ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 5/1 30-31 පි.
  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නැව මුහුදුබත් වී
  • මෙලීතයේදී සිදු වූ ආශ්චර්යය
  • අප සඳහා පාඩමක්
  • “කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම
    මගේ බයිබල් කතන්දර පොත
  • පාවුල්ව රෝමයට යවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “මුහුදේ උපද්‍රව”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 5/1 30-31 පි.

ඔවුහු යෙහෝවාගේ කැමැත්ත කළා

අසීරුතා හමුවේ පාවුල් ජයගනියි

පාවුල්ට යන එන මං නැති තත්වයක් උදා වී ඇත. ඔහු හා තවත් 275දෙනෙක් එව්රකුලොන් නමැති මාරාන්තික මුහුදු සුළංවලට හසුව සිටියි. ඒවා මධ්‍යධරණියේ දරුණුතම සුළං වෙයි. කුණාටුව කොතරම් දරුණුද යත් ඉර නොපෙනෙන අතර රාත්‍රියේ දිදුලන තාරකාද පෙනෙන්නේ නැහැ. තේරුම්ගත හැකි ලෙස, තමන්ට ජීවිතය අහිමි වේදෝ කියා මඟීන් භයෙන් සිටියි. එහෙත්, තමාට ස්වප්නයකින් දිව්‍යමය ලෙස අනාවරණය කළ දේ කියමින් පාවුල් ඔවුන්ව සනසයි: “නැව මිසක් නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය.”—ක්‍රියා 27:14, 20-22.

කුණාටුවේ 14වන රාත්‍රියේදී, නාවිකයන් පුදුම දනවන සොයාගැනීමක් සිදු කරයි. ජලයේ ගැඹුර බඹ 20ක් පමණි.a තවත් ටික දුරක් යෑමෙන් පසු, ඔවුන් නැවතත් ගැඹුර කොපමණද කියා පරීක්ෂා කර බලයි. මේ වතාවේදී, ජලය බඹ 15ක් ගැඹුරුව පවතී. ගොඩ බිම නුදුරින් ඇත! නමුත් මෙම ශුභ ආරංචියත් සමඟ කල්පනාවට ගත යුතු තවත් ඉඟියක්ද ඇත. රාත්‍රියේ නොගැඹුරු ජලයේ එහාට මෙහාට විසි වෙද්දී, නැව ගල්වල වැදී කුඩුපට්ටම් වීමට ඉඩ තිබෙනවා. නැණවත් ලෙස, නාවිකයන් නැංගුරුම් දමයි. ඔරු පහත් කර ඒවාට ගොඩ වෙමින් කෙසේ හෝ ගැළවීමට ඔවුන්ගෙන් සමහරෙක් කැමැත්තක් පෙන්නුම් කරයි.b නමුත් පාවුල් ඔවුන්ව නවත්වයි. ඔහු හමුදා නිලධාරියාටත් සොල්දාදුවන්ටත් මෙසේ පවසයි: “මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවන.” නිලධාරියා පාවුල්ට ඇහුම්කන් දෙන අතර, ඊළඟ දවසේ අරුණාලෝකය වැටෙන තුරු මඟීන් 276දෙනාම උනන්දුවෙන් බලා සිටියි.—ක්‍රියා 27:27-32.

නැව මුහුදුබත් වී

ඊළඟ උදෑසන, වෙරළක් සහිත මුහුදු බොක්කක් නාවිකයන්ගේ නෙත ගැටෙයි. පිබිදුණු බලාපොරොත්තු ඇතුව, නාවිකයන් නැංගුරුම් කපා, හුළඟ වෙතට රුවල ඔසවයි. නැව වෙරළ දෙසට ගමන් කරන අතර, මෙය ප්‍රීති ජය ඝෝෂාවලට හේතුවක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.—ක්‍රියා 27:39, 40.

කොහොම වුණත්, හදිසියේම, නැව නොගැඹුරු මුහුදේ වැලි පරයක හිර වෙයි. නමුත් තවත් භයානක දෙයක් වන්නේ, දරුණු සැඩපහරවල් නැවේ අවරට වැදී එය කෑලිවලට කුඩු පට්ටම් කිරීමයි. නැවේ ගමන් කරන සෑම කෙනෙකුටම නැවෙන් පැනගැනීමට සිදු වෙයි! (ක්‍රියා 27:41) නමුත් මෙය ගැටලුවක් මතු කරයි. පාවුල් ඇතුළු නැවට ගොඩ වී සිටින බොහෝදෙනෙක් සිරකරුවන් වෙයි. රෝම නීතියට අනුව, සිරකරුවෙකුට පැනගැනීමට ඉඩ දෙන ආරක්ෂක සොල්දාදුවෙකු, සිරකරුවාට නියමිත දඬුවම විඳිය යුතුයි. උදාහරණයක් හැටියට, මිනීමරුවෙක් පැන ගියොතින්, නොසැලකිලිමත් ආරක්ෂක සොල්දාදුවා ඒ වෙනුවෙන් තම ජීවිතය ගෙවිය යුතුයි.

