ප්‍රාදේශීය චාරිත්‍ර හා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ඒවා අතරේ එකඟතාවක් තිබෙනවාද?
උතුරු යුරෝපයේ විසූ සාක්ෂිකරුවෙක් වන ස්ටීවන්ට අප්‍රිකානු රටකට මිෂනාරි පැවරුමක් ලැබුණා. ප්‍රාදේශීය සහෝදරයෙක් සමඟ නගරයට ඇවිදිමින් සිටි අතරතුරේ, ඒ සහෝදරයා ඔහුගේ අත ඇල්ලූ විට ස්ටීවන් තිගැස්සුණා.
ජනාකීර්ණ වීථියක් ඔස්සේ තවත් මිනිසෙක්ගේ අතින් අල්ලාගෙන ඇවිදගෙන යන එක ගැන සිතීම පවා ස්ටීවන්ව තිගැස්සුවා. ඔහුගේ සංස්කෘතිය තුළ එවැනි චාරිත්‍රයකින් සමලිංගික ඉඟියක් පවා ලබා දෙනවා. (රෝම 1:27) කොහොම වුණත්, අත් ඇල්ලීමෙන් අප්‍රිකානු සහෝදරයාට අදහස් වූයේ, එය හුදු මිත්‍රත්වයේ ලකුණක් වන බව පමණයි. අත ප්‍රතික්ෂේප කිරීම යනු මිත්‍රත්වයද ප්‍රතික්ෂේප කිරීමක්.
සංස්කෘතික ඝට්ටන අපේ සැලකිල්ලට භාජන විය යුත්තේ ඇයි? මුලික වශයෙන්, යෙහෝවාගේ සෙනඟ “සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන දිව්‍ය ආඥාව ඉටු කිරීම සම්බන්ධයෙන් උනන්දු වෙන නිසයි. (මතෙව් 28:19) මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා සමහරුන් දේවසේවකයන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට මාරු වී තිබෙනවා. ඉතින් මෙම නව වාතාවරණය තුළ සාර්ථක වීමට නම්, ඔවුන් හමුවට එන මේ සුවිශේෂී වූ සංස්කෘතීන් තේරුම්ගෙන ඒ අනුව සකස් විය යුතුයි. එවිට ඔවුන්ට හැකි වෙයි ප්‍රසිද්ධ මෙහෙය තුළ වඩා ඵලදායී වන අතරතුරේ, තම සෙසු සහෝදර සහෝදරියන් සමඟ එකමුතුව වැඩ කිරීමට.
තවදුරටත්, මෙම පීඩාකාරි ලෝකයෙහි ඇති දේශපාලනික හෝ ආර්ථික හේතූන් නිසා, සමහරුන් තම ගැටලුවලින් පිරි මව්බිම් අතහැර ගොස් වෙනත් රටවල පදිංචි වී තිබෙනවා. ඉතින් මෙම නව අසල්වැසියන්ට දේශනා කරන අතරතුරේදී, නව චාරිත්‍රවලට මුහුණ දීමට සිදු වන බව නොකිවමනායි. (මතෙව් 22:39) තවද මෙම විවිධාකාර වූ ක්‍රමවලට අප මුලින්ම නිරාවරණය වන විට, එමගින් අපට අලුත් චාරිත්‍ර සම්බන්ධයෙන් යම් වියවුල්බවක් දැනෙන්න පුළුවන්.
නිශ්චිතව දැක්විය හැකි කාරණා
සංස්කෘතිය යනු මනුෂ්‍ය සමාජය නමැති පසේ ගැඹුරට මුල් ඇදගත් වෘක්ෂයකි. එසේනම් “පමණට වඩා ධර්මිෂ්ඨ” වී, හැම චාරිත්රයක්ම පාහේ බයිබලයට එකඟතාවක් දක්වනවාදැයි බැලීම මොනතරම් නිෂ්ඵලද!—දේශනාකාරයා 7:16.
