“ඔබේ ඇදහිල්ල ස්ථිර කරගන්න”
“[දෙවිගේ] කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] ඕනෑය.”—හෙබ්‍රෙව් 10:36.
1, 2. (අ) පළමුවන සියවසේදී ක්‍රිස්තියානීන් කීපදෙනෙකුටම සිදු වුණේ කුමක්ද? (ආ) ඇදහිල්ල දුර්වල වීමට පහසු මන්ද?
බයිබල් ලේඛකයන් සියලුදෙනාගෙන් ප්‍රේරිත පාවුල් තරම් වෙන කිසිවෙක් ඇදහිල්ල පිළිබඳව සඳහන් කර නැහැ. එමෙන්ම, ඇදහිල්ල දුර්වල වී හෝ මැරී ඇති අය ගැන ඔහු නිතර කතා කළා. උදාහරණයක් වශයෙන්, හිමෙනියස් සහ අලෙක්ෂන්දර් ‘ඇදහිල්ල නමැති නැව බිඳගත්තා.’ (1 තිමෝති 1:19, 20) දේමස් “මේ දේවල පිළිවෙළට ආලය වූ” නිසා පාවුල්ව අත්හැර ගියා. (2 තිමෝති 4:10, NW) සමහරු, තමන්ගේ ක්‍රිස්තියානි නොවන හා වගකීම් රහිත ක්‍රියා නිසා ‘ඇදහිල්ල එපා කළා.’ වෙනත් අය බොරු ප්‍රඥාවෙන් මුළා වී, ‘ඇදහිල්ලෙන් අහක්ව ගියා.’—1 තිමෝති 5:8; 6:20, 21, NW.
2 එම ආලේප ලත් ක්‍රිස්තියානීන් මේ ආකාරවලින් අසමත් වුණේ මන්ද? ඇත්තෙන්ම, “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.” (හෙබ්‍රෙව් 11:1) අප ඇදහිල්ල තබන්නේ අපට නොපෙනෙන දේවල් මතයි. පෙනෙන දේවල් සඳහා එය අවශ්‍ය වන්නේ නැහැ. නොපෙනෙන ආත්මික ධනයන් සම්බන්ධයෙන් වැඩ කරනවාට වඩා දෘශ්‍යමාන වස්තු සම්බන්ධයෙන් වැඩ කිරීම වඩාත් පහසුයි. (මතෙව් 19:21, 22) “මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත්” යන දෘශ්‍යමාන දේවල් බොහෝමයකට අපේ අසම්පූර්ණ මාංසය බලවත් ලෙස ආකර්ෂණය වන අතර, අපේ ඇදහිල්ල දුර්වල කිරීමට එයට හැකියි.—1 යොහන් 2:16.
3. ක්‍රිස්තියානියෙකු වර්ධනය කළ යුත්තේ කුමනාකාරයේ ඇදහිල්ලක්ද?
3 එහෙත්, ‘දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහු [ඔහුව ඕනෑකමින්, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය’ කියා පාවුල් පවසනවා. මෝසෙස්ට එවැනි ඇදහිල්ලක් තිබුණා. ඔහු “විපාකය දෙස [ඕනෑකමින්, NW] බැලූ” අතර, “අදෘශ්‍යමාන [තැනැත්තා] දකින්නාක්මෙන් . . . ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:6, 24-27) ක්‍රිස්තියානියෙකුට මේ ආකාරයේ ඇදහිල්ලක් අවශ්‍යයි. කලින් ලිපියේ සඳහන් කළ පරිදි, මේ පැත්ත සම්බන්ධයෙන් ආබ්‍රහම් කදිම ආදර්ශයක්.
ඇදහිල්ල පිළිබඳ ආබ්‍රහම්ගේ ආදර්ශය
4. ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ජීවිත මාර්ගයට බලපෑමක් වුණේ කෙසේද?
4 සියලු ජාතීන්ට ආශීර්වාදයක් වන්න යන වංශයක පියා බවට ආබ්‍රහම් පත් වනු ඇතැයි දෙවි ඔහුට පොරොන්දු වන විට ඔහු සිටියේ ඌර්වලයි. (උත්පත්ති 12:1-3; ක්‍රියා 7:2, 3) ඒ පොරොන්දුවේ පදනම මත, ආබ්‍රහම් යෙහෝවාට කීකරු වී, පළමුව හාරාන් වෙතටත් ඉන්පසු කානාන් වෙතටත් ගියා. එහිදී, ආබ්‍රහම්ගේ වංශයට දේශය දීමට යෙහෝවා පොරොන්දු වුණා. (උත්පත්ති 12:7; නෙහෙමියා 9:7, 8) කෙසේනමුත්, යෙහෝවා පොරොන්දු වූ දේවලින් වැඩිහරියක් ඉටුවීමට තිබුණේ ආබ්‍රහම්ගේ මරණයෙන් පසුවයි. උදාහරණයක් වශයෙන්, භූමදාන ස්ථානයක් හැටියට ආබ්‍රහම් මිල දී ගත් මක්පේලායේ ගුහාව හැරෙන්න ඔහුට කානාන් දේශයේ කිසිම කොටසක් කවදාවත් අයිතිව තිබුණේ නැහැ. (උත්පත්ති 23:1-20) එහෙත්, ඔහු තුළ යෙහෝවාගේ වචනය කෙරෙහි ඇදහිල්ල තිබුණා. සියල්ලටම වඩා, “අත්තිවාරම් ඇත්තාවූ, [දෙවි] විසින් යෝජනාකර සෑදුවාවූ” අනාගත ‘නුවරක්’ ගැන ඔහුට ඇදහිල්ල තිබුණා. (හෙබ්‍රෙව් 11:10) එවැනි ඇදහිල්ලක් ඔහුගේ මුළු ජීවිත කාලයේදීම ඔහුව ඉසිලුවා.