එවැනි ඵලවිපාකයන් ගැන භයෙන්, සෑම සිරකරුවෙකුවම මරණයට පත් කිරීමට සොල්දාදුවන් තීරණය කරයි. කොහොම වුණත්, පාවුල් සමඟ කුලුපගබවක් ඇති හමුදා නිලධාරියා ඊට මැදිහත් වෙයි. වතුරට පැන ගොඩට පිහිනීමට හැකි සෑම කෙනෙකුටම එසේ කරන හැටියට ඔහු අණ කරයි. පිහිනීමට නොහැකි අය, ලී කෑලි හෝ බෝට්ටුවෙන් ගැළවී ආ වෙනත් දෑ ආධාර කරගත යුතු බව පවසයි. මුහුදුබත් වූ නැවේ මඟීන් එක් එක්කෙනා බැගින් කෙසේ හෝ වෙරළට ළඟා වෙයි. පාවුල්ගේ වචනවලට එකඟව එක ජීවිතයක්වත් නැති වී නැහැ!—ක්‍රියා 27:42-44.

මෙලීතයේදී සිදු වූ ආශ්චර්යය

හොඳටම හෙම්බත් වී සිටින කණ්ඩායම මෙලීතය නම් දූපතක හව්හරණ ලබයි. එහි පදිංචිව සිටින අය ‘විදේශිය භාෂාව කථාකරන සෙනඟක්’ වන අතර, වචනයේ පරිසමාප්තියෙන් ඉන් අදහස් වන්නේ “ම්ලේච්ඡයන්” (බාර්ʹබ·රොස් ග්‍රීක් භාෂාවෙන්).c නමුත් මෙලීතයේ මිනිසුන් ම්ලේච්ඡයන් නොවෙයි. ඒ වෙනුවට, පාවුල්ගේ සංචාරක සහයකයෙකු වන ලූක් වාර්තා කරන පරිදි, ඔවුන් “අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.” ගින්නට දර එකතු කිරීම සඳහා පාවුල්ද මෙලීතියේ ස්වදේශීකයන් හා එකතු වෙයි.—ක්‍රියා 28:1-3.

එකපාරටම, පොළඟෙක් පාවුල්ගේ අතේ එල්ලෙයි! පාවුල් මිනිමරුවෙක් විය යුතු බව දූපතේ වැසියන් සිතයි. පාපයට ඉවහල් වූ සිරුරේ කොටසට පහර දීමෙන් දෙවි පව්කාරයන්ට දඬුවම් කරන බව ඔවුන් සිතනවා ඇති. නමුත් බලන්න! ස්වදේශිකයන්ගේ මහත් පුදුමයට හේතු වෙමින්, පාවුල් පොළඟාව ගින්නට හෙළා දමයි. ලූක්, ඇසින් දුටු වාර්තාව ගැන මෙසේ පවසයි. “[පාවුල්] ඉදිමෙන්නේය. නොහොත් හදිසියෙන් මැරී වැටෙන්නේය කියා ඔව්හු බලා සිටියෝය.” දූපතේ වැසියන් තම සිත වෙනස් කර පාවුල් දෙවි කෙනෙක් විය යුතුයයි පවසයි.—ක්‍රියා 28:3-6.

පාවුල් ඊළඟ මාස තුන මෙලීතියේ ගත කරයි. පාවුල්ව සුහදව පිළිගත් දූපතේ ප්‍රධානියා වන පුබ්ලියස්ගේ පියාව ඔහු ඒ කාලයේදී සුව කරයි. එමෙන්ම, වෙනත් ආකාර රෝගවලට ලක් වූවන්වත් ඔහු සුව කරයි. මීට අමතරව, මෙලීතියේ ආගන්තුක සත්කාරශීලී වැසියන්ගේ ඉමහත් ආශීර්වාදවලට තුඩු දෙමින්, පාවුල් සත්‍යයේ බීජ වපුරයි.—ක්‍රියා 28:7-11.

අප සඳහා පාඩමක්

තම දේවසේවයේ කාලය තුළදී, පාවුල් විවිධාකාර අභියෝගයන්ට මුහුණ දුන්නා. (2 කොරින්ති 11:23-27) ඉහත වාර්තාවේදී ඔහු ශුභාරංචිය උදෙසා සිරකරුවෙක් වුණා. අනතුරුව කුරිරු කුණාටුවකට