සත්‍යතාවෙන් දෙවිට නමස්කාර කිරීම
නමස්කාරය දෙවිට පිළිගත හැකිවීමට නම් එය, සත්‍යය මත පදනම් විය යුතුයි. (යොහන් 4:23) සැබෑ නමස්කාරකයන්ව, ‘ජීවමාන දෙවිගේ සභාවට’ අයිති “සැබෑවේ කනුව සහ අත්තිවාරම” ලෙස බයිබලයෙහි හඳුන්වනවා. (1 තිමෝති 3:15) දෙවිගේ සභාවේ සාමාජිකයන් විසින් දෙවිගේ වචනයේ තිබෙන සත්‍යතාව පිළිගන්නවා පමණක් නොවෙයි, නමුත් එයට එකඟව ජීවත් වන අතර එය රැකගන්නවා; ඒ වගේම ලොව පුරා සිටින අයට එය දැනගැනීමට සලස්වනවා. —මතෙව් 24:14; රෝම 10:9-15.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ බයිබල් අධ්‍යාපන වැඩය සම්බන්ධයෙන් හොඳින් ප්‍රසිද්ධව සිටින අතර, දැනට රටවල් 200කටත් වැඩි ප්‍රමාණයක මෙය කරමින් සිටිනවා. ඔවුන් බයිබලය අධ්‍යයනය කරන අතර, මනුෂ්‍ය දර්ශනවාදයන්ගේ බාල කරවන බලපෑමට හසු නොවී එය සත්‍යය වශයෙන් උගන්වනවා. ඔවුන්ගේ බයිබලය මත පදනම් ඉගැන්වීම් ඔබ දැනගෙන සිටිනවාද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව පතුරුවන නිෂේධාත්මක තොරතුරු නිසා බොහෝදෙනෙක් ඔවුන්ට සවන් දීමට පසුබට වෙනවා. නමුත් සාක්ෂිකරුවන් දේශනා කරන දෙය සත්‍යයද නැද්ද කියා තමන්ටම තීරණය කරගැනීමට අවංක හෘද ඇති මනුෂ්‍යයන්ට ආරාධනා කරනවා. එතරම් වැදගත් තීරණයක් අනුන් පතුරුවන දේවල් මත පදනම් විය යුතු නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් සම්බන්ධව පෞද්ගලිකව ගවේෂණය කළ බොහෝදෙනෙක් විපුල ප්‍රයෝජන අත් කරගෙන තිබෙනවා.
සත්‍යය පිළිබඳ දැනුම බිය දුරු කරයි
උදාහරණයකට එව්චේන්යාගේ සිද්ධිය සලකා බලන්න. ඇය හැදී වැඩුණේ තද කතෝලික පවුලකයි. ඇගේ පියා, 1979 මෙක්සිකෝවට පාප්ගේ පැමිණීම සම්බන්ධයෙන් සංවිධායකයෙක්ව සිටියා. මිතුරන් බැහැදකිමින් සිටින අතරතුර එව්චේන්යාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. ඔවුන්ගේ උපකාරය ඇතුව බයිබලය පවසන්නේ කුමක්ද යන්න ගැන වඩාත් පරෙස්සමින් විග්රහ කර බලන්න ඇය පටන්ගත්තා. ඇය මෙසේ සිහිපත් කරනවා: “ඉස්සෙල්ලාම ටිකෙන් ටික භයක් දැනෙන්න පටන්ගත්තා. මම සත්‍යය සොයාගෙන තියෙනවා! නමුත් මේකෙන් අදහස් වුණේ මම කලින් විශ්වාස කරපු හුඟක් දේවල් වැරදි කියන එකයි. මගේ පවුලේ අය, මගේ යාළුවන්, මම ආදරය කළ අය—මේ හැමෝගේම විශ්වාසයන් වැරදියි. මම චකිතයට පත් වුණා. මම අලුතින් හොයාගෙන තිබුණු දෙයට මගේ පවුලේ අය කොහොම ප්‍රතික්‍රියා කරයිද කියලා මගෙන්ම අසාගනිමින් සිටියා. කාලයාගේ ඇවෑමෙන්, යෙහෝවාගේ උපකාරය ඇතුව දරාගන්න අමාරු මෙම අද්දැකීමට මම සකස් වෙන්න පටන්ගත්තා. මම දවසක් දේවධර්මවාදය ගැන මහාචාර්යවරයෙක් වන අපේ පවුලේ මිත්‍රයෙක්ට මෙය විශ්වාසයෙන් යුක්තව කියන්න තීරණය කළා. සත්‍යය සොයාගන්න තියෙන මගේ දැඩි ආශාව ගැන සියල්ල ඔහුට කිව්වා. එතකොට ඔහු මෙහෙම කිව්වා: ‘ඔයාට සත්‍යය දැනගන්න ඕනෙ නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගාවට යන්න.’ ”
