වියවුල මැද ක්‍රිස්තු ධර්මය ක්‍රියාත්මක වී
සියල්ල පටන්ගත්තේ 1994 අප්‍රියෙල්වල දිනෙක හදිසියෙන්. ගුවන් අනතුරකින් බුරුන්ඩි හා රුවන්ඩාවේ ජනාධිපතිවරු මරණයට පත් වුණා. පැය කීපයක් ඇතුළත තැතිගන්වන තරමේ ප්රචණ්ඩකාරිත්වයකින් රුවන්ඩාව වෙළාගත්තා. මාස තුනකට ටිකකට වැඩි කාලයකදී, රුවන්ඩා වැසියන්—පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන්—5,00,000කට වඩා මරණයට පත් වුණා. සමහරෙකු මේ කාලපරිච්ඡේදයට යොමු දැක්වුවේ “ජාති ඝාතනය” හැටියටයි.
බුරුවන්ඩා වැසියන් මිලියන 7.5න් අඩකට පලා යන්න සිදු වුණා. අසල්වැසි රටවලින් සරණ සෙවූ මිලියන 2.4ක් මීට ඇතුළත් වුණා. නවීන ඉතිහාසයේ විශාලතම හා වේගවත්ම සරණාගත නික්මීම එය වුණා. සයරේහි (දැන් කොංගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව), ටැන්සානියාවේ සහ බුරුන්ඩිවල හදිසියේම සරණාගත කඳවුරු පිහිටෙවුවා. ලෝකයේ මෙම විශාලතම කඳවුරුවලින් සමහරක් 2,00,000ක ජනතාවකට සෙවන ලබා දුන්නා.
තම ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නාවූ සාමයට ලැදි ජනකායක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝමයක් මෙම සරණාගතයන් අතර සිටියා. ඔවුන් මොන දේශයක ජීවත් වුණත්, ඔවුන් දැඩි මධ්‍යස්ථභාවයක් පවත්වාගන්න අතර, යෙසායා 2:4හි මෙම වචනවල අන්තර්ගත ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පුළුල් ලෙස පිළිගෙන තිබෙන්නේ, රුවන්ඩාවේ ජාති ඝාතනයෙහි සහභාගි නොවූ ආගමික කණ්ඩායමක් වශයෙන්.
තම අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවේ’ කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. කෙසේවුවත්, ඔවුන් සිටින්නේ ‘ලෝකයේ’ නිසා, ජාතීන්ගේ වියවුලෙන් ඔවුන්ට සැමවිටම බේරී සිටිය නොහැකියි. (යොහන් 17:11, 14) රුවන්ඩාවේ ජාති ඝාතනයේදී, සාක්ෂිකරුවන් 400දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වුණා. සාක්ෂිකරුවන් සහ රාජ්‍ය පණිවිඩය කෙරෙහි උනන්දුමත් පුද්ගලයන් 2,000ක් පමණ සරණාගතයන් බවට පත් වුණා.
ලෝකයේ කොටසක් නොවීමෙන් අදහස් කරන්නේ විපත්ති පහර දෙන විට යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිසිවක් නොකරන බවද? නැහැ. දෙවිගේ වචනය මෙසේ පවසනවා: “සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරීලාය.” (යාකොබ් 2:15-17) තම ආගමික මතයන් පිළි නොගන්න අයටත් උපකාර කිරීමට අසල්වැසි ප්‍රේමය සාක්ෂිකරුවන්ව පොලඹවනවා.—මතෙව් 22:37-40.
රුවන්ඩාවේ විපත්ති තත්වයට මුහුණ දෙන තම සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැඩි ආශාවක් දැක්වුවත්, සහනාධාර සැපයීමේ ප්රයත්නය සංවිධානය කිරීමට පැවරුවේ බටහිර යුරෝපයටයි. වර්ෂ 1994 ගිම්හානයේදී, යුරෝපයේ සාක්ෂිකාර ස්වේච්ඡා සේවක කණ්ඩායමක්, අප්‍රිකාවේ සිටින තම ක්‍රිස්තියානි සහෝදර, සහෝදරියන්ට උපකාර කිරීමට නොපමාව පිටව ගියා. රුවන්ඩාවේ සරණාගතයන් සඳහා මනා-සංවිධානාත්මක කඳවුරු සහ තාවකාලික රෝහල් පිහිටුවා තිබුණා. වෙනත් මාධ්‍යයන්වලින් ඔවුන්ට ඇඳුම්, බ්ලැන්කේට්ටු, ආහාර සහ බයිබල් පොත් පත් ගුවනින් එව්වා නැතහොත් නැව්ගත කළා. පීඩිත පුද්ගලයන් 7,000කට වැඩිදෙනෙක්—ඒ වන විට රුවන්ඩාවේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගණන මෙන් තුන්ගුණයකට ආසන්න සංඛ්‍යාවක්—සහනාධාර ප්රයත්නයෙන් ප්‍රයෝජන ලැබුවා. එම අවුරුද්දේ දෙසැම්බර් වන විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් ඇතුළු සරණාගතයන් දහස්ගණනක්, තමන්ගේ ජීවිත යළි ගොඩනැඟීමට රුවන්ඩාව බලා නැවතත් පැමිණියා.
