ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 2/15 26-29 පි.
  • සීලස් දිරිගැන්වීමේ උල්පතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සීලස් දිරිගැන්වීමේ උල්පතක්
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය
  • පාවුල් සමඟ ගමන් කිරීම
  • පහර දී, සිරගත කර
  • මකිදෝනියාවේ සිට බබිලෝනිය දක්වා
  • අනුකරණය කිරීමට ආදර්ශයක්
  • ‘මැසිඩෝනියාවට එන්න’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • හිරගෙදර භාරකරු ශුභාරංචිය පිළිගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 2/15 26-29 පි.

සීලස් දිරිගැන්වීමේ උල්පතක්

ක්‍රිස්තියානි ඉතිහාසයේ මුල පටන්, දෙවිගේ සෙනඟගේ සභා දිරිගැන්වීමටත්, පොළොවේ ඈත එපිට ප්‍රදේශවලට ශුභාරංචිය පතළ කිරීමටත්, ඇදහිලිවන්ත සංචාරක අවේක්ෂකයන්ගේ ක්‍රියාකාරකම ඉතා වැදගත් වුණා. මුලින්ම පත් කළ අවේක්ෂකයන් අතර යෙරුසලමේ සභාවේ ප්‍රොපේතවරයෙක් හා පෙරමුණ ගත් සාමාජිකයෙක් වූ සීලස්ද සිටියා. දේශනා වැඩයෙහි අතිවැදගත් වර්ධනයන් සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් දැරූ ඔහු, යුරෝපීය බලප්‍රදේශයේ මුලින්ම එවැන්ජලිස්ත මෙහෙයේ යෙදුණු මිෂනාරිවරුන්ගෙන් කෙනෙක්ද වුණා. මේ සියල්ල කිරීමට මෙතරම් සුදුසුකම් අත් කරගන්න සීලස්ට හැකි කළේ කුමක්ද? එමෙන්ම අප අනුකරණය කිරීමට සුදුසු වන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයේ කුමන ගතිලක්ෂණද?

චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය

පොදු යුගයේ 49දී පමණ චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නයක් පැනනැඟුන විට, එතුළින් භේද පැතිරීමට ඉඩ කඩ තිබූ නිසා, ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම සඳහා ක්‍රිස්තියානීන් අතර පැහැදිලි උපදෙස් බෙදාහැරීමට යෙරුසලමේ පාලක මණ්ඩලයට සිදු වුණා. මේ තත්වයන් යටතේදී, සිල්වානස් යනුවෙන්ද හැඳින්වෙන සීලස්ව බයිබල් වාර්තාවේ දක්නට ලැබෙනවා. ඔහු තීරණ ගත් අය අතරෙහි සිටින්න ඇති අතර, පසුව “ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන්” විසින් තම තීරණය “අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් කිලිකියෙහිත් වසන . . . සහෝදරයන්ට” ප්‍රකාශ කිරීමට ඔහුව තෝරාගන්න ඇති. අන්තියෝකියේදී, පාවුල් හා බාර්ණබස් සමඟ පැමිණ සිටි සීලස් හා යූදස් (බර්සබ්බස්), යෙරුසලමේ රැස්වීමේදී සිද්ධ වූ දේවල්, ගත්ත තීරණ හා ලිපියේ අඩංගු දේවල් ගැන පැහැදිලිවම මුඛයෙන් ප්‍රකාශ කරමින් තමන් ගෙනා ලියුම භාර දුන්නා. තවද ඔවුන් ‘සහෝදරයන්ට අවවාද කර, ඔවුන්ව ස්ථිර කළා.’ සතුටුදායක ප්‍රතිඵලයක් වශයෙන් අන්තියෝකියේ ක්‍රිස්තියානීන් ‘ප්‍රීති වුණා.’—ක්‍රියා 15:1-32.