අනික් අතට, දිව්‍ය ප්‍රතිපත්ති පැහැදිලිවම කඩ කරන ප්‍රාදේශීය චාරිත්‍ර මොනවාදැයි හඳුනාගත යුතුයි. හැබැයි, සාමාන්‍යයෙන් “දේවල් හරිගැස්සවීමට” දේවවචනය අපට යොදාගත හැකි නිසා එය කිරීම අපහසු නැහැ. (2 තිමෝති 3:16, NW) උදාහරණයක් හැටියට, සමහරක් දේශවල භාර්යාවන් කීපදෙනෙක් සිටීම චාරිත්‍රානුකූල දෙය වුවත්, සැබෑ ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිය වන්නේ එක මිනිසෙකුට ජීවත්ව සිටින එක භාර්යාවක් පමණක් සිටීමයි.—උත්පත්ති 2:24; 1 තිමෝති 3:2.
එයාකාරයෙන්ම, දුෂ්ට ආත්ම පලවාහැරීම හෝ අමරණීය ආත්මය කෙරෙහි යම් විශ්වාසයක් මත පදනම්ව පවත්වන අවමඟුල් චාරිත්‍ර සැබෑ ක්‍රිස්තියානියෙකුට පිළිගත හැකි දෙයක් වන්නේ නැහැ. දුෂ්ට ආත්ම පලවාහැරීමේ අරමුණින් වියෝ වූ අය වෙනුවෙන් සමහරක් අය යාච්ඤා හෝ සුවඳ දුම් ඔප්පු කරයි. තවත් අය වියෝ වූ අයට ‘ඊළඟ ලෝකය’ සූදානම් කිරීමේ අරමුණින් මෘත දේහය තනි නොකිරීම හෝ දෙවතාවක් වැළලීම වැනි චාරිත්රයන්වල නිරත වෙනවා. කොහොම වුණත්, කෙනෙකු මැරුණ විට, ඔහු ‘කිසිවක් නොදන්න’ බවත්, ඒ හේතුවෙන් කාටවත් හොඳක් හෝ නරකක් කළ නොහැකි බවත් බයිබලය උගන්වයි.—දේශනාකාරයා 9:5; ගීතාවලිය 146:4.
නමුත් දෙවිගේ වචනයට එකඟ වන බොහෝ චාරිත්‍ර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. තවමත් ආගන්තුක සත්කාරය වැජඹෙන, අමුත්තෙකුට වුවත් උණුසුම් පිළිගැනීමක් දිය යුතුයයි කියවෙන, අවශ්‍යතාවකදී තම නිවස පවා ඔහුට විවෘත කර දිය යුතුයි කියා පැවසෙන සංස්කෘතීන් අතරට අප යන විට මොනතරම් නං නැවුම්බවක් දැනෙනවාද! ඔබට එවැනි සත්කාරයක් භුක්ති විඳීමට ලැබෙන විට, එම ආදර්ශය අනුගමනය කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද? ඔබ පෙලඹී සිටිනවා නම්, එය සැබවින්ම ඔබේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය වැඩිදියුණු කරන්න යනවා.—හෙබ්‍රෙව් 13:1, 2.
අපිව රස්තියාදු කරනවාට අපි කවුද කැමති? සමහරක් රටවල මෙය සිදු වන්නේ කලාතුරකින්; මන්දයත් නිසි වේලාවට වැඩ කිරීම වැදගත්යයි සලකනු ලබන නිසායි. බයිබලයේ සඳහන් කරනවා යෙහෝවා දෙවි පිළිවෙළේ දෙවිකෙනෙක් බව. (1 කොරින්ති 14:33, NW) ඒ හේතුවෙන් දුෂ්ටකම නිමාවකට පත් කිරීමට “දවස හා පැය” නියම කර ඇති අතර, මෙම සිදුවීම ‘ප්‍රමාද නොවන බව’ ඔහු සහතික කොට තිබෙනවා. (මතෙව් 24:36; හබක්කුක් 2:3) නිසි වේලාවට වැඩ කිරීමට සාධාරණ ලෙස දිරි දෙන සංස්කෘතීන් අපට පිළිවෙළකින් යුතු වීමටත්, අන්‍යයන්ට මෙන්ම ඔවුන්ගේ කාලයට නිසි ගෞරවය පෙන්වීමටත් උපකාර කරන අතර, එය සැබවින්ම ශුද්ධ ලියවිලිවලට එකඟව දිව යයි.—1 කොරින්ති 14:40; පිලිප්පි 2:4.
අහිතකර නැති චාරිත්‍ර ගැන කුමක් කිව හැකිද?