කොංගෝහි යුද්ධය
වර්ෂ 1996දී, කොංගෝ සමූහාණ්ඩු ජනරජයේ නැඟෙනහිර ප්‍රදේශයෙහි යුද්ධය හටගත්තා. රුවන්ඩාව සහ බුරුන්ඩි මේ ප්‍රදේශයේ සීමායි. යළිත් ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදු වුණා. වෙඩි උණ්ඩ අධි වේගයෙන් එල්ල වෙද්දී හා ගම්මාන ගිනිගනිද්දී ජනයා පණ කෙන්ද රැකගෙන පලා ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වියවුලට හසු වූ අතර 50දෙනෙක් පමණ මියගියා. සමහරු අහක යන වෙඩි උණ්ඩවලින් මරණයට පත් වුණා. වෙනත් අයව මරණයට පත් කරනු ලැබුවේ ඔවුන් විශේෂිත ජනවාර්ගික කණ්ඩායමකට අයත් වූ නිසා නැත්නම් සතුරන් කියා වරදවා වටහාගත් නිසයි. සාක්ෂිකරුවන් 150ක් ජීවත් වූ එක් ගම්මානයක් ගින්නෙන් විනාශ වී ගියා. තවත් ගම්මානවල නිවාස විශාල සංඛ්‍යාවක් සහ සමහර රාජ්‍ය ශාලා ගිනිබත් කර දැමුවා. නිවාස සහ දේපොළ අහිමි වූ සාක්ෂිකරුවන් වෙනත් ප්‍රදේශවලට පලා ගිය අතර, එහි සිටින සෙසු සාක්ෂිකරුවන් ඔවුන්ට උපකාර කළා.
ඵල භෝග විනාශ වී යන නිසා, වෙන් කර තැබූ ආහාර සොරකම් කරන නිසා මෙන්ම සැපයුම් මාර්ග වසා දමන නිසා යුද්ධයෙන් පසු සාගින්න හටගනී. ගත හැකිව තිබෙන ආහාරවල මිල අධිකයි. 1997 මැයි පටන්ගන්නා විට කිසන්ගානිවල, අල කිලෝග්‍රෑමයක් රුපියල් 180ක් පමණ වූ අතර වැඩි ජනතාවකට එය දැරිය නොහැකි මිලක් වුණා. වැඩිදෙනෙකුට දවසකට එක ආහාර වේලක් ගැනීමට පමණයි හැකියාව තිබුණේ. සාගතයෙන් පසු රෝග හටගන්නා බව අමුතුවෙන් කිව යුතු නෑ. මැලේරියාව, පාචන රෝග සහ ආමාශයික ගැටලු වැළැක්වීමට ශරීරයට ඇති හැකියාව මන්දපෝෂණය මගින් දුර්වල කරවනවා. විශේෂයෙන්ම දරුවන් එයින් පෙළී මියයනවා.
අවශ්‍යතා තක්සේරු කිරීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවශ්‍යතාවට යළිත් නොපමාව ප්‍රතිචාරය දැක්වුවා. වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සාක්ෂිකාර සහනාධාර කණ්ඩායමක්, 1997 අප්‍රියෙල් වන විට ඖෂධ සහ මුදල් රැගෙන ගුවනින් ආවා. වහාම ආධාර සැපයීමට හැකි වන පිණිස තත්වය තක්සේරු කර බැලීමට ගෝමාහි ප්‍රාදේශීය සාක්ෂිකරුවන් මේ වන විටත් සහනාධාර කමිටු සංවිධානය කර තිබුණා. කණ්ඩායම නගරයේ සහ අවට ප්‍රදේශවල තත්වය සෝදිසි කර බැලුවා. ඉතා ඈත ස්ථානවලින් වාර්තා ලබාගැනීමට පණිවුඩකරුවන් යවනු ලැබුවා. ගෝමාවට බටහිරෙන්, කිලෝමීටර් 1,000කට වැඩි ඈතකින් පිහිටි කිසන්ගානිවලින්ද තොරතුරු ලබාගත්තා. සාක්ෂිකරුවන් 700දෙනෙක් පමණ වෙසෙන ගෝමාවල, සහනාධාර සැපයීමේ ප්රයත්නයන් සංවිධානය කිරීමට ප්‍රාදේශීය සහෝදරයන් උපකාර කළා.
