ඔබ සර්ව ශුභවාදියෙක්ද නැතහොත් සර්ව අශුභවාදියෙක්ද?
“එය කාලයන්ගේ හොඳම කාලය විය, එය කාලයන්ගේ නරකම කාලය විය, . . . එය අපේක්ෂාවේ වසන්තය විය, එය අපේක්ෂා භංගත්වයේ සිසිරය විය, අප ඉදිරියේ සියල්ලම ඇරී තිබිණ, අප ඉදිරියේ සියල්ලම වැසී තිබිණ.” අ ටේල් ඔෆ් ටූ සිටීස් (නගර දෙකක කතාන්තරය) නම් සාහිත්‍ය කෘතියේ චාර්ල්ස් ඩිකන්ස්ගේ ආරම්භක වදන්, යම් සිද්ධීන් අපේ සිතුවිලිවලට, අපේ හැඟීම්වලට සහ අපේ අපේක්ෂාවලට බලපාන්නේ කෙසේද කියා ඉතා දක්ෂ ලෙස වෙන් කර දක්වනවා.
මෙහි යොමු දැක්වූ නගර දෙක වූයේ, ප්‍රංශ විප්ලවය අවධියේ වියවුලට පත් ලන්ඩනය සහ පැරීසියයි. දහඅටවන සියවසේ හිංසා පීඩාවට පාත්‍ර වූ ප්‍රංශ පුරවැසියන්ට, විප්ලවයේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනය ඇත්තෙන්ම ‘අපේක්ෂාවේ වසන්තයක්’ වුණා. නමුත් ඔංස්යොං රෙෂිම් නැතහොත් නැති වී යමින් තිබූ එරට දේශපාලන ක්‍රමයට පක්ෂව සිටි අයට, එය මරණයට සහ විනාශයට මඟ පෙන්වන ‘අපේක්ෂා භංගත්වයේ සිසිරයක්’ වුණා.
සර්ව ශුභවාදයද නැතහොත් සර්ව අශුභවාදයද? සැමෙකක්ම රඳාපැවතියේ, ඔබ සිටින්නේ කුමන පක්ෂයේද යන්න මතයි. එමෙන්ම එය අදත් එසේමයි.
සියුම් ආත්ම-සෝදිසිය සඳහා කාලයක්
ඔබ සර්ව ශුභවාදියෙක්ද? සැමවිටම හොඳම දේ බලාපොරොත්තුවෙන් ඔබ ජීවිතයේ දීප්තිමත් පැත්ත දකිනවාද? එහෙම නැත්නම් ඔබ සර්ව අශුභවාදී වීමට නැඹුරු වී, ඔබේ දසුන පිළිබඳ නිෂේධාත්මක මතයක් දරමින්, හොඳම දෙය බලාසිටින අතරම, නරකම දෙයත් අපේක්ෂා කරමින් සිටිනවාද?
අවුරුදු හැටකට කලින් අමෙරිකානු නවකතාකරුවෙක් වූ ජේම්ස් බ්රැන්ච් කැබ්ල්, ගැටෙන මෙම දර්ශනයන් දෙක මෙසේ කැටි කර දැක්වූවා: “අප ජීවත්ව සිටින්නේ විසිය හැකි හොඳම මිනිස් ප්‍රජාව තුළයයි සර්ව ශුභවාදියා ප්‍රචාරය කරන අතර, සර්ව අශුභවාදියා මෙය සැබෑවක්දැයි කියා ත්‍රාසයෙන් පසු වෙනවා.” මෙම අදහස අශුභවාදියි කියා ඔබට හැඟෙනවා නම්, පහත ඉදිරිපත් කර ඇති ආකාරයට අද ලෝකය පිළිබඳ අංග තුනක් ගැන විතරක් සාකච්ඡාවට භාජන කරන ආකාරය පරීක්ෂා කර බලන්න. ඉන්පසු ඔබේ ප්‍රතික්‍රියාව විග්රහ කර බලා, ඔබෙන්ම මෙසේ අසන්න: ‘මම සර්ව ශුභවාදියෙක්ද නැත්නම් සර්ව අශුභවාදියෙක්ද?’
සදාකාලික සාමය: ලෝකයේ ගැටලු පවතින ස්ථාන කීයක් ඔබට නම් කරන්න පුළුවන්ද? අයර්ලන්තය, කලින් යුගෝස්ලාවියාව, මැද පෙරදිග, බුරුන්ඩි, රුවන්ඩාව—මේවා පහසුවෙන්ම මතකයට නැඟෙන ඒවායි. කල්පවතින, සමස්ථ ලෝක සාමය සහතික කිරීම සඳහා මේවා සහ අනිකුත් සටන් නැති කර දැමිය හැකිද? ලොව සාමය දෙසට හිස හරවා තිබෙනවාද?
ආර්ථික ස්ථාවරත්වය: වර්ෂ 1999 වන විට මූල්‍ය සංගමයක් පොරොත්තුවෙන්, යුරෝපීය සංගම් රටවල් උද්ධමනය සහ මහජන ණය පිළිබඳ බැරෑරුම් ගැටලුවලට කෙළින්ම මුහුණ දෙනවා. වෙනත් තැන්වල, බොහෝ අමෙරිකානු සහ අප්‍රිකානු ජාතීන්ගේ ආර්ථික ව්‍යූහය, දූෂණය මගින් කා දමා ඇති අතර, උද්ධමනය දරාගත නොහැකි බරක් බවට පත්ව තිබෙනවා; එමෙන්ම ජනවාර්ගික ගැටලු තවමත් මිනිසුන්ව බෙදා වෙන් කරනවා. ලෝක ආර්ථික ස්ථාවරත්වය අත ළඟද?
විරැකියාව: මුළු ශ්‍රම බලකායම රැකියාවේ යෙදවීම තම ඉහළම ප්‍රමුඛත්වය කරගන්න කියා සියලුම දේශපාලන පක්ෂවලින් උදක්ම ඉල්ලා සිටීමට, වර්ෂ 1997 ජාතික මැතිවරණයේදී, අයිතිවාසිකම් පිළිබඳ බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභා එකට එක් වුණා. නමුත් ලෝකයේ, යෙදවිය හැකි ශ්‍රම බලකායෙන් 30%කට ආසන්න ප්‍රමාණයකට රැකියා නැහැ, එහෙමත් නැත්නම් කිරීමට තරම් රැකියා නැහැ; ඉතින් කල්පවතින, කිරීමට ඇති තරම් රැකියා තිබිය හැකිද—විශේෂයෙන්ම තරුණ අය සඳහා?
සර්ව අශුභවාදී ලෙස හැඟීමට කොතරම් පහසුද! එහෙත් එහි දීප්තිමත් පැත්තක්ද ඇති අතර, සර්ව ශුභවාදී මතයක් වර්ධනය කරගත හැක්කේ කෙසේද කියා සලකා බලන්න අප ඔබට ආරාධනා කරනවා.
[3වන පිටුවේ පින්තූරය]
ප්‍රංශ විප්ලවය
[හිමිකම් විස්තර]
Pictorial History of the World යන පොතෙන්