සමහරක් චාරිත්‍ර ක්‍රිස්තියානි ජීවිත රටාවට එකඟව දිව ගියත් අනික් ඒවා එසේ වෙන්නේ නැහැ. නමුත් හොඳයි හෝ නරකයි කියා නිශ්චය කළ නොහැකි චාරිත්‍ර ගැන කුමක්ද කිව හැක්කේ? බොහෝ චාරිත්‍ර අහිතකර නැති, නැතිනම් හානිකර නොවන ඒවා වන අතර, අප ඒවා කෙරෙහි පෙන්නුම් කරන ආකල්පයෙන් අපගේ ආත්මික සමබරතාව නිදර්ශනය කිරීමට හැකියි.
උදාහරණයක් හැටියට, කෙනෙකුට ආචාර කරන ක්‍රම බොහොමයක් තිබේ. එනම් අතට අතට දීම, හිස නමා ආචාර කිරීම, සිපගැනීම හෝ වැලඳගැනීම පවා මේවාට අයත් වෙනවා. එයාකාරයෙන්ම, කෑම මේසයේදී භාවිත කරන චාරිත්‍රද රැසක් තිබෙනවා. සමහරක් දේශවල මිනිසුන් හවුලේ එකම පිඟානකින් හෝ දීසියකින් ආහාර වළඳියි. සමහරක් රටවල රාමතෙල් යැවීම නැතිනම් ආමවාතේ පිට කිරීම අගය පෙන්වන, පිළිගන්නා නැත්නම් ප්‍රිය උපදවන ප්‍රකාශයක් වන නමුත්, තවත් රටවල එය පිළි නොගන්නා අතර නරක සිරිත්වල ඉහළම ගණයේ දෙයක් හැටියට හඳුන්වනු ලබයි.
පෞද්ගලික වශයෙන් ඔබ කැමති වන්නේ හෝ නොවන්නේ මින් කුමන අහිතකර නැති චාරිත්රයටදැයි කියා තීරණය කරනවා වෙනුවට, ඒවා කෙරෙහි නිසි ආකල්පයක් වර්ධනය කරගැනීම ගැන කල්පනා කරන්න. බයිබලයේ සඳහන් සැමදාටම සරිලන උපදේශය අපට නිර්දේශ කරන්නේ, “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් [සිතන්න]” කියායි. (පිලිප්පි 2:3) එයාකාරයෙන්ම, කරුණාකරලා, මේ පැත්තෙන් එන්න—ආචාර විධි සංග්‍රහය (ඉංග්‍රීසියෙන්) යන පොතේ රචිකාව වන එලනො බොයිකින් මෙසේ පවසයි: “ඔබට අවශ්‍ය මුල්ම දෙය වන්නේ කාරුණික හදවතක්.”
මෙම නිහතමානි ආකල්පය මගින් වෙනත් අයගේ චාරිත්‍ර දෙස අවමන්සහගත ආකාරයකට බැලීමෙන් අපව වළකාලන්න යනවා. වෙනස්යයි පෙනෙන සෑම දෙයක් දිහාම වපර ඇහෙන් බලනවා වෙනුවට, මුල් පියවර ගැනීමටත්, වෙනත් මිනිසුන් ජීවත් වන ආකාරය ඉගෙනීමටත්, ඔවුන්ගේ චාරිත්‍රවලට හවුල් වීමටත්, ඔවුන්ගේ ආහාරවල රස බැලීමටත් අපව පෙලඹෙන්න යනවා. විවෘත මනසක් තබාගැනීමෙන් හා නව විධි අත්හදා බැලීමෙන්, අපට සංග්‍රහ කරන අයට හෝ අපේ විදේශීය අසල්වැසියන්ට අප අගය ප්‍රකාශ කරන්න යනවා. එමෙන්ම, අපේ හදවත් හා දේවල් දකින කෝණය ‘පුළුල් කරගැනීමෙන්’ අපට ප්‍රයෝජනද නෙළාගත හැකියි.—2 කොරින්ති 6:13, NW.