5, 6. යෙහෝවාගේ පොරොන්දුව සම්බන්ධයෙන් බලන කල ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වුණේ කුමනාකාරයෙන්ද?
5 ආබ්‍රහම්ගේ වංශය මහත් ජාතියක් වනු ඇති බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් බලද්දී, මෙය විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. මෙය සිදුවීමට නම් ආබ්‍රහම්ට පුත්‍රයෙක් සිටිය යුතු වූ අතර, එවැන්නෙකුගෙන් ආශීර්වාද ලැබෙන තුරු ඔහුට දිගු කලක් බලා සිටීමට සිදු වුණා. ඔහුට දෙවිගේ පොරොන්දුව මුලින්ම අහන්න ලැබුණේ ඔහුගේ මොන වයසේදීද කියා අප දන්නේ නැති නමුත්, ඔහු හාරාන් දක්වා දිගු ගමනෙහි යෙදුණු විටත් යෙහෝවා ඔහුට දරුවෙක් දීලා තිබුණේ නැහැ. (උත්පත්ති 11:30) ‘සම්පත් රැස් කරගැනීමට හා මිනිසුන්ව ලබාගැනීමට’ තරම් ප්‍රමාණවත් කාලයක් ඔහු හාරාන්හි විසූ අතර, ඔහු කානාන්වලට යන විට, ඔහුට වයස 75ක් සහ සාරාට 65ක්ව තිබුණා. ඒ වෙද්දිත් පුත්‍රයෙක් සිටියේ නැහැ. (උත්පත්ති 12:4, 5) සාරා ඇගේ 70 ගණන්වල මැද භාගයට පැමිණි විට, ආබ්‍රහම්ට දරුවෙකු දීමට නොහැකි තරමට තමා මහලු වෙලා කියා ඇය නිගමනය කළා. මෙනිසා ඒ කාලයේ සිරිතකට අනුව, ඇය ඇගේ දාසී වූ හාගර්ව ආබ්‍රහම්ට දුන් අතර, ඇගෙන් ඔහුට දරුවෙකු ලැබුණා. නමුත් ඒ පොරොන්දු වූ දරුවා නොවෙයි. හාගර් හා ඇගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල්ව අන්තිමේදී පිටමං කළා. එහෙත්, ඔවුන් වෙනුවෙන් ආබ්‍රහම් අයැද සිටි විට, ඉෂ්මායෙල්ට ආශීර්වාද කරන බවට යෙහෝවා පොරොන්දු වුණා.—උත්පත්ති 16:1-4, 10; 17:15, 16, 18-20; 21:8-21.
6 ඔවුන්ට මුලින්ම පොරොන්දුව දුන්නාට බොහෝ කලකට පසුව, දෙවිගේම නියමිත කාලයේදී, 100-හැවිරිදි ආබ්‍රහම්ට හා 90-හැවිරිදි සාරාට පිරිමි දරුවෙකු, එනම් ඊසාක්ව ලැබුණා. එය මොනතරම් ප්‍රීතියක් වෙන්න ඇද්ද! මෙම මහලු යුවළගේ “මළ” ශරීරවලින් නව ජීවිතයක් බිහි කළ විට, එය ඇත්තෙන්ම නැවත නැඟිටීමක් මෙන් වුණා. (රෝම 4:19-21) දිගු කලක් බලා සිටින්න සිදු වූ නමුත්, අන්තිමේදී පොරොන්දුව ඉටු වූ විට, බලා සිටීම වටිනා එකක් වුණා.
7. ඇදහිල්ල, විඳදරාගැනීමට සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද?
7 ඇදහිල්ල කෙටි කලකට පමණක් තිබිය යුතු එකක් නොවන බව ආබ්‍රහම්ගේ ආදර්ශය අපට සිහිගන්වනවා. පාවුල් මෙසේ ලියූ විට ඔහු ඇදහිල්ල විඳදරාගැනීමට සම්බන්ධ කළා: “[දෙවිගේ] කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] ඕනෑය. . . . අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.” (හෙබ්‍රෙව් 10:36-39) පොරොන්දුව ඉටු වන තුරු බොහෝදෙනෙක් දිගු කලක් බලා සිට තිබෙනවා. සමහරු මුළු ජීවිත කාලය පුරාම බලා සිට තිබෙනවා. ඔවුන්ගේ ශක්තිමත් ඇදහිල්ල ඔවුන්ව උසුලා දරාගෙන තිබෙනවා. එමෙන්ම, ආබ්‍රහම් මෙන්, ඔවුන්ද යෙහෝවාගේ නියමිත කාලයේදී විපාකය ලබාගන්නවාමයි.—හබක්කුක් 2:3.