ගෝමාවල එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා: “අපිට උපකාර කරන්න එච්චර දුර ඉඳන් ආව අපේ සහෝදරයන්ව දකින්න අපි හුඟක් ආශා කළා. ඔවුන් එන්න කලින්, අපි එකිනෙකාට උපකාර කළා. සහෝදරයන්ට පිටිසරබද පළාත්වලින් ගෝමාවලට පලා එන්න සිද්ධ වුණා. සමහරුන්ට ඔවුන්ගේ නිවාස අහිමි වී තිබුණ අතර ඔවුන් තම කෙත් අත්හැර ගියා. අපි ඔවුන්ව අපේ නිවෙස්වලට පිළිගත්තා; අපේ ඇඳුම් හා අපිට තිබුණ ආහාර ස්වල්පය බෙදාගත්තා. ප්‍රාදේශීය වශයෙන් අපිට වැඩි යමක් කරන්න බැරි වුණා. අපෙන් සමහරු මන්දපෝෂණයෙන් පෙළුණා.
“කොහොමවුණත්, යුරෝපයෙන් ආව සහෝදරයන් ගෙනාව මුදල්වලින්, හිඟ, ඒ වගේම මිල හුඟක් අධික වෙලා තිබුණ ආහාර මිල දී ගන්න අපට පුළුවන් වුණා. බොහෝදෙනෙක්ට ඔවුන්ගේ නිවාසවල කන්න කිසිම දෙයක් තිබුණේ නැති අවස්ථාවේ, ආහාර පැමිණියේ නියම වෙලාවටයි. සාක්ෂිකරුවන්ටත්, සාක්ෂිකරුවන් නොවූ අයටත් අපි ආහාර බෙදුවා. අවශ්‍ය වෙලාවට උපකාරය නොලැබුණා නම් තව හුඟදෙනෙක්, විශේෂයෙන්ම දරුවන් මියයන්න තිබුණා. යෙහෝවා ඔහුගේ සෙනඟව ගැළෙව්වා. සාක්ෂිකරුවන් නොවූ අයගේ සිත් හුඟක් ඇදිලා ගියා. අපේ සමඟිය හා ප්‍රේමය ගැන බොහෝදෙනෙක් අදහස් පළ කළා. අපේ ආගම සැබෑ ආගම කියලා සමහරු පිළිගත්තා.”
ප්‍රාදේශීය වශයෙන් ආහාර මිල දී ගැනීමට හා බේත් හේත් කිරීමට හැකි වුවත්, තව බොහෝ දේ අවශ්‍යව තිබුණා. ඇඳුම් සහ බ්ලැන්කේට්ටු මෙන්ම ආහාර සහ ඖෂධ විශාල ප්‍රමාණයක් සඳහා අවශ්‍යතාවක් තිබුණා. විනාශ වී ගිය නිවාස යළි ගොඩනැඟීමට සහාය දීමත් අවශ්‍යව තිබුණා.
ජනයා ත්‍යාගශීලීව දෙයි
යුරෝපයේ සහෝදරයන් නැවතත් උපකාර කිරීමට මහත් ආශාවකින් සිටියා. ප්‍රංශයේ ලූවියේහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලය, රෝන් වැලි, නෝමන්ඩි සහ පැරිසියේ ප්‍රදේශයක සභාවලට අවශ්‍යතාව දැනුම් දුන්නා. මෙහිදී තවත් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා: “මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට [දෙවි ප්‍රේම කරන්නේය].”—2 කොරින්ති 9:6, 7.