චාරිත්‍රය ආත්මික ප්‍රගතියට බාධා පමුණුවයි නම්
යම් චාරිත්‍රයක් තනිව ගත් කල, ශුද්ධ ලියවිලිවලට පටහැනි නැති වුණත්, ආත්මික ප්‍රගතියට දායක වන්නේ නැත්නම් කුමක් කිව හැකිද? උදාහරණයක් හැටියට සමහරක් රටවල, දේවල් කල් දමන්න නැඹුරුවාවක් දක්වනවා. ජීවිතය කෙරෙහි දක්වන මෙම සැහැල්ලු ආකල්පය පීඩනය අඩු කළ හැකි වුවත්, අපේ මෙහෙය ‘සම්පූර්ණයෙන්’ ඉටු කිරීම තවත් අපහසු කරන්න යනවා.—2 තිමෝති 4:5.
වැදගත් දේවල් හෙටට කල් දැමීමෙන් වැළකීමට අපට අන්‍යයන්ව දිරිගැන්විය හැක්කේ කොහොමද? “ඔබට අවශ්‍ය මුල්ම දෙය වන්නේ කාරුණික හදවතක්” බව මතක තබාගන්න. ප්‍රේමයෙන් පෙලඹී අපට ආදර්ශයක් තැබිය හැකි අතර, අද කළ යුතු දේ හෙටට කල් නොදැමීමෙන් අත් කරගත හැකි ප්‍රයෝජන අපට කාරුණිකව පැහැදිලි කර දෙන්න පුළුවන්. (දේශනාකාරයා 11:4) ඒත් සමඟම, ඵලදායිත්වය ලබාගැනීම ගැන පමණක්ම සිතන්න ගොස් අන්‍යොන්‍ය විශ්වාසය හා නිසැකකම අනතුරට භාජන කර නොගැනීමට වග බලාගත යුතුයි. වෙනත් අය ඒ මොහොතේදීම අපේ යෝජනා පිළිගනු ලබන්නේ නැත්නම්, අප ඔවුන්ව නිග්‍රහයට ලක් කිරීම හෝ අපට දැනෙන කෝපය ඔවුන් පිටින් යැවීම හෝ සුදුසු වන්නේ නැහැ. සැමවිටම කාර්යක්ෂමතාවට වඩා ප්‍රේමයට වැඩි වැදගත්කමක් දිය යුතුයි.—1 පේතෘස් 4:8; 5:3.
ප්‍රාදේශීය මනාපය සැලකිල්ලට ගැනීම
අප ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් වලංගු එකක් බවටත්, නිකම්ම අපේ පෞද්ගලික මනාපයන් ක්‍රියාත්මක කිරීමට දරන වෑයමක් නොවන බවටත් අප නිසැක විය යුතුයි. උදාහරණයක් හැටියට, ඇඳුම් විලාසිතා විශාල වශයෙන් වෙනස් වෙයි. ප්‍රදේශ බොහොමයක ශුභාරංචිය දේශනා කරන පුද්ගලයෙකුට ටයි පටියක් පැළඳීම සුදුසු දෙයක් විය හැකි වුවත්, සමහරක් නිවර්තන කලාපීය රටවල, එය සාමාන්‍ය ඉක්මවා යෑමක් හැටියට සැලකිය හැකියි. මෙය තීරණය කිරීමට දායක වන දෙයක් වන්නේ, මහජනයා සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයෙකුට ප්‍රාදේශීය වශයෙන් සුදුසු වන ඇඳුම් ආයිත්තම් මොනවාද යන්න සැලකිල්ලට ගැනීමයි. ඇඳුම් විලාසිතා යන සංවේදී විෂය සම්බන්ධයෙන් කටයුතු කරද්දී අප “මනසේ සුවදායීබවින්” යුතුවීම ඉතා වැදගත් වෙයි.—1 තිමෝති 2:9, 10, NW.
නමුත් යම් චාරිත්‍රයක් අපව සතුටු කරවන්නේ නැත්නම් තත්වය කුමක්ද? ඒ නිසාම එය නිකම්ම ප්‍රතික්ෂේප කළ යුතුද? එහෙමම නැහැ. කලින් සඳහන් කළ පුරුෂයන් විසින් අත් ඇල්ලීම යන කාරණය එම අප්‍රිකානු ප්‍රජාව තුළ සම්පූර්ණයෙන්ම පිළිගැනුණු දෙයක්. තවත් මිනිසුන්ද අත් අල්ලාගෙන යනවා දුටු මිෂනාරිවරයාට ඉන්පසු වඩා පහසුබවක් දැනුණා.