මෙලෙස සීලස් මෙම වැදගත් ප්‍රශ්නය සමථයකට පත් කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. නමුත් ඔහුගේ පැවරුම පහසු කාර්යයක් වුණේ නැහැ. තීරණය කර ඇති දේට අන්තියෝකියේ සභාව ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන දැනගැනීමට මාර්ගයක් තිබුණේ නැහැ. මෙබැවින්, “ප්‍රේරිතයන්ට තමන්ගේ ලිපියෙහි ලියා තිබෙන දේ විස්තර කිරීමට සෑහෙන ප්‍රඥාවක් හා උපායශීලීභාවයක් ඇති කෙනෙක් අවශ්‍ය වුණා” කියා එක් විස්තර ප්‍රචාරකයෙක් සඳහන් කරනවා. ඉතා පරෙස්සමින් හැසිරවිය යුතු මෙම පැවරුම සඳහා සීලස්ව තෝරාගැනීම, ඔහු මොන වගේ කෙනෙක්ව සිටින්න ඇද්ද කියා අපට අඟවනවා. පාලක මණ්ඩලයේ උපදෙස් විශ්වාසවන්තව ඉදිරිපත් කරන්නෙක් වෙයි කියා ඔහු කෙරෙහි රඳාපැවතිය හැකි වුණා. සභාව මතභේදයේ තර්ජනයට ලක් වූ විට, ඔහු සමාදානය ඇති කළ හැකි ඥානවන්ත අවේක්ෂකයෙක්ද වෙන්න ඇති.

පාවුල් සමඟ ගමන් කිරීම

එම දූත මෙහෙයෙන් පසු සීලස් යළි යෙරුසලමට ගියාද නැද්ද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකියි. කෙසේවෙතත්, යොහන් මාර්ක් සම්බන්ධයෙන් බාර්ණබස් හා පාවුල් අතර ඇති වූ විවාදයෙන් පසු, ඒ කාලයේදී අන්තියෝකියේ සිටි සීලස්ව පාවුල් තෝරාගත්තා; එසේ කළේ තම මුල් මිෂනාරි ගමනේදී දේශනා කර තිබූ නගරවලට යළි යෑමේ මූලික අරමුණ ඇතුව අලුත් ගමනකට මුලපිරීම සඳහායි.—ක්‍රියා 15:36-41.

සීලස්ව තෝරාගැනීම සඳහා, අන්‍යජාතිකයන්ගේ මෙහෙය කෙරෙහි ඔහුට තිබූ ඒකාන්ත ආකල්පයත්, ප්‍රොපේතවරයෙක් හා පාලක මණ්ඩලයේ නියෝජිතයෙකු වශයෙන් ඔහුට තිබූ අධිකාරියත් බලපෑවා විය හැකියි; ඔහු ඔවුන්ගේ තීරණවලට අනුබල දෙමින් සිරියාවේ හා කිලිකියේ ඇදහිලිවන්තයන් වෙතට එම පණිවිඩ ගෙන ගියා. ලැබුණු ප්‍රතිඵල විශිෂ්ටයි. ක්‍රියා පොත එය මෙහෙම විස්තර කරනවා: “ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය. මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.”—ක්‍රියා 16:4, 5.

මිෂනාරිවරුන් ගමන් කරද්දී, ඔවුන් සැලසුම් කර තිබූ ගමන් මඟ ශුද්ධාත්මය මගින් දෙවතාවක් වෙනස් කළා. (ක්‍රියා 16:6, 7) ලුස්ත්‍රාවේදී, තිමෝති සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් විස්තර කර නැති, ‘අනාවැකි’ පළ කළායින් පසු ඔහුවත් ගමන් කරමින් සිටි කණ්ඩායමට ඇතුළත් කරගත්තා. (1 තිමෝති 1:18; 4:14) අනාගතවාක්‍යය කීමේ දීමනාවත් තිබුණ පාවුල් දුටු දර්ශනයක් මගින්, ගමන් කරමින් සිටි ඔහුගේ මිත්‍රයන්ට යුරෝපයේ මකිදෝනියට යාත්‍රා කිරීමට මඟ පෙන්වීම ලැබුණා.—ක්‍රියා 16:9, 10.

