ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 4/15 31 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අලුත් ගිවිසුම මගින් වඩා උතුම් ආශීර්වාද
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉශ්‍රායෙල් ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යය
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනත් බැටළුවන් සහ අලුත් ගිවිසුම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 4/15 31 පි.

ඔබට මතකද?

මෑත මුරටැඹ කලාපවලින් ඔබට ප්‍රායෝගික වටිනාකමක් තිබෙන බව ඔබට දැනී තිබෙනවාද? එහෙමනම් මතු ප්‍රශ්න සම්බන්ධ කරගනිමින් ඔබේ මතකය සෝදිසි නොකරන්නේ මන්ද?

◻ ‘ස්වාමීන්ගේ දවස’ හා ‘යෙහෝවාගේ දවස’ අතර වෙනස කුමක්ද? (එළිදරව් 1:10; යෝවෙල් 2:11)

එළිදරව් 1 සිට 22​වන පරිච්ඡේදය දක්වා විස්තර කර ඇති දර්ශන 16ක හා යේසුගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් ඔහුගේ ගෝලයන් ඇසුව ප්‍රශ්නවලට උත්තර වශයෙන් පුරෝකථනය කළ ප්‍රධාන සිද්ධීන්වල ඉටුවීම ‘ස්වාමීන්ගේ දවසට’ ඇතුළත් වෙනවා. ස්වාමීන්ගේ දවසේ උච්ච අවස්ථාවක් හැටියට, සාතන්ගේ දූෂිත ලෝකය මත යෙහෝවා විනිශ්චය ගෙන එන විට ඔහුගේ භය උපදවන දවස වේගයෙන් මුදාහරින්න යනවා. (මතෙව් 24:3-14, NW; ලූක් 21:11)—12/15, 11වන පිටුව.

◻ මාකාර්යොස් බයිබලයේ කැපීපෙනෙන සමහර දේවල් මොනවාද?

යෙහෝවා යන නාමය මාකාර්යොස් බයිබලයේ වාර 3,500කට වඩා වැඩි ගණනක් දක්නට ලැබෙනවා. රුසියානු ආගමික සාහිත්‍යය පිළිබඳ විශාරදයෙක් මෙසේ පැවසුවා: “පරිවර්තනය හෙබ්‍රෙව් පාඨයට විශ්වාසවන්තව ඇලී සිටින අතර, පරිවර්තනයේදී යොදන භාෂාව නිර්මල මෙන්ම විෂයට ගැළපේ.”—12/15, 27වන පිටුව.

◻ අපව නිදහස් කරන බවට යේසුස් පැවසූ “සැබෑව” කුමක්ද? (යොහන් 8:32)

“සැබෑව” කීමෙන් යේසුස් අදහස් කළේ, දිව්‍යමය ආනුභාවය ලත් තොරතුරුයි—විශේෂයෙන්ම දෙවිගේ කැමැත්ත පිළිබඳ තොරතුරු—එය අප සඳහා රැකී තිබෙන්නේ බයිබලයෙහියි.—1/1, 3වන පිටුව.

◻ නවීන-දින යේහු සහ යෙහෝනාදාබ් කවුද?

යේහුගෙන් යේසුස් ක්‍රිස්තුස්ව නිරූපණය කෙරෙන අතර ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ වන ආලේප ලත් ක්‍රිස්තියානීන් පොළොව මත ඔහුව නියෝජනය කරනවා. (ගලාති 6:16; එළිදරව් 12:16) යෙහෝනාදාබ් යේහුව මුණගැසෙන්න පිටතට පැමිණියාක් මෙන්ම, ජාතීන්ගෙන් “මහත් සමූහයක්” යේසුගේ භූමික නියෝජිතයන්ට සහයෝගය දක්වන්න පිටතට පැමිණ තිබෙනවා. (එළිදරව් 7:9, 10; 2 රාජාවලිය 10:15)—1/1, 13වන පිටුව.

◻ ‘දෙවි සමඟ ගමන් කරමින් සිටීම’ යන්නෙන් අදහස් කළේ කුමක්ද? (උත්පත්ති 5:24; 6:9, NW)

එයින් අදහස් කරන්නේ, ඒනොක් සහ නෝවා වැනි එසේ කරන අය දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක සාක්ෂි සපයන ආකාරයෙන් තමන්ව හසුරුවාගත් බවයි. යෙහෝවා තමන්ට අණ කළ ලෙස ඔවුන් කළ අතර, මනුෂ්‍යවර්ගයා සමඟ දෙවිගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන් දැන සිටි දෙයට එකඟව ඔවුන්ගේ ජීවිත පාලනය කළා.—1/15, 13වන පිටුව.

◻ කෙනෙක් තමාට විය හැකි මරණය සඳහා කලින් සැලසුම් කළ යුත්තේ මන්ද?

එක් අතකින් බලන කල, එවැනි විධිවිධානයන් පිළියෙළ කිරීම, කෙනෙකුගේ පවුලේ අයට දෙන ත්‍යාගයක් වෙනවා. එය ප්‍රේමය තිබෙන බව පෙන්නුම් කරනවා. තවදුරටත් පවුලේ අය සමඟ තමා නොසිටින විට පවා ‘තම නිවසේ සිටින සාමාජිකයන් සඳහා සැපයීමට’ ආශාවක් තිබෙන බව එය ඔප්පු කරනවා. (1 තිමෝති 5:8)—1/15, 22වන පිටුව.