එව්චේන්යාට තිබුණු බිය සැබෑ කරමින් ඇගේ පවුලේ අය ඇයව ගෙදරින් පන්නා දැමුවා. කොහොම වුණත් සාක්ෂිකරුවන් ඇයට නොකඩවා ආත්මික උපකාරය දෙමින් සිටියා. ඇය මෙසේ පවසනවා: “මම සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගන්න ශක්තිමත් වුණා. එය සටන් කිරීමට වටින දෙයක් බව මම අවබෝධ කරගත්තා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මාව පිළිගත් ආකාරය මට ඉතාමත් වැදගත් වුණා. මට ක්‍රිස්තියානි සභාව තුළින් ආදරය ලැබුණ බව හැඟුණා. දෙවිගේ සංවිධානයට කිට්ටු වීම, පවුලේ සහයෝගය නැතුව සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගන්න මට උදව් වුණා.”
තවත් උදාහරණයක් සලකා බලන්න. සාබ්රිනා වැඩුණේ පවුලක් වශයෙන් බයිබලය ගැන නිතිපතා සාකච්ඡා කිරීමේ පුරුද්දක් තිබුණු නිවසකයි. ඇත්තෙන්ම ඔවුන් ‘පවුල් ආගමක්’ හා සමාන දෙයක් ගොඩනඟාගෙන තිබුණා. විවිධ ආගම්වල සාමාජිකයන්ගේ විශ්වාසවල වැරදි හෙළි කිරීම සඳහා ඔවුන්ව ඇසුරු කිරීම ඇය පුරුද්දක් කරගෙන සිටියා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බයිබල් පාඩමක් ඉදිරිපත් කළ විට, ඔවුන්ගේ විශ්වාසයන් වැරදි බව ඔප්පු කිරීමේ අදහස ඇතුව ඇය විගස එය පිළිගත්තා. ඇය මෙසේ මතකයට නඟනවා: “අවුරුද්දකටත් වැඩි කාලයක් අධ්‍යයනය කළායින් පස්සේ, ‘මගේ සත්‍යය’ නැති වෙයි කියලා මම භය වුණා. මම සම්බන්ධ වෙලා හිටිය හුඟක් ආගම්වල කරන මුළා කිරීම් මට ලෙහෙසියෙන්ම හෙළි කරන්න පුළුවන් වුණත් මෙදා පාර නම් එච්චර ලේසි වුණේ නැහැ.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීම නතර කරන්න සාබ්රිනාගේ බිය හේතු වුණා. නමුත් පසුව ඇයට ආත්මික වශයෙන් හිස්බවක් හැඟුණා. අධ්‍යයනය නැවත අරඹන්න ඇය තීරණය කළ අතර අවසානයේදී මෙම අලුතින් සම්බ වූ සත්‍යය පිළිගත්තා. ඇය ඉගෙනගනිමින් සිටි දෙය අනිත් අය සමඟ බෙදාගැනීමට උවමනා වීම දක්වා සාබ්රිනා දියුණු වුණා. සාක්ෂිකරුවන් සමඟ ඔවුන්ගේ ගෙයින් ගෙට සේවයේ හවුල් වීමට පවා ඇය ඉල්ලා සිටියා. සාබ්රිනා මෙසේ පැහැදිලි කරනවා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ දේශනා කරන්න අනුමැතිය ලබන්න කලින් මගෙන් ඇහුවා, ‘ඔබට ඇත්තටම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෑද’ කියලා. ‘නැහැ’ කියා මම පිළිතුරු දුන්නා. ආයෙත් භය මතු වුණා.” අවසානයේදී, සියලුම රැස්වීම්වලට සහභාගි වීමෙන් සහ දෙවිගේ සෙනඟ බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගන්නේ කෙසේද කියා නිරීක්ෂණය කිරීමෙන් පසුව සාබ්රිනා අවසාන නිගමනයකට පැමිණියා. එනම් එය සැබවින්ම සත්‍යය වූ බවයි. ඇය බව්තීස්ම වූ අතර දැන් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක්.