දෙවිට සවන් දීම
8. අදදින අප දෙවිට සවන් දෙන්නේ කෙසේද? එය අපේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇත්තේ මන්ද?
8 අඩුම තරමින් දේවල් හතරක්වත් ආබ්‍රහම්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ අතර, අපටත් උපකාර කරන්න එම දේවලටම හැකියි. පළමුව, යෙහෝවා කතා කළ විට ඇහුම්කන් දීම මගින් තමා ‘දෙවි විද්‍යමානයි කියා විශ්වාස කළ’ බව ඔහු පෙන්නුවා. මෙලෙස, ඔහු යෙරෙමියාගේ දවස්වල සිටි යුදෙව්වන්ට වඩා වෙනස්ව සිටියා. ඔවුන් යෙහෝවා කෙරෙහි විශ්වාස කළ නමුත් ඔහුගේ වචන කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැහැ. (යෙරෙමියා 44:15-19) අදදින, යෙහෝවා අපට කතා කරන්නේ බයිබලයේ පිටුවල ඇති ඔහුගේ ආනුභාව ලත් වචනවලින්. ඒවා “නුඹලාගේ සිත් තුළෙහි . . . අඳුරු තැනක බබළන පහනක්” වාගෙයි කියා පේතෘස් පැවසුවා. (2 පේතෘස් 1:20) අප අවධානයෙන් යුතුව බයිබලය කියවන විට, අපි ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂ්‍ය වන්නෙමු.’ (1 තිමෝති 4:6; රෝම 10:17) තවදුරටත්, මේ අන්තිම දවස්වලදී, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට හා බයිබල් අනාවැකි තේරුම්ගැනීමට මඟ පෙන්වීමක් වන ආත්මික ‘කෑම නියම වේලාවට’ සපයමින් සිටිනවා. (මතෙව් 24:45-47) මේ මාධ්‍යයන් මගින් යෙහෝවාට සවන් දීම, ශක්තිමත් ඇදහිල්ලක් තබාගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්.
9. අප ඇත්තෙන්ම ක්‍රිස්තියානි බලාපොරොත්තුව විශ්වාස කරනවා නම් ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?
9 ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ බලාපොරොත්තුවට කිට්ටුවෙන් සම්බන්ධව තිබුණා. “බලාපොරොත්තුව මත පදනම්ව, තමා බොහෝ ජාතීන්ගේ පියා බවට පත් විය හැකිය යන ඇදහිල්ල ඔහුට තිබුණා.” (රෝම 4:18, NW) අපට උපකාර කළ හැකි දෙවන දෙය වන්නේ මෙයයි. යෙහෝවා, තමාව “[ඕනෑකමින්, NW] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු” බව අප කවදාවත් අමතක නොකළ යුතුයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: ‘ඒ පිණිස අපි වැඩ කරමු, වීර්යය කරමු, මක්නිසාද ජීවමාන දෙවි [දෙවිකෙනෙක්, NW] කෙරෙහි අපි බලාපොරොත්තු වී සිටිමු.’ (1 තිමෝති 4:10) අප ඇත්තෙන්ම ක්‍රිස්තියානි බලාපොරොත්තුව විශ්වාස කරනවා නම්, ආබ්‍රහම්ගේ වගේම අපේ මුළු ජීවිත මාර්ගයත් අපේ ඇදහිල්ල පිළිබඳ විදහාපෑමක් වෙන්න යනවා.
දෙවි සමඟ කතා කිරීම
10. අපේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇත්තේ කිනම් අයුරක යාච්ඤාවකින්ද?
10 ආබ්‍රහම් දෙවි සමඟ කතා කළ අතර, මෙය ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කළ තුන්වන දෙය වුණා. යේසුස් ක්‍රිස්තුස් මගින් ලැබී තිබෙන යාච්ඤාව නමැති ත්‍යාගය යොදාගෙන, අදදින, අපටත් යෙහෝවා සමඟ කතා කළ හැකියි. (යොහන් 14:6; එපීස 6:18, 20ආ) නිතර යාච්ඤා කිරීමට ඇති අවශ්‍යතාව අවධාරණය කරන උපමාවක් කිව්වාට පසුව යේසු මෙම ප්‍රශ්නය ඇසුවා: ‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි [ඔහුට ඇත්තෙන්ම, NW] පොළොවේ ඇදහිල්ල සම්බ වේද?’ (ලූක් 18:8) ඇදහිල්ල ගොඩනංවන යාච්ඤාව, සිතා බැලීමකින් තොරව නිකම්ම යාන්ත්‍රිකව කරන දෙයක් නොවෙයි. එය ගැඹුරු අර්ථවත්බවකින් යුක්තයි. උදාහරණයක් වශයෙන්, අපට වැදගත් තීරණ ගැනීමට තිබෙන විට හෝ සෑහෙන පීඩනයක් යටතේ අප සිටින විට හෘදයාංගම යාච්ඤාව අතිවැදගත් වෙනවා.—ලූක් 6:12, 13; 22:41-44.