පුළුල්ව විහිදී ගිය මිෂනාරි ගමන්වල යෙදුණු ප්‍රේරිත පාවුල්, අනේකවිධ පසුතලයන්ගෙන් පැමිණි සාමාජිකයන්ගෙන් යුත් සභා බැහැදැක්කා. ඉතින් සංස්කෘතීන් අතර ඝට්ටන තිබුණු බවට නං කිසිම සැකයක් නැහැ. එහෙයින්, පාවුල් බයිබල් ප්‍රතිපත්තිවලට ස්ථිරව ඇලී සිටිය අතරතුරේ තමාට හැකි ඕනෑම චාරිත්‍රයකට අනුව සකස් වුණා. “සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි” කියා ඔහු පැවසුවා.—1 කොරින්ති 9:22, 23; ක්‍රියා 16:3.
නව චාරිත්‍රවලට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද කියා තීරණය කිරීමට ඊට අදාළ ප්‍රශ්න කිහිපයක් සලකා බැලීම උපකාරවත් විය හැකිය. අප යම් චාරිත්‍රයකට අනුව සකස් වීමෙන් හෝ එසේ කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන්, අප දෙස බලා සිටින්නන්ට අප දෙන්නේ කිනම් පණිවිඩයක්ද? ඔවුන්ගේ සංස්කෘතිය හා මුසු වෙන්න අප උත්සාහ කරනවා දැකීමෙන් ඔවුන් රාජ්‍ය පණිවිඩයට ආකර්ෂණය වෙයිද? අනික් අතට, අප යම් ප්‍රාදේශීය චාරිත්‍රයකට අනුව සකස් වුණොත්, එයින් “අපගේ සේවයට දෝෂ” පමුණුවීමට ඉඩ තිබේද?—2 කොරින්ති 6:3.
“සියල්ලන්ට සියල්ල” වීමට අප ආශා කරනවා නම්, සුදුසු වන්නේ හෝ සුදුසු නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප තුළ ගැඹුරින් කාවැදී ඇති ආකල්ප සමහරක් අපට සකස් කරගැනීමට සිදු වෙනවා. “නිවැරදි” හා “වැරදි” දෙය බොහෝදුරට තීරණය වන්නේ අප ජීවත් වන ප්‍රදේශය මතයි. එහෙයින්, එක් රටක පුරුෂයන් අතරේ අත් ඇල්ලීම මිත්‍රත්වයේ නිරූපණයක් විය හැකි වුවත්, තවත් රටවල් බොහොමයක එය නිසාවෙන් රාජ්‍ය පණිවිඩයට ලැබෙන අවධානය වෙනතකට යොමු විය හැකියි.
කොහොම වුණත්, විවිධ ප්‍රදේශවල පිළිගැනෙන මෙන්ම ක්‍රිස්තියානීන්ට සුදුසු විය හැකි වූ වෙනත් චාරිත්‍ර තිබිය හැකියි; එනමුදු ඒවා සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරිව කටයුතු කිරීම අවශ්‍ය විය හැකියි.
සීමාවෙන් ඔබ්බට යෑම ගැන පරෙස්සම් වන්න!
තම ගෝලයන්ව ලෝකයෙන් පිටතට ගත නොහැකි වුවත්, ඔවුන් “ලෝකයේ කොටසක්” හැටියට රැඳී නොසිටිය යුතු බව යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (යොහන් 17:15, 16, NW) කොහොම වුණත්, සාතන්ගේ ලෝකය හා මුසුව පවතින කොටස හා හුදු සංස්කෘතියටම පමණක් අයත් වන දේ අතර වෙනස වටහාගැනීම, සමහරක් අවස්ථාවලදී පහසු කාර්යයක් නෙවෙයි. උදාහරණයක් හැටියට, සංගීතය හා නැටීම සෑම සංස්කෘතියකටම බලපෑවත්, සමහරක් දේශවල එයට වඩාත් වැදගත් තැනක් ලැබෙයි.