පහර දී, සිරගත කර

“දිශාවේ ප්‍රධාන නුවර” වූ පිලිප්පියේදී සීලස්ට අමතක කළ නොහැකි දැඩි දුෂ්කරතා විඳින්න සිදු වුණා. ශාස්ත්‍ර කියන ආත්මයක් ඇති මෙහෙකාර තරුණියකගෙන් පාවුල් එම ආත්මය පහ කළ පසු, තමන්ගේ මුදල් ඉපැයීමේ මාර්ගයක් නැති කර දැමූ බව දුටු ඇගේ අයිතිකරුවන් සීලස්ව හා පාවුල්ව නුවරේ නඩුකාරයන් වෙතට ඇදගෙන ගියා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් දෙදෙනාව වැරදිකරුවන් හැටියට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරමින් අගෞරවයට පාත්‍ර කර, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා, වෙළඳාම්පොළේදී කෝටුවලින් තළනු ලැබුවා.—ක්‍රියා 16:12, 16-22.

එවැනි ආකාරයේ තැළීමකට ලක්වීම මිනිසෙකුගේ විඳදරාගැනීමේ ශක්තිය අන්තයටම පරීක්ෂා කරනු ලබන, ඉතා දරුණු දඬුවමක් වූවා පමණක් නොව, නමුත් පාවුල් හා සීලස් සම්බන්ධයෙන් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී දඬුවමක් වූවා. මන්ද? කිසිම රෝමානු වැසියෙකුට පහර දිය නොහැකියි යන නීතියක් රෝමානු නීතිවල පිහිටුවා තිබුණ නිසායි. පාවුල්ට රෝමානු පුරවැසිබව තිබුණු අතර, සීලස්ටත් එලෙස තිබුණා විය හැකියි. පාවුල් හා සීලස්ට “බොහෝ පහර” දුන්නායින් පසුව, ඔවුන්ව සිරගෙයි දමා පාද දඬුකඳේ ගසා තිබුණා. මෙය “නින්ද යෑම වැළැක්වීමේ මාර්ගයක් වශයෙන් හැකි උපරිමයෙන් පාද ඈත් කර තැබිය හැකි කෲර උපකරණයක්” කියා ගුස්ටාෆ් ස්ටාහ්ලින් විස්තර කරනවා. එහෙත්, ඔවුන්ගේ පිටවල්වල අධික වේදනාකාරි තුවාල තිබුණත් රාත්‍රි යාමේදී “පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් [දෙවිට] ගී කීවෝය.”—ක්‍රියා 16:23-25.

මෙය අපට සීලස්ගේ පෞද්ගලිකත්වය ගැන තවත් යමක් කියාපානවා. ඔවුන් ක්‍රිස්තුස්ගේ නාමය නිසා වේදනා විඳිමින් සිටි බැවින් ඔහු සතුටු වුණා. (මතෙව් 5:11, 12; 24:9) පැහැදිලිවම කලින් අන්තියෝකියේ පැවති මෙහෙයේදී තම සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රීතිවීමට සලස්වමින්, සභාව දිරිගැන්වීමෙහි හා ශක්තිමත් කිරීමෙහි සඵල වීමට සීලස්ට හා ඔහුගේ මිත්‍රයන්ට හැකි කර තිබුණේ ඔවුන්ට තිබූ එම ස්වභාවයමයි. ආශ්චර්යවත් ලෙස සිදු වූ මහත් පොළෝකම්පාවකින් පාවුල් හා සීලස්ව සිරගෙයින් නිදහස් වූ විට ඔවුන්ගේ ප්‍රීතිය වැඩි වෙන්න ඇති; එමෙන්ම සිය දිවි හානි කරගන්න ගිය මුලාදෑනියාට හා ඔහුගේ පවුලේ අයට දෙවි කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමට උපකාර කරන්න හැකිවීමෙන්ද ඔවුන්ගේ ප්‍රීතිය වැඩි වෙන්න ඇති.—ක්‍රියා 16:26-34.