11. (අ) ආබ්‍රහම් තම හෘදය දෙවිට විවෘත කළ විට ඔහුව ශක්තිමත් කළේ කෙසේද? (ආ) ආබ්‍රහම්ගේ අද්දැකීමෙන් අපට කුමක් උගත හැකිද?
11 ආබ්‍රහම් මහලු වෙමින් සිටි අතර, ඒ වන විටත් යෙහෝවා ඔහුට පොරොන්දු වූ වංශය දී තිබුණේ නැති නිසා, ඔහුගේ සැලකිල්ලට භාජන වූ දේ ගැන ඔහු දෙවිට පැවසුවා. යෙහෝවා ඔහුව ශක්තිමත් කළා. ප්‍රතිඵලය? ආබ්‍රහම් ‘යෙහෝවාව විශ්වාස කළේය; ඔහු ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්තේය.’ එවිට, ශක්තිමත් කිරීම සඳහා තමා පැවසූ වචන ස්ථිර කිරීම පිණිස යෙහෝවා ලකුණක් සැපයුවා. (උත්පත්ති 15:1-18) යාච්ඤාව තුළින් අපි යෙහෝවාට අපේ හෘද විවෘත කරනවා නම්, ඔහුගේ වචනය වන බයිබලයේ ඇති යෙහෝවාගේ සහතික කිරීම් පිළිගන්නවා නම් හා පූර්ණ ඇදහිල්ලකින් ඔහුට කීකරු වෙනවා නම්, යෙහෝවා අපේ ඇදහිල්ලත් ශක්තිමත් කරයි.—මතෙව් 21:22; යූද් 20, 21.
12, 13. (අ) යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කළ විට ආබ්‍රහම් ආශීර්වාද ලැබුවේ කෙසේද? (ආ) කිනම් අයුරක අද්දැකීම් අපේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇද්ද?
12 ආබ්‍රහම්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ හතරවන දෙය වුණේ, ඔහු දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය කළ විට යෙහෝවා ඔහුට දුන් උපකාරයයි. ආක්‍රමික රජවරුන්ගෙන් ලොත්ව බේරාගැනීමට ආබ්‍රහම් ගිය විට, යෙහෝවා ඔහුට ජයග්‍රහණය දුන්නා. (උත්පත්ති 14:16, 20) තම වංශය උරුම කරගැනීමට තිබුණු දේශයෙහි ආබ්‍රහම් තාවකාලික වැසියෙකු මෙන් ජීවත් වූ කාලය අතරතුරේදී, යෙහෝවා ඔහුට ද්‍රව්‍යමය දේවලින් ආශීර්වාද කළා. (උත්පත්ති 14:21-23 සසඳන්න.) ඊසාක්ට සුදුසු භාර්යාවක් සෙවීමට යද්දී ඔහුගේ මෙහෙකරුවා දැරූ වෑයම්වලදී යෙහෝවා මඟ පෙන්වීමක් දුන්නා. (උත්පත්ති 24:10-27) ඔව්, යෙහෝවා ‘සියල්ලේදී ආබ්‍රහම්ට ආශීර්වාද කර තිබුණා.’ (උත්පත්ති 24:1) ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ඇදහිල්ල කොයිතරම් ශක්තිමත්ව හා යෙහෝවා දෙවි සමඟ ඔහුගේ සබඳතාව කොයිතරම් සමීපව තිබුණාද කිවහොත් යෙහෝවා ඔහුව හැඳින්නුවේ “මාගේ මිත්‍රයා” කියායි.—යෙසායා 41:8; යාකොබ් 2:23.
13 අපට අදදින එවැනි ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටිය හැකිද? ඔව්, ආබ්‍රහම් මෙන්, යෙහෝවාගේ ආඥාවලට කීකරු වීම මගින් අප ඔහුව පරීක්ෂා කර බලනවා නම්, ඔහු අපටත් ආශීර්වාද කරන අතර, එමගින් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. උදාහරණයක් වශයෙන්, 1998 සේවා වර්ෂයේ වාර්තාව දෙස නෙත් යොමු කරන විට, ශුභාරංචිය දේශනා කරන්න යන ඔහුගේ අණට බොහෝදෙනෙක් කීකරු වූ විට ඔවුන් පුදුම විදිහකට ආශීර්වාද ලැබූ බව පෙනෙන්න තිබෙනවා.—මාර්ක් 13:10.