යහපත් ශුද්ධ ලියවිලිමය හේතූන් වෙනුවට අපේ පසුතලය පදනම් කරගත් තීරණ අප පහසුවෙන් ගන්න ඉඩ තිබෙනවා. ඇලෙක්ස් නම් ලත් ජර්මානු සහෝදරයෙකුට ස්පාඤ්ඤයට පැවරුමක් ලැබුණා. ඔහුගේ කලින් වාතාවරණය තුළ නැටීම එතරම් ප්‍රචලිත දෙයක් නොවුවත්, එය ස්පාඤ්ඤ සංස්කෘතියේ අංගයක් වෙයි. එක් සහෝදරයෙක් හා සහෝදරියක් විනෝදයෙන් හා ප්‍රීතියෙන් පිරි ප්‍රාදේශීය නැටුමක නිරත වෙනවා ඔහු පළමු වරට දුටු විට ඔහු වියවුලට පත් වුණා. මෙම නැටීම වැරදිද නැත්නම් යම් දුරට ලෞකිකද? මෙම චාරිත්‍රය ඔහු පිළිගත්තා නම් ඔහු තම ක්‍රිස්තියානි ප්‍රමිති බාල තත්වයකට පත් කරයිද? සංගීතය හා නැටීම වෙනස් වුවත්, ස්පාඤ්ඤයේ තම සෙසු සහෝදර සහෝදරියන් ක්‍රිස්තියානි ප්‍රමිති බාල තත්වයකට පත් කරනවා කියා උපකල්පනය කිරීමට, කිසිදු හේතුවක් නොතිබූ බව ඇලෙක්ස් ඉගෙනගත්තා. ඔහුගේ වියවුලට හේතු වුණේ සංස්කෘතියේ තිබූ වෙනසයි.
කොහොම වුණත්, සම්ප්‍රදායානුකූල නැටුම්වලට ප්‍රිය කරන එමීල්යෝ නම් සහෝදරයා අනතුරු තිබිය හැකි බව විශ්වාස කරනවා. “නැටුම් ක්‍රම බොහොමයකදී විරුද්ධ ලිංගයේ දෙපාර්ශ්වය අතර කිට්ටු ශාරීරික සමීපත්වයක් වුවමනා වෙනවා. ඉතින් තනිකඩයෙක් හැටියට මට හිතෙනවා මේකෙන් අඩුම තරමෙ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි හැඟීම්වලට බලපෑමක් වෙන්න පුළුවන් කියල. සමහරක් අවස්ථාවලදී, අප ආකර්ෂණය වෙලා ඉන්න කෙනෙක්ට ආලහැඟුම් පෙන්වීම සඳහා නැටීම අතකොළුවක් හැටියට යොදාගන්න පුළුවන්. සුදුසු සංගීතය පාවිච්චි කරන එකත්, ශාරීරික සමීපත්වය අවම කරගන්න එකත් ආරක්ෂාවක් වෙන්න යනවා. ඒ වුණත්, තරුණ තනිකඩ සහෝදර සහෝදරියන් එකට එකතු වෙලා නටද්දී, දිව්‍යාණ්ඩුමය වාතාවරණයක් තියාගන්න එක නං හරි අමාරුයි කියන එකයි මගේ විශ්වාසෙ” කියා ඔහු පැහැදිලි කරයි.
ලෞකික හැසිරීමක නියැලීම සඳහා අපේ සංස්කෘතිය අතකොළුවක් කරගැනීමට ඇත්තෙන්ම අපට උවමනා වන්නේ නැහැ. ඉශ්රායෙලයේ පවා සංගීතයට හා නැටුමට තැනක් තිබූ අතර, ඉශ්රායෙල්වරුන් රතු මුහුදේදී මිසරවරුන්ගෙන් ගැළවීම ලද විට, සංගීතය හා නැටීම යන දෙකම ඔවුන්ගේ උත්සවයට ඇතුළත් වුණා. (නික්මයාම 15:1, 20) කොහොම වුණත්, ඔවුන් අතරේ දක්නට ලැබූ සංගීතය හා නැටීම ඔවුන් අවට සිටි මිථ්‍යා භක්තිකයන් අතර දක්නට ලැබුණු දේට වඩා වෙනස් එකක් වුණා.