තැළීම්වලින් හා සිරගත වීමෙන් පාවුල් හෝ සීලස් භය වුණේ නැහැ. ඔවුන්ව නිදහස් කරන්න කියා දන්වා යැවූ විට, නඩුකාරයන් අපේක්ෂා කළ ආකාරයට පිලිප්පියෙන් හොර රහසේ ලජ්ජාවෙන් පිටව යෑම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන් ඊට යටත් නොවූ නිසා, අහංකාරව, තම මතයේ එල්බ සිටි එම නිලධාරීන් සිතූ ආකාරයට දේවල් සිදු වුණේ නැහැ. “ඔව්හු රෝමයන්වූ අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධයෙන් අපට තළා, හිරගෙයි දැමුවෝය; දැන් ඔවුන් රහසින් අප අරිනවාද?” පාවුල් ඇසුවා. “එසේ නොව, ඔව්හුම ඇවිත් අප පිටතට [ගෙනයත්වා].” ඉන්පසු ඇති වන ප්‍රතිඵල සම්බන්ධයෙන් බිය වී, නුවරින් පිට වන්න කියා ඔවුන් දෙදෙනාගෙන් බැගෑපත් ලෙස ඉල්ලිය යුතුයයි නඩුකාරයන්ට පෙනීගියා.—ක්‍රියා 16:35-39.

රෝමානුවන් හැටියට තමන්ගේ අයිතිවාසිකම අධිකාරීන්ගේ මනසට කාවැද්දවීමෙන් පසු, පාවුල් හා සීලස් නඩුකාරයන්ගේ ඉල්ලීමට එකඟ වුණා; නමුත් පිටවීමට පෙර තම මිත්‍රයන්ගෙන් ඔවුන් සමුගත්තා. ඒ වන විට මුළු දේශනා ගමනේදීම ගතිලක්ෂණයක්ව තිබුණ දෙයට එකඟව, නැවත වතාවක් සීලස් හා ඔහුගේ සහකාරයා, සහෝදරයන්ව “ධෛර්ය කොට” පිටත්ව ගියා.—ක්‍රියා 16:40.

මකිදෝනියාවේ සිට බබිලෝනිය දක්වා

නපුරු අද්දැකීමක් විඳින්න තිබුණත් අධෛර්යයට පත් නොවී, පාවුල්, සීලස් හා ඔවුන්ගේ මිත්‍රයන් අලුත් මිෂනාරි ක්ෂේත්‍රවලට ඇදී ගියා. තෙසලෝනිකයෙහිදී ඔවුන් යළිත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. සබත් දවස් තුනක් පුරා පාවුල් තම දේවසේවය සාර්ථකව කරගෙන ගිය නිසා, ඊර්ෂ්‍යාසහගත විරුද්ධකාරයන් කෝලාහලයක් ඇති කළා; මිෂනාරිවරුන් රාත්‍රියේම නුවරින් පිට වී යෑම ඥානවන්ත දෙය වුණා. ඔවුන් බෙරීයයට ගියා. එම නුවරේදී පාවුල් හා ඔහුගේ මිත්‍රයන් ඉටු කළ දේ ගැන දැනගන්න ලැබුණු විරුද්ධකාරයන් තෙසලෝනිකයටත් පැමිණුණා. අලුතෙන් උනන්දුව දැක්වූ කණ්ඩායම බලාගැනීමට සීලස් හා තිමෝති බෙරීයයෙහි නැවතී සිටියදී, පාවුල් තනිවම ගියා. (ක්‍රියා 17:1-15) හොඳ ආරංචියක් හා සමහරවිට මකිදෝනියේ ඇදහිලිවන්ත මිත්‍රයන් දුන්නා විය හැකි ත්‍යාගයක්ද රැගෙන යමින් සීලස් හා තිමෝති නැවත කොරින්තියේදී පාවුල් හා එක් වුණා. ඒ අතරතුර කාලයේදී තමාගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා බාහිර රැකියාවක් කරන්න සිදු වූ එම ප්‍රේරිතවරයාට එය අත්හැර, ජ්වලිතව යළිත් පූර්ණ-කාලීන දේශනා සේවය පටන්ගැනීමට එමඟින් හැකි කරවන්න ඇති. (ක්‍රියා 18:1-5; 2 කොරින්ති 11:9) කොරින්තියේදී, සීලස්ව හා තිමෝතිව එවැන්ජලිස්තවරුන් හා පාවුල්ගේ මිත්‍රයන් වශයෙන්ද නම් කර තිබෙනවා. එමනිසා එම නුවරේදීත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මන්දගාමී නොවුණු බව පැහැදිලියි.—2 කොරින්ති 1:19.