අදදින ඇදහිල්ල පිළිබඳ වාර්තාවක්
14. රාජ්‍ය ආරංචි අංක 35 බෙදාහැරීමේ වැඩයට යෙහෝවා ආශීර්වාද කළේ කෙසේද?
14 පසුගිය 1997 ඔක්තෝබර්වලදී, සාක්ෂිකරුවන් මිලියන ගණනකගේ ජ්වලිතය හා උද්‍යෝගයට ස්තුතිවන්ත වෙන්න, රාජ්‍ය ආරංචි අංක 35 සම්බන්ධයෙන් තිබූ ලෝක ව්‍යාප්ත බෙදාහැරීමේ වැඩයට විශිෂ්ට සාර්ථකත්වයක් අත් වුණා. ඝානාවෙහි සිදු වූ දෙය එයට කදිම උදාහරණයක්. භාෂා හතරකින් පිටපත් මිලියන 2.5ක් පමණ බෙදා දුන් අතර, ප්‍රතිඵලයක් වශයෙන් බයිබල් පාඩම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලා තිබුණා. සයිප්‍රස්හිදී රාජ්‍ය ආරංචි බෙදාහරිමින් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙක්, තමන්ගේ පිටුපසින් පූජකයෙක් එනවා දැක්කා. ටිකකට පසු, ඔවුන් ඔහුට රාජ්‍ය ආරංචි පිටපතක් ඉදිරිපත් කළා. ඒ වන විටත් පිටපතක් අතැතිව සිටි ඔහු මෙසේ පැවසුවා: “ඒකෙ තියෙන පණිවිඩය මගේ හිතට මොනතරම් කාවැදුණාද කියනවා නම්, ඒක ලියුව අයට ස්තුති කරන්න මට ඕනෙ වුණා.” ඩෙන්මාර්ක්වලදී, කදිම ප්‍රතිඵල ඇතුව රාජ්‍ය ආරංචි පිටපත් මිලියන 1.5ක් බෙදාහරිනු ලැබුවා. එහි සිටින මහජන සබඳතා පිළිබඳ රැකියාවක් කරන කාන්තාවක් මෙසේ පැවසුවා: “පත්‍රිකාවේ සෑමදෙනාටම පණිවිඩයක් තියෙනවා. ඒක තේරුම්ගන්න පහසුයි; ඒක පෙලඹීමක් ඇති කරනවා; ඒ වගේම තවත් දැනගන්න ආශාවක් ඇති කරවනවා. ඇත්තෙන්ම ඒක කෙළින්ම කාරණාවට බහිනවා!”
15. සෑම තැනකම සිටින ජනයා වෙත යෑමට දරන ප්‍රයත්නයට යෙහෝවා ආශීර්වාද කළ බව පෙන්වන්නේ කුමන අද්දැකීම්ද?
15 ජනයාට ඔවුන්ගේ නිවෙස්වලදී පමණක් නොව නමුත් සෑම තැනකදීම දේශනා කිරීමට, 1998දී ප්‍රයත්නයක් දරා තිබෙනවා. අයිවරි කෝස්ට්හි මිෂනාරි යුවළක් නැව් තටාකවල තිබූ නැව් 322ක සිටි අයව හමු වෙන්න ගියා. ඔවුන් පොත් 247ක්, සඟරා 2,284ක්, විවරණිකා 500ක් සහ පත්‍රිකා සියගණනක් මෙන්ම මුහුදු ගමනේදී බැලීමට නාවිකයන් සඳහා වීඩියෝ පටි ලබා දුන්නා. කැනඩාවේ සාක්ෂිකරුවෙක් වාහන අලුත්වැඩියා කරන වැඩපොළකට ගියා. අයිතිකරුවා උනන්දුවක් දැක්වූ අතර, සහෝදරයා පැය හතරහමාරක් එහි ගත කළා; නමුත් පාරිභෝගිකයන් එන යන අතර කාලයේදී සාක්ෂිදැරීම සඳහා ගත කරන්න ලැබුණේ පැයක් වැනි කාලයක් පමණයි. අන්තිමේදී, ප.ව. 10.00ට පාඩමක් පැවැත්වීමට සැලසුම් කළා. එහෙත්, ඇතැම් අවස්ථාවලදී, මධ්‍යම රාත්‍රිය වන තෙක්ම එය පටන්ගන්න බැරි වුණ අතර, පාන්දර දෙක වෙන තුරු පාඩම පැවතුණා. කාලසටහන අභියෝගයක් මෙන් පෙනෙන්න තිබුණ නමුත් හොඳ ප්‍රතිඵල නෙළාගනු ලැබුවා. රැස්වීම්වලට යෑම සඳහා ඉරිදා දිනවල තම වැඩපොළ වැසීමට එම මිනිසා තීරණය කළා. ඔහු සහ ඔහුගේ පවුලේ අය වැඩි කල් යෑමට පෙර කදිම ප්‍රගතියක් ලබමින් සිටියා.
16. දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩයේදී, ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත ප්‍රබල මෙවලම් වන බව පෙන්වන්නේ කුමන අද්දැකීම්ද?
