 98-161 දක්වා පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න