මේ කාලයේදී කොරින්තියේ සිට තෙසලෝනිකයට ලියූ ලිපි දෙක පුරාම “අප” යන සර්ව නාමය පාවිච්චි කර තිබීම, සීලස් හා තිමෝති ඒවා ලිවීමට හවුල් වී ඇති බවට ඇඟවීමක් වෙනවා. සීලස් ලිවීමේ ක්‍රියාකාරකමෙහි සහභාගි වුණා යන අදහස ප්‍රධාන වශයෙන්ම පදනම් කරගෙන තිබෙන්නේ, පේතෘස් තමන්ගේම ලිපිවලින් එකක ලියා තිබෙන දෙය අනුවයි. තම මුල් ලිපිය ලියා, ‘විශ්වාස සහෝදරයෙක් වන සිල්වානස් අත එව්වා’ කියා පේතෘස් පවසනවා. (1 පේතෘස් 5:12) සිල්වානස් හුදෙක් ලියුම ගෙනා තැනැත්තා බව මෙයින් අදහස් විය හැකි වුවත්, පේතෘස්ගේ ලිපි දෙක අතර ශෛලියේ වෙනසෙන්, පේතෘස් දෙවන ලිපිය නොව, නමුත් පළමු එක ලිවීමට ලේඛකයෙකු වශයෙන් සීලස්ව යොදාගත් බව කිව හැකියි. මෙබැවින්, සීලස්ගේ කුසලතා රැසට හා දිව්‍යාණ්ඩු වරප්‍රසාදවලට සමහරවිට ලේකම්වරයෙකු වී සිටීමත් ඇතුළත් වන්න ඇති.

අනුකරණය කිරීමට ආදර්ශයක්

සීලස් කර තිබෙන දේවල් ගැන අපි හැරී කල්පනා කරන විට, ඔහුගේ වාර්තාව හද දනවන්නක් බව පෙනී යනවා. නවීන-දින මිෂනාරිවරුන් හා සංචාරක අවේක්ෂකයන් සඳහා ඔහු විශිෂ්ට ආදර්ශයක්. ඔහුට සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැය වුණත්, පරාර්ථකාමී ලෙස විශාල ප්‍රදේශයක දේශනා වැඩයෙහි යෙදුණේ ද්‍රව්‍යමය වාසියක් හෝ කීර්තියක් ලබාගැනීම සඳහා නොව නමුත් අන්‍යයන්ට උපකාර කිරීම සඳහායි. ඔහුගේ අරමුණ වුණේ, ඥානවන්ත හා උපායශීලී උපදෙස්, හොඳින් සූදානම් කළ උණුසුම් කතා මෙන්ම ක්ෂේත්‍ර සේවයේදී ඔහුගේ ජ්වලිතය මගින් ඔවුන්ව දිරිගැන්වීමයි. යෙහෝවාගේ සංවිධානාත්මක ජනයා අතරේ ඔබේ කාර්යභාරය කුමක් වුවත්, විරුද්ධවාදිකම් අභියස පවා ඔබත් එලෙසම ඒකාන්ත වීමට වෑයම් කරනවා නම්, ඔබත් ඔබේ සෙසු ඇදහිලිවන්තයන් සඳහා දිරිගැන්වීමේ උල්පතක් වෙන්න යනවා.

[29වන පිටුවේ සිතියම]

(සඟරාව බලන්න)

පාවුල්ගේ දෙවන මිෂනාරි ගමන

මධ්‍යධරණී මුහුද

අන්තියෝකිය

දර්බය

ලුස්ත්‍රාව

ඉකෝනිය

ත්‍රෝවස

පිලිප්පිය

අම්පිපොලිස

තෙසලෝනිකය

බෙරීයය

අතීනසය

කොරින්තිය

එපීසය

යෙරුසලම

කායිසාරිය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න