16 දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩයෙහි දිගටම ප්‍රබල බලපෑමක් ඇති කරන මෙවලම් වී තිබෙනවා. ඉතාලියේ කන්‍යා සොහොයුරියක් බස් රථයක් එනතුරු බලා සිටිද්දී රාජ්‍ය ආරංචි පිටපතක් පිළිගත්තා. ඊළඟ දවසේදී, යළිත් ඇයව හමු වෙන්න ගිය අතර, ඕනෑ කරන්නේ විවරණිකාව පිළිගත්තා. ඉන්පසු සෑම දිනකම, ඇයට බස් නැවතුම්පොළේදී විනාඩි 10කට හෝ 15කට පමණ බයිබල් පාඩමක් පැවැත්තුවා. මාස එකහමාරකට පස්සේ, කන්‍යාරාමය අත්හැර ග්වාටමාලාහි ඇගේ නිවසට ගොස් දිගටම ඇගේ පාඩම කරන්න තීරණය කළා. මලාවිවල පල්ලි කණුවක්ව සිටි ලොබිනා, තම දියණියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් විට, එයට කැමැත්තක් දැක්වුවේ නැහැ. එහෙත්, ඒ ගැහැනු ළමයි තමන්ට හැකි අවස්ථාවලදී තම මවට බයිබල් සත්‍යය ප්‍රකාශ කළා. වර්ෂ 1997 ජූනිවලදී, ලොබිනා දැනුම පොත දුටු අතර, “මඟ පෙන්වන දැනුම” යන ප්‍රකාශය දැකීමෙන් ඇය තුළ ලොකු කුතුහලයක් ඇති වුණා. ජූලිවලදී ඇය බයිබල් පාඩමක් කිරීමට එකඟ වුණා. අගෝස්තුවලදී ඇය දිස්ත්‍රික් සමුළුවට ගොස්, මුළු වැඩසටහනටම පරෙස්සමින් සවන් දුන්නා. එම මාසයේ අවසානය වන විට, ඇය පල්ලිය අත්හැර, බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් ලෙස සුදුසුකම් ලැබ සිටියා. වර්ෂ 1997 නොවැම්බර්වලදී ඇය බව්තීස්ම ලැබුවා.
17, 18. ආත්මික දේවල් ‘දැකීමට’ පුද්ගලයන්ට උපකාර කිරීමේදී සමිතියේ වීඩියෝ පටි ප්‍රයෝජනවත් බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?
17 සමිතියේ වීඩියෝ පටි ආත්මික දේවල් ‘දැකීමට’ බොහෝදෙනෙක්ට උපකාර කර තිබෙනවා. මොරිෂස්වල එක් මනුෂ්‍යයෙක්, පල්ලියේ අසමගිය නිසා එය අත්හැරීමට තීරණය කළා. දිව්‍ය ඉගැන්වීම මගින් එක්සත් කරනු ලැබ (ඉංග්‍රීසියෙන්) නමැති වීඩියෝ පටිය යොදාගනිමින්, මිෂනාරිවරයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ඇති සමඟිය ඔහුට පෙන්නුවා. පුදුමයට පත් මෙම මනුෂ්‍යයා මෙසේ පැවසුවා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඔබලා දැනටමත් ඉන්නේ පාරාදීසයෙයි!” ඔහු බයිබල් පාඩමක් කිරීමට කැමති වුණා. ජපානයේ සහෝදරියක් තම නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයාට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—නාමය පිටුපස තිබෙන සංවිධානය (ඉංග්‍රීසියෙන්) නම් වීඩියෝ පටිය පෙන්වූ අතර, නිතිපතා බයිබල් පාඩමක් කිරීමට ඔහු පෙලඹුණා. දිව්‍ය ඉගැන්වීම මගින් එක්සත් කරනු ලැබ නැරඹූ පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වීමට ඔහුට වුවමනා වුණා. ඔහුගේ ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට, බයිබලය—සත්‍යතාවන් හා අනාවැකි ඇතුළත් ග්‍රන්ථයක් (ඉංග්‍රීසියෙන්) යන මැයෙන් යුතු කොටස් තුනක දර්ශන මාලාව ඔහුට උපකාර කළා. අන්තිමේදී, සාතන්ගේ ප්‍රහාරවලට එරෙහිව යෙහෝවා තම සෙනඟ ශක්තිමත් කරන බව, යෙහෝවාගේ සාක්ෂිකාරයන් නාට්සි හිංසාවන් හමුවෙහි ස්ථිරව (ඉංග්‍රීසියෙන්) නම් වීඩියෝ පටියෙන් ඔහුට පෙන්නුවා. ඒ මනුෂ්‍යයා 1997 ඔක්තෝබර්වලදී බව්තීස්ම වුණා.
18 පසුගිය සේවා වසරේ තිබූ ප්‍රීතිමත් අද්දැකීම් බොහෝමයකින් මේවා කිහිපයක් පමණයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ක්‍රියාශීලී ඇදහිල්ලක් තිබෙන බවත්, ඔවුන්ගේ වැඩ කටයුතුවලට ආශීර්වාද කිරීම මගින් යෙහෝවා එම ඇදහිල්ල ශක්තිමත් කරන බවත් ඒවායින් පෙන්වනවා.—යාකොබ් 2:17.