දහස්ගණන්දෙනෙක් දීමේ ප්‍රස්තාව ප්‍රීතියෙන් අල්ලගත්තා. ඇඳුම්, සපත්තු සහ වෙනත් භාණ්ඩවලින් සමන්විත පෙට්ටි හා මලු රාජ්‍ය ශාලාවලට ගලා ආ අතර, ඉන්පසු ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ප්රවාහණය කරනු ලැබුවා. “සයරේ උපකාර” ව්‍යාපෘතියේ ඊළඟ පියවරෙහි කොටස්කරුවන් වීමට ස්වේච්ඡා සේවකයන් 400දෙනෙක් සූදානම්ව සිටියා. පරිත්‍යාග භාණ්ඩ ගලා එද්දී, මේ ස්වේච්ඡා සේවකයන් ඇඳුම් වෙන් කර, නවා, පෙට්ටිවල අසුරා, බඩු අදින ලෑල්ලක 30 බැගින් අඩුක් කළා. දරුවන් අප්‍රිකාවේ සිටින තම බාල සහෝදර සහෝදරියන් ගැන සිතා සෙල්ලම් බඩු—දිලිසෙන සෙල්ලම් කාර්, බඹර, බෝනික්කන් සහ සෙල්ලම් වලසුන්—එවා තිබුණා. ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සමඟ මේවාත් අසුරා තිබුණා. සමස්තයක් වශයෙන් ගත් කල, මීටර් 12 කන්ටේනර නවයක් පුරවා, කොංගෝවලට නැව්ගත කරනු ලැබුවා.
බෙල්ජියමේ, ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ සාක්ෂිකරුවන් දහස්ගණනකගේ උපකාරය සමඟින් මධ්‍යම අප්‍රිකාවට කොපමණ ආධාර යවා ඇද්ද? වර්ෂ 1997 ජූනි වන විට මුළු ප්‍රමාණය වුණේ ඖෂධ කිලෝග්‍රෑම් 500ක්, අධි-ප්‍රෝටීන බිස්කට් ටොන් 10ක්, වෙනත් ආහාර ටොන් 20ක්, ඇඳුම් ටොන් 90ක්, සපත්තු ජෝඩු 18,500ක් සහ බ්ලැන්කේට්ටු 1,000ක්. බයිබල් පොත් පත්ද ගුවනින් ආවා. මේ සියල්ල කෙරෙහි ඉමහත් අගයක් දැක්වූ අතර, එය සරණාගතයන්ට අස්වැසිල්ලක් හා ඔවුන්ගේ පරීක්ෂා විඳදරාගන්න ආධාරකයක් වුණා. සැපයුම්වල වටිනාකමේ එකතුව රුපියල් 6,00,00,000කට ආසන්නයි. යෙහෝවාට සේවය කරන අය අතර සහෝදරත්වය හා ප්‍රේමය තිබෙන බවට එවැනි සම්මාදම් සාක්ෂියක් වුණා.
කොංගෝහි බෙදාහැරීම
කොංගෝ වෙත භාණ්ඩ ළඟාවීමට පටන්ගත් විට, ප්‍රාදේශීය සහනාධාර කමිටු සමඟ වැඩ කිරීමට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් ප්‍රංශයෙන් පැමිණියා. කොංගෝ ජාතික සාක්ෂිකරුවන් දැක්වූ කෘතඥතාව සම්බන්ධයෙන් ජාස්ලන් මෙසේ පැවසුවා: “අගය කිරීමේ ලිපි ගොඩක් අපිට ලැබුණා. දුප්පත් සහෝදරියක් මට මැලකයිට් විසිතුරු භාණ්ඩයක් දුන්නා. අනිත් අය අපිට ඔවුන්ගේම පින්තූරු දුන්නා. අපි පිටත් වෙද්දී, සහෝදරියන් මාව සිපගත්තා; වැලඳගත්තා; ඒ වගේම ඇඬුවා. මමත් ඇඬුවා. ‘යෙහෝවා හොඳයි. යෙහෝවා අපි ගැන හිතනවා’ කියා බොහෝදෙනෙක් අදහස් ප්‍රකාශ කළා. මේ දීම සඳහා ප්‍රශංසාව අයිති දෙවිට බව ඔවුන් තේරුම්ගත්තා. අපි ආහාර බෙදාහරිමින් ඉන්න කොට, සහෝදර සහෝදරියන් රාජ්‍ය ගීතිකා ගායනා කරමින් යෙහෝවාට ප්‍රශංසා කළා. ඒක හිත පොලඹවන දෙයක්.”