නමුත් කනගාටුවට කරුණක් වන්නේ, මෝසෙස් සීනයි කන්දෙන් එන තුරු බලා සිටිද්දී, ඉශ්රායෙල්වරුන් නොඉවසිලිමත් වී රන් වහුපැටියෙක් සාදාගෙන, කෑමබීමවල නිරත වීමෙන් පසු, ‘විනෝද වීමට නැඟිටීමයි.” (නික්මයාම 32:1-6, NW) මෝසෙස්ට හා යෝෂුවාට සංගීතයේ ශබ්දය ඇසුණු විට, එය එකෙණෙහිම ඔවුන්ව නොසන්සුන් තත්වයකට පත් කළා. (නික්මයාම 32:17, 18) ඉශ්රායෙල්වරුන් එම “සීමාවෙන්” ඔබ්බට ගොස් තිබූ අතර, දැන් ඔවුන්ගේ සංගීතය හා නැටීම මිථ්‍ය භක්තිකයන්ගේ ස්වරූපය ගත්තා.
එයාකාරයෙන්ම අදදින, සංගීතය හා නැටීම පොදු වශයෙන් අප ප්‍රදේශවාසීන් අතර පිළිගැනුණු දෙයක් විය හැකි අතර වෙනත් අයව බාධාවට පත් නොකළ හැකියි. නමුත් පසුබිම් ආලෝකය අඩු කරමින්, දසත විහිදෙන ප්‍රබල ආලෝක බුබුළු ඒ වෙනුවට දල්වයි නම් හෝ වෙනස් රිද්මයකින් යුත් සංගීතයක් වාදනය වෙයි නම් හෝ කලින් පිළිගත හැකියයි පෙනුණු දෙය දැන් ලෝකයේ ආත්මය පිළිබිඹු කළ හැකියි. “ඒක අපේ සංස්කෘතියනෙ” කියා යමෙක් වාද කළ හැකියි. වැරදිසහගත ලෙස ‘යෙහෝවාට මංගල්‍යයක්’ යයි විස්තර කරමින් මිථ්‍යා විනෝදාස්වාදය හා නමස්කාරයට අනුමැතිය දුන් ආරොන්ද එවැනි නිදහසට කරුණක් ඉදිරිපත් කළා. මෙම නිදහසට කරුණ දුර්වල එකක් වූ අතර, වලංගු එකක් වුණේද නැහැ. ඔවුන්ගේ හැසිරීම ‘සතුරන්ද හෙළා දැක්කා.’—නික්මයාම 32:5, 25.
සංස්කෘතියට නියමිත ස්ථානයක් තිබේ
යම් පුදුමසහගත චාරිත්‍රයක් අපව මුලින්ම තිගැස්සවිය හැකි වුවත්, ඒවායින් හැම එකක්ම සම්පූර්ණයෙන්ම නොපිළිගත හැකි ඒවා නොවෙයි. අපේ “විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන්” මගින්, කොයි චාරිත්‍රද ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ හා කොයි ඒවාද එකඟ නොවන්නේ කියා නිශ්චය කරගැනීමට අපට හැකියි. (හෙබ්‍රෙව් 5:14) අප අපේ සෙසු අසල්වැසියාට ප්‍රේමයෙන් පිරි කාරුණික හදවතක් විදහාපාන විට, අප අහිතකර නැති චාරිත්‍රවලට මුහුණ දීමේදී උචිත අන්දමින් ප්‍රතික්‍රියා කරන්න යනවා.
අපේ ප්‍රදේශයේ හෝ තවත් දුර ඈතක වූ ක්ෂේත්රයක රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන විට, විවිධත්වයෙන් යුත් සංස්කෘතීන්වලට සමබර ආකල්පයක් යුතුව එළඹීම ‘සියල්ලන්ට සියල්ල වීමට’ අපව හැකි කරන්න යනවා. තවද මෙම නානාවිධ සංස්කෘතීන් අප සුහදින් භාරගන්නා විට, එය අරුත්බර, විවිධාකාරි මෙන්ම අසිරිමත් දිවියකට දායක වන බව අප සොයාගන්නවා නොඅනුමානයි.
[20වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන්ට විවිධාකාරවලින් සුදුසු අන්දමින් ආචාර කළ හැකියි
[23වන පිටුවේ පින්තූරය]
අනේකවිධ සංස්කෘතීන් සම්බන්ධව දක්වන සමබර ආකල්පය අරුත්බර, විවිධාකාරි දිවියකට මඟ පෑදිය හැකියි