අදදින ඇදහිල්ල වර්ධනය කරන්න
19. (අ) ආබ්‍රහම් සිටිය තත්වයට වඩා හොඳ තත්වයක අප සිටින්නේ කෙසේද? (ආ) යේසුගේ පූජනීය මරණය සිහි කිරීමට පසුගිය වසරේ කීදෙනෙක් එක්රැස් වුණාද? (ඇ) පසුගිය වසරේදී සිහි කිරීමේ උත්සවයට පැමිණීම සම්බන්ධයෙන් කැපීපෙනුණ රටවල් මොනවාද? (12 සිට 15 දක්වා පිටුවල සටහන බලන්න.)
19 බොහෝ ආකාරවලින් අදදින අප ආබ්‍රහම්ට වඩා හොඳ තත්වයක සිටිනවා. යෙහෝවා ආබ්‍රහම්ට වූ සෑම පොරොන්දුවක්ම ඉටු කළ බව අප දන්නවා. ආබ්‍රහම්ගේ දරුමුනුපුරන් කානාන් දේශය උරුම කරගත් අතර, ඔවුන් මහත් ජාතියක් බවට පත් වුණා. (1 රාජාවලිය 4:20; හෙබ්‍රෙව් 11:12) එපමණක්ද නොව, ආබ්‍රහම් හාරාන් අත්හැර ගොස් වසර 1,971කට පමණ පසුව, ඔහුගෙන් පැවතෙන්නෙක් වූ යේසුව, යොහන් බව්තීස්ත විසින් වතුරෙහි බව්තීස්ම කරනු ලැබුවා; ඒත් එක්කම සම්පූර්ණ, ආත්මික අර්ථයකින් ආබ්‍රහම්ගේ වංශය වූ මෙසියස් බවට පත්වීම සඳහා යෙහෝවා විසින්ම ඔහුව ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරනු ලැබුවා. (මතෙව් 3:16, 17; ගලාති 3:16, 17අ) පොදු යුගයේ 33හි නීසාන් 14වනදා, තමන් කෙරෙහි ඇදහිල්ල පවත්වන්න යන අය සඳහා මිදීමේ මිලයක් වශයෙන් යේසු තම ජීවිතය ඔප්පු කළා. (මතෙව් 20:28; යොහන් 3:16) ඔහු මාර්ගයෙන් එවිට මිලියන සංඛ්‍යාතයකට ආශීර්වාද ලැබිය හැකිව තිබුණා. මේ අනර්ඝ ප්‍රේමයේ ක්‍රියාව සැමරීමට පසුගිය වසරේ නීසාන් 14වනදා 1,38,96,312දෙනෙක් එක්රැස් වුණා. මෙය පොරොන්දු ඉටු කරන අතිඋතුම් තැනැත්තා වන යෙහෝවාව කොයිතරම් නිදොස් කරනවාද!
20, 21. පළමු සියවසේ සියලු ජාතීන්ගෙන් සෙනඟක් ආබ්‍රහම්ගේ වංශය මගින් ආශීර්වාද ලබාගත්තේ කෙසේද? එමෙන්ම අදදින ඔවුන් තමන්ටම ආශීර්වාද ලබාගන්නේ කෙසේද?
20 මුල් සියවසේදී, මාංසික ඉශ්‍රායෙලයේ පටන් සියලු ජාතීන්ගෙන් බොහෝදෙනෙක්, ආබ්‍රහම්ගේ මෙම වංශය කෙරෙහි ඇදහිල්ල පැවැත්වූ අතර දෙවිගේ ආලේප ලත් පුත්‍රයන්, ‘දෙවිගේ’ නව, ආත්මික ‘ඉශ්‍රායෙලයේ’ සාමාජිකයන් බවට පත් වුණා. (ගලාති 3:26-29; 6:16; ක්‍රියා 3:25, 26) දෙවිගේ රාජ්‍යයේ හවුල් පාලකයන් වශයෙන් ස්වර්ගයෙහි අමරණීය ආත්ම ජීවිතයක් ලබාගැනීමේ ස්ථිර අපේක්ෂාව ඔවුන්ට තිබුණා. මේ ආකාරයෙන් ආශීර්වාද ලබනු ඇත්තේ 1,44,000ක් පමණක් වන අතර, ඔවුන්ගෙන් කීපදෙනෙක් ඉතිරිව සිටිනවා. (එළිදරව් 5:9, 10; 7:4) පසුගිය වසරෙහි, සිහි කිරීමේ උත්සවයේදී සංකේත ගැනීම මගින් තමන් මේ සංඛ්‍යාවට ඇතුළත්ය යන්න 8,756දෙනෙක් විශ්වාස කළ බවට සාක්ෂි සැපයුවා.