එතරම්ම වෙනස් මන්ද?
‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම අනිත් ආගම්වලට වඩා වෙනස් ඇයි’ කියා යමෙක් අසන්න පුළුවන්. සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද යන්න ගැන ලුහුඬින් සලකා බැලීම, ඔවුන් අව්‍යාජ ක්‍රිස්තියානීන් බවත්, උත්සහවන්ත බයිබල් ශිෂ්‍යයන් බවත් දැනගැනීමට ඔබට උපකාර කරයි. ඔවුන්ගේ මූලික විශ්වාසයන් ගැන ඉහත දැක්වෙන සාරංශයේ තිබෙන පාඨ, ඔබගේම බයිබලයෙන් බැලීමට අප ඔබව උනන්දු කරනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද සහ ඔවුන් බයිබලය උගන්වන දෙයට ඇලී සිටින්නේ කොහොමද යන්නට කිට්ටු අවධානයක් දීමෙන්, සත්‍යය සපයන්නාවූ නිදහස සමඟින් ඔබට ආශීර්වාද ලබන්න පුළුවන්. (යොහන් 17:17, 18අ) සත්‍යයට බියවීමට කිසිම හේතුවක් නැහැ. යේසුගේ මෙම පොරොන්දුව මතක තබාගන්න. ‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නහුය; සත්‍යය ඔබව නිදහස් කරන්නේය.’—යොහන් 8:32.
[6වන පිටුවේ කොටුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලික විශ්වාසයන් සමහරක්
◯ සර්වබලධාරී දෙවි වන්නේ යෙහෝවායි. ඔහුගේ පෞද්ගලික නාමය බයිබලයේ පුරාණ අත්පිටපත්වල 7,000 වාරයකටත් වඩා දක්නට ලැබෙනවා.—ගීතාවලිය 83:17.
◯ මනුෂ්‍යවර්ගයාට තම ජීවිතය දීම සඳහා පොළොවට පැමිණි යේසුස් ක්‍රිස්තුස්, දෙවිගේ පුත්‍රයායි. (යොහන් 3:16, 17) යෙහෝවාගේ සාක්ෂිකරුවන් සුවිශේෂවල තිබෙන ආකාරයටම යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් අනුගමනය කරනවා.
◯ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන නම පදනම් වී තිබෙන්නේ යෙසායා 43:10 මතයි. එහි මෙසේ පවසනවා: ‘නුඹලා මාගේ සාක්ෂිකාරයෝව . . . සිටින්නහුයයි යෙහෝවා කියන්නේය.’
◯ ‘පරමණ්ඩල යාච්ඤාවේදී’ මිනිසුන් යාච්ඤා කරන රාජ්‍යය ස්වර්ගික ආණ්ඩුවක්. එමගින් බයිබලයේ පොරොන්දු වන පාරාදීසයට මං සැලසීම සඳහා පොළොවේ තිබෙන සියලුම දුක, වේදනාව ඉක්මනින්ම ඉවත් කරන්ට යනවා.—යෙසායා 9:6, 7; දානියෙල් 2:44, 45ආ; මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4.
◯ දෙවිගේ කැමැත්ත කරන සියලුම අයට සදාකාලයටම දේවරාජ්‍යයේ ආශීර්වාද ලබන්ට ප්‍රස්තාවක් තිබෙනවා.—යොහන් 17:3; 1 යොහන් 2:17.
◯ ක්‍රිස්තියානීන් බයිබලය පවසන ආකාරයට තමන්ගේ හැසිරීම සකස් කරගත යුතුයි. ඔවුන් අවංක වීමට, පිරිසිදු, සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට සහ තමන්ගේ අසල්වාසියාට ප්‍රේමය පෙන්වීමට වෑයමක් දැරිය යුතුයි.—මතෙව් 22:39; යොහන් 13:35; 1 කොරින්ති 6:9, 10.
[5වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් 200කටත් වැඩි ගණනක සිටින ජන පිරිසකට බයිබල් සත්‍යය දැනගැනීමට සලස්වනවා