ලොයික් නම් වෛද්‍යවරයෙක් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටියා. බොහෝදෙනෙක් රාජ්‍ය ශාලාවට එක්රොක් වී, ඔහුගේ උපකාරය ලැබීමට තම වාරය එන තෙක් ඉවසිලිවන්තව බලා සිටියා. තමනුත් යමක් කළ යුතුයි කියා සිතූ කොංගෝ ජාතික සහෝදරියක්, වෛද්‍යවරයා හමුවීමට බලා සිටි අයට රසකැවිලි වර්ගයක් වන ඩෝනට් 40ක් පමණ සාදා බෙදුවා. අසූදෙනෙකු පමණ බලා සිටි නිසා, හැමකෙනෙකුටම ලැබුණේ ඩෝනට් භාගයයි.
සාක්ෂිකරුවන් නොවූවන්ට ආධාර
මේ මානව හිතවාදී ආධාර දුන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පමණක්ම නොවේ. වර්ෂ 1994දී බොහෝදෙනෙක් ප්‍රයෝජන ලැබුවා හා සමානවම, වෙනත් අයත් ප්‍රයෝජන ලැබුවා. මෙය ගලාති 6:10ට එකඟ වන අතර එහි මෙසේ පවසයි: “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.”—ඇල අකුරු අපගේය.
ප්‍රාථමික පාසැල් කීපයකට සහ ගෝමා කිට්ටුව පිහිටි අනත්දරු නිවාසයකට සාක්ෂිකරුවන් ඖෂධ සහ ඇඳුම් බෙදා දුන්නා. අනත්දරු නිවාසයේ දරුවෝ 85දෙනෙක් සිටියා. තත්වය තක්සේරු කිරීමට කලින් පැමිණි වතාවක, සහනාධාර කණ්ඩායම අනත්දරු නිවාසය බැලීමට ගොස්, ඔවුන්ට අධි-ප්‍රෝටීන බිස්කට් පෙට්ටි 50කුත්, ඇඳුම් පෙට්ටිත්, බ්ලැන්කේට්ටු 100කුත්, ඖෂධ සහ සෙල්ලම් බඩුත් සපයන බවට පොරොන්දු වුණා. දරුවන් මිදුලේ පෙළගැසී අමුත්තන් වෙනුවෙන් ගී ගැයුවා. ඉන්පසු ඔවුන් විශේෂ ඉල්ලීමක් කළා—ඔවුන්ට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න පාපන්දුවක් ලබා දෙන්න පුළුවන්ද?
සති කීපයකට පසු, සහනාධාර කණ්ඩායම සැපයුම් ගෙන එන බවට වූ තම පොරොන්දුව ඉෂ්ට කළා. පරිත්යාගශීලීබවෙන් සහ ඔහුට ලැබී තිබුණ බයිබල් පොත් පත් කියවීමෙන් සිත ඇදීගිය අනත්දරු නිවාස අධ්‍යක්ෂක කියා සිටියේ, තමා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීම කරා ගමන් කරමින් සිටින බවයි. තවද දරුවන්ට පාපන්දුවක් දෙනු ලැබුවාද? “නෑ” යයි ප්‍රංශයෙන් පැමිණි සහනාධාර කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරියා වූ ක්ලෝඩ් පිළිතුරු දුන්නා. “අපි ඔවුන්ට පාපන්දු දෙකක් දුන්නා.”
සරණාගත කඳවුරු
කොංගෝවලට පමණක් ආධාර සීමා වුණේ නෑ. හදිසියේම පිහිටෙවූ සරණාගත කඳවුරු තුනක් ඇති අසල්වැසි රටකට, සරණාගතයන් දහස්ගණනක් යුධ කලාපයේ සිට පලාගොස් තිබුණා. කළ හැකි යමක් තිබේදැයි බැලීම සඳහා සාක්ෂිකරුවන් එහාටත් ගියා. මේ වාර්තාව සූදානම් කළ විට, කඳවුරුවල සරණාගතයන් 2,11,000දෙනෙක් සිටි අතර වැඩිහරියක් කොංගෝවලින් පැමිණි අයයි. අටසීයක් පමණ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ දරුවන් මෙන්ම රාජ්‍ය පණිවිඩයේ ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දැක්වූ පුද්ගලයන්. කඳවුරුවල ලොකුම ගැටලුව වී තිබුණේ ආහාර හිඟකමයි. එක කඳවුරක, ප්‍රමාණවත් ආහාර තිබුණේ දවස් තුනකට පමණක් වූ අතර, ඒවාට වසර-තුනක්-පරණ බෝංචි ඇතුළත්ව තිබුණා.