21 අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම පාහේ, එළිදරව් 7:9-17හි පුරෝකථනය කර ඇති ‘මහත් සමූහයට’ අයත් වෙනවා. යේසු මගින් ඔවුන් තමන්ට ආශීර්වාද ලබාගන්න නිසා, පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබීමේ බලාපොරොත්තුව ඔවුන්ට තිබෙනවා. (එළිදරව් 21:3-5) වර්ෂ 1998දී දේශනා වැඩයෙහි සහභාගි වූ 58,88,650දෙනා මේ සමූහය ඇත්තෙන්ම “මහත්” බවට සාක්ෂියක්. රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකෙහිම මුල් වතාවට ප්‍රචාරකයන් 1,00,000කට වැඩියෙන් වාර්තා වීම ප්‍රීතිය සඳහා විශේෂ හේතුවක් වුණා. එක්සත් ජනපදයේ වාර්තාවද කැපීපෙනෙන්නක්: අගෝස්තු මාසයේ ප්‍රචාරකයන් 10,40,283ක් එහි වාර්තා වුණා! පසුගිය වසරේ ප්‍රචාරකයන් 1,00,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ රටවල් 19න් සඳහන් කළේ රටවල් තුනක් පමණයි.
ළඟදීම ඉටු වන බලාපොරොත්තුවක්
22, 23. (අ) ඇයි අපි අදදින අපේ හෘද ස්ථිර කරගත යුත්තේ? (ආ) පාවුල් විසින් සඳහන් කළ නොඇදහිලිවන්ත අය මෙන් නොව, අප ආබ්‍රහම් මෙන්යයි ඔප්පු කිරීමට අපට හැක්කේ කෙසේද?
22 යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීමට අප කොතරම් ළඟා වෙලාද කියන එක සම්බන්ධයෙන් සිහි කිරීමේ උත්සවයට පැමිණි අයට සිහිගැන්වුවා. වර්ෂ 1914දී, යේසුව දෙවිගේ ස්වර්ග රාජ්‍යයේ රජු හැටියට සිංහාසනාරූඪ කරනු ලැබූ අතර, ඔහුගේ රාජ්‍ය බලයෙන් පැමිණ සිටීම ඇරඹුණා. (මතෙව් 24:3; එළිදරව් 11:15) ඔව්, ආබ්‍රහම්ගේ වංශය දැන් ස්වර්ගයෙහි පාලනය කරනවා! යාකොබ් ඔහුගේ දවසේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: “ඔබත් ඉවසිලිවන්තව සිටින්න; ස්වාමීන්ගේ පැමිණ සිටීම ළංව තිබෙන බැවින් ඔබේ හෘද ස්ථිර කරගන්න.” (යාකොබ් 5:8, NW) ඇත්තෙන්ම, එම පැමිණ සිටීම දැන් යථාර්ථයක්! මෙය අපේ හෘද ස්ථිර කරගැනීමට තවත් මොනතරම් කදිම හේතුවක්ද!
23 නිතිපතා බයිබලය පාඩම් කිරීම හා අර්ථවත් යාච්ඤාව මගින් දෙවිගේ පොරොන්දු කෙරෙහි අපගේ නිසැකකම නිරතුරුවම යළි පණගන්වනු ලැබේවා! අප යෙහෝවාගේ වචනයට කීකරු වෙද්දී ඔහුගේ ආශීර්වාද නොනැවතී අපට ලැබේවා! එවිට අප පාවුල් සඳහන් කළාක් මෙන් ඇදහිල්ල දුර්වල කරගෙන මියගිය අය මෙන් නොව ආබ්‍රහම් මෙන් වේවි. අපේ අතිශුද්ධ ඇදහිල්ලෙන් අපව වෙන් කිරීමට කිසිවකට නොහැකි වෙයි. (යූද් 20) එක්දාස් නවසිය අනූනවයේ සේවා වසරේදී හා සදාකාල අනාගතය තුළදී යෙහෝවාගේ සේවකයන් සියලුදෙනාම සඳහා මෙය සත්‍යයක් වේවා කියා අපි යාච්ඤා කරන්නෙමු.
ඔබ දන්නවාද?
◻ අදදින දෙවිට සවන් දීමට අපට හැක්කේ කෙසේද?
◻ දෙවිට අර්ථවත්ව යාච්ඤා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
◻ අප කීකරුව යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කරනවා නම්, අපේ ඇදහිල්ල ශක්තිමත් වන්නේ කෙසේද?
◻ විශේෂයෙන්ම ඔබේ සිත්ගන්නේ (12 සිට 15 දක්වා පිටුවල ඇති) වාර්ෂික වාර්තාවේ කුමන පැතිද?
[12-15වන පිටුවේ වගුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1998 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[16වන පිටුවේ පින්තූරය]
අප යෙහෝවාගේ වචනයට සවන් දුන්නොත්, සිය පොරොන්දු කෙරෙහි ඇති අපේ නිසැකකමට නව පණක් ලැබෙයි
[18වන පිටුවේ පින්තූරය]
සේවයට සහභාගි වීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙයි