ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 8/1 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ආවේශ වූ පිරිමි ළමයාව සුව කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 8/1 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මතෙව් 17:20ට අනුව, ‘ප්‍රේරිතයන්ට මද ඇදහිල්ලක් තිබුණ නිසා’ පීඩා විඳි පිරිමි ළමයාව සුව කිරීමට ඔවුන්ට නොහැකි වුණා. කෙසේවුවත්, මාර්ක් 9:29හි, ඔවුන්ගේ නොහැකිකම යාච්ඤාවට සම්බන්ධ කර තිබෙනවා. විවිධ සුවිශේෂ වාර්තාවල විවිධ හේතු දී තිබෙන්නේ මන්ද?

ඇත්තෙන්ම, වාර්තා දෙක එකිනෙකට පටහැනි නොවන නමුත් එකක අඩු දෙයක් අනෙකෙන් පැවසෙනවා. පළමුව, මතෙව් 17:14-20 බලන්න. තම පුතා අපස්මාර රෝගියෙක් බවත්, යේසුගේ ගෝලයන්ට ළමයාව සුව කිරීමට නොහැකි වූ බවත් එක් මනුෂ්‍යයෙක් වාර්තා කළා. එවිට යේසු ළමයාට පීඩා කරමින් සිටි භූතයාව පලවාහරිමින් ඔහුව සුව කළා. ඔවුන්ට භූතයාව පහ කරන්න නොහැකි වුණේ මන්දැයි ගෝලයන් ඇසුවා. මතෙව්ගේ වාර්තාවට අනුව, යේසු මෙසේ පිළිතුරු දුන්නා: “නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි—අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; කිසිවක් නුඹලාට බැරි නොවන්නේය.”—ඇල අකුරු අපගේය.

අපට වැඩි විස්තර සොයාගත හැකි මාර්ක් 9:14-29ට දැන් පෙරළන්න. උදාහරණයක් වශයෙන්, මේ රෝගියා සම්බන්ධයෙන් මාර්ක් 9:17 ඉදිරිපත් කරන කරුණුවලට අනුව අපස්මාර රෝගියෙකු මෙන් වෙව්ලීම් සිදු කළේ දුෂ්ට ආත්මයක් මගින්. යේසු අපස්මාරයෙන් පෙළුණු සහ භූතාත්ම වැහී සිටි අයව සුව කළ බව බයිබලයේ වෙනත් තැන්වල පැවසීම ගැන සලකා බැලීම වටිනවා. (මතෙව් 4:24) මේ අද්විතීය අවස්ථාවේදී, වෙව්ලීම් හටගන්නාවූ මේ රෝග ඇති කළේ, දුෂ්ට ආත්මයක් වූ “ගොළු බිහිරි ආත්මය” විසින් වූ අතර, වෛද්‍ය ලූක් එය ස්ථිර කරනවා. (ලූක් 9:39; කොලොස්සි 4:14) මාර්ක් 9:18හි, “ඒ ආත්මය, [භූතාත්මය] ඔහුට ආවේශවන කොතැනකදී නුමුත්” යන වාක්‍යඛණ්ඩය සලකා බලන්න. එනිසා ඉඳහිට මිසක් භූතයා හැම වෙලාවෙම පිරිමි ළමයාට කරදර කළේ නැහැ. එහෙත්, ගෝලයන්ට භූතාත්මය පහ කළ නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ළමයාව සුව කරන්න බැරි වුණා. ඇයි කියා ඔවුන් ඇසූ විට යේසු මෙසේ පිළිතුරු දුන්නා: “යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවන.”

එනමුත්, මාර්ක්ගේ වාර්තාවේ කියැවෙන දේ පරෙස්සමින් කියවා බැලීමේදී, මතෙව් වාර්තා කළ දෙයෙහි පටහැනිබවක් නැති බව පෙන්වනවා. ඒ පරම්පරාවේ නොඇදහිලිකාරකම ගැන යේසු තැවුණු බව මාර්ක් 9:19හි අපට කියවීමට තිබෙනවා. ඒ වගේම පිරිමි ළමයාගේ පියාට ඔහු පැවසූ දෙය 23වන පදයේ මෙසේ වාර්තා කර තිබෙනවා: “ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට [ඇදහිල්ල තිබෙන්නාට, NW] සියල්ල පුළුවන.” එබැවින් මාර්ක් පවා ඇදහිල්ලේ වැදගත්කම අවධාරණය කරනවා. මාර්ක්, 29වන පදයෙහි අමතර විස්තර සපයනවා පමණයි. යේසු යාච්ඤාව ගැන පැවසූ දේ මාර්ක් එකතු කරන නමුත්, මතෙව්වත්, ලූක්වත් එය ඇතුළත් කළේ නැහැ.

එහෙමනම්, අපිට මොකක්ද කියන්න පුළුවන්? වෙනත් අවස්ථාවලදී ප්‍රේරිතයන් 12දෙනාත්, ගෝලයන් 70දෙනාත් දුෂ්ට ආත්ම පලවාහැරියා. (මාර්ක් 3:15; 6:13; ලූක් 10:17) නමුත් මේ අවස්ථාවේදී භූතාත්මය පහ කරන්න ගෝලයන්ට හැකි වුණේ නැහැ. මන්ද? අපි වෙනස් වාර්තාවල සඳහන් කරුණු සම්බන්ධ කරනවා නම්, අපි නිගමනය කළ යුත්තේ මේ සිද්ධියේදී එසේ කිරීමට ඔවුන් සූදානම්ව නොසිටි බවයි. භූතාත්මයන්ගේ පෞද්ගලිකත්වයන්, උනන්දු වීම් හා හැකියාවන් පවා වෙනස් විය හැකි බව පෙනෙන්න තිබෙන බැවින්, ගැටලුවේ කොටසකට භූතාත්මයේ ස්වභාවය සමහරවිට ඇතුළත්ව තිබෙන්න ඇති. මේ අවස්ථාවේදී, විශේෂයෙන්ම ශක්තිමත් ඇදහිල්ලක් හා දෙවිගේ උපකාරය සඳහා උද්‍යෝගවත්ව යාච්ඤා කිරීම අවශ්‍යව තිබුණා. සැබවින්ම, යේසුට එවැනි ඇදහිල්ලක් තිබුණා. ඔහුට යාච්ඤාවට සවන් දෙන්නාවූ, ඔහුගේ පියාගේ අනුබලයද තිබුණා. (ගීතාවලිය 65:2) භූතාත්මය පහ කිරීමෙන්, පීඩාවට ලක්ව සිටි පිරිමි ළමයාව සුව කිරීමට යේසුට හැකියාව තිබුණා පමණක් නොව, ඔහු එසේ කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න