කොහොමනමුත්, සාක්ෂිකරුවන් ප්‍රීතියෙන් සිටියා. ඔවුන්ට තිබුණේ බයිබල් පොත් පත් ස්වල්පයක් වුවත්, තමන්ගේ ආත්මිකත්වය නඟාසිටුවීමට ඔවුන් නිතිපතා එළිමහනේ රැස්වීම් පැවැත්වුවා. කඳවුරුවල සිටින අනිත් අයට දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහිද ඔවුන් කාර්ය බහුලව සිටියා.—මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25.
සාක්ෂිකරුවන්ගේ සෝදිසි කණ්ඩායමට වෛද්‍යවරයෙක් ඇතුළත්ව සිටියා. එක් එක් කඳවුරෙහි ගත කිරීමට අධිකාරීන් ඔවුන්ට ඉඩ දුන්නේ දවස් කීපයකට පමණක් වුවත්, ඔවුන් එහි වෛද්‍ය හමුවීම් පැවැත්තුවා. ඔවුන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ළඟ ඖෂධ සහ මුදල් තැබුවා. මෙලෙස, සහෝදරයන්ට පණ බේරගන්න පුළුවන් වුණා. කඳවුරුවල සිටින සාක්ෂිකරුවන්ට විගස තම මව්බිමට නැවත පැමිණිය හැකියි කියාද ඔවුන් බලාපොරොත්තු වුණා.
අනාගතය ගැන කුමක්ද කිව හැක්කේ? අපේ කාලය බොහෝ සෙයින් වියවුල් කාලයක්, යුද්ධ සහ ආහාර හිඟවලින් සලකුණු වූ කාලයක් වන බව යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළා. (මතෙව් 24:7) දැන් පොළොව මත පවතින වධ වේදනා කෙළවර කරනු ඇත්තේ දේවරාජ්‍යය පමණක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා. එහි පාලනය යටතේ, අපේ භූමික නිවස සාමකාමී, සියල්ලෙන් සපිරි, කීකරු මනුෂ්‍යවර්ගයාට සදා සතුට ගෙනෙන පාරාදීසයක් වනු ඇත. (ගීතාවලිය 72:1, 3, 16) මේ අතරතුර, එම ස්වර්ගික රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම හා අවශ්‍ය කාලවලදී සෙසු නමස්කාරකයන්ට හා වෙනත් අයට දිගටම උපකාර කිරීමද සාක්ෂිකරුවන් විසින් කරනු ඇත.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වර්ෂ 1994 පටන්, යුරෝපයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක්, අප්‍රිකාවේ මහා විල් ප්‍රදේශයට ආහාර, ඇඳුම්, ඖෂධ සහ වෙනත් සහනාධාර සැපයුම් ටොන් 190කට වඩා යවා ඇත
[6වන පිටුවේ කොටුව]
ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාවට නැඟේ
ප්‍රංශයේ “සයරේ උපකාර” ව්‍යාපෘතියෙහි උද්යෝගයෙන් සහභාගි වූ අය අතර රූත් ඩානේ සිටියා. ළමයෙකු ලෙස සිටියදී, ඇගේ ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා ඇය නාට්සි වධක කඳවුරුවල සිරගත වී සිටියා. ඈ මෙසේ ප්‍රකාශ කළා: “අප්‍රිකාවේ සිටින අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කරන්න අපි ඉතා සතුටින් සිටියා! නමුත් මට දෙගුණයක් සතුටු වෙන්න යමක් තිබුණා. අපි 1945දී, ජර්මනියෙන් නැවත ගෙදර ආවට පස්සේ අපිට ඇත්තෙන්ම කිසිම දෙයක් තිබුණේ නෑ. අපි ඇන්ද ඇඳුම් වුණත් ඉල්ලගත්ත ඒවා. නමුත්, වැඩි කල් නොගොස්, අමෙරිකාවේ සිටින අපේ ආත්මික සහෝදරයන්ගෙන් අපිට ද්‍රව්‍යමය උපකාර ලැබුණා. ඉතින් බොහෝ කාලයකට පෙර දැක්වූ එම කරුණාවට ප්රතිකරුණාවක් දක්වන්න මේ සහනාධාර සැපයීමේ වෑයම මට ඉඩ සැලසුවා. ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාවට නංවන සහෝදරයන් සිටින එවැනි විශාල පවුලක කොටස්කරුවෙක් වෙන්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද!”—යොහන් 13:34, 35.
[7වන පිටුවේ පින්තූරය]
ළඟදීම—සියල්ලන්ට බහුලව ඇති භූමික පාරාදීසයක්