◻ “පරණ ගිවිසුම” ඉටු කළේ කුමක්ද? (2 කොරින්ති 3:14)

එය නව ගිවිසුම සම්බන්ධ පුරෝකථනයන් සැපයූ අතර, එහි නැවත නැවත කළ පූජාවලින් පාපයෙන් හා මරණයෙන් මිදීමට මිනිසාට ඇති අවශ්‍යතාව නිරූපණය කළා. එය “[ක්‍රිස්තුස්] ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී” තිබුණා. (ගලාති 3:24)—2/1, 14වන පිටුව.

◻ නව ගිවිසුම සදාකාලික වී තිබෙන්නේ කුමන ආකාරයකින්ද? (හෙබ්‍රෙව් 13:20)

පළමුව, ව්‍යවස්ථා ගිවිසුම මෙන් නොව කවදාවත් ඒ වෙනුවට තව එකක් පිහිටුවන්න යන්නේ නැහැ. දෙවනුව, එහි ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල නිත්‍යයයි. එමෙන්ම තුන්වෙනුව, දෙවිගේ රාජ්‍යයේ භූමික යටත්වැසියන් දහස් අවුරුදු පාලන සමය පුරා නව ගිවිසුමේ විධිවිධානයෙන් දිගටම ප්‍රයෝජන ගනු ඇත.—2/1, 22වන පිටුව.

◻ කෘතඥපූර්වක වීමෙන් කුමන වාසි ලැබේවිද?

හෘදයෙන්ම කෘතඥපූර්වක වීමෙන් පුද්ගලයෙකු අද්දකින උණුසුම් හැඟීම ඔහුගේ සන්තෝෂයට හා සාමයට දායක වෙනවා. (හිතෝපදේශ 15:13, 15 සසඳන්න.) ඒකාන්ත ගුණාංගයක් වීමෙන් කෘතඥතාව කෙනෙකුව කෝපය, ඊර්ෂ්‍යාව හා අමනාපය වැනි නිෂේධාත්මක හැඟීම්වලින් ආරක්ෂා කරනවා.—2/15, 4වන පිටුව.

◻ ආත්මයෙන්-උත්පාදනය ලද්දවුන්ව ගෙන තිබෙන්නේ කුමන ගිවිසුම් යටතටද?

යෙහෝවා ආත්මික ඉශ්‍රායෙලයේ සාමාජිකයන් සමඟ නව ගිවිසුම පිහිටුවන අතර, යේසු තම අඩිපාරේ යන ආලේප ලත් අනුගාමිකයන් සමඟ රාජ්‍යය සඳහා ගිවිසුමක් පිහිටුවනවා. (ලුක් 22:20, 28-30)—2/15, 16වන පිටුව.

◻ ඉශ්‍රායෙල්වරුන්ට කුමන මහත් මංගල්‍ය තුනට සහභාගි වීමට ආරාධනා කළාද?

මුහුන් නොදැමූ රොටි මංගල්‍යය නීසාන් 14වනදා පැවැත්වූ පාස්කුව පසුවීමත් සමඟම පැවැත්වූවා; නීසාන් 16වනදා සිට 50වන දවසේදී සති මංගල්‍යය පැවැත්වූවා; එක්රැස්වීමේ මංගල්‍යය නැතහොත් පැල් මංගල්‍යය හත්වන මාසයේදී පැවැත්තුවා. (ද්විතීය කථාව 16:1-15)—3/1, 8, 9වන පිටු.

◻ ක්‍රිස්තියානි එක්රැස්වීම්වලට පැමිණීම වරප්‍රසාදයක් වන්නේ මන්ද?

යේසු මෙසේ පැවසුවා: “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.” (මතෙව් 18:20; 28:20) තවද, සභා රැස්වීම් හා විශාල එක්රැස්වීම්, ආත්මික පෝෂණය ලබා දෙන ප්‍රධාන මාර්ගයක්. (මතෙව් 24:45)—3/1, 14වන පිටුව.

◻ නිම්රොද් යන නමේ මූලාරම්භය කුමක්ද?

ප්‍රවීණයන් කීපදෙනෙක්ම නිම්රොද් යන නම උපතේදී දුන් නමක් නොවූ බවට වූ මතය දරනවා. ඒ වෙනුවට, ඔහුගේ කැරලිකාර චරිතය එළිදැකීමට පටන්ගත් පසු ඔහුට දුන් නමක් ලෙස ඔවුන් එය සලකනවා.—3/15, 25වන පිටුව.

◻ මිනිස් සමාජයට පවුල කොයිතරම් වැදගත්ද?

පවුල මිනිස් අවශ්‍යතාවක්. පවුල් විධිවිධානය සෝදාපාළුවට ලක් වන විට, ප්‍රජාවන්ගේ සහ ජාතීන්ගේ ශක්තිය දුර්වල වන බව ඉතිහාසය පෙන්වනවා. එමනිසා සමාජයේ ස්ථාවරත්වයට මෙන්ම දරුවන්ගේ සහ අනාගත පරම්පරාවන්ගේ ශුභසාධනය කෙරෙහි එයට ඍජු බලපෑමක් තිබෙනවා.—4/1, 6වන පිටුව.

◻ බයිබලය දෙවිගේ වචනය බව තහවුරු කරන සාක්ෂි තුන කවරේද?

(1) එය විද්‍යාත්මකව නිවැරදියි; (2) නූතන ජීවිතයට ප්‍රායෝගික වන සදාකාලික ප්‍රතිපත්ති එහි අඩංගු වෙනවා; (3) ඓතිහාසිකමය සැබෑ කරුණු මගින් සනාථ වූ ඉටු වී තිබෙන නිශ්චිත අනාවැකි එහි අඩංගු වෙනවා.—4/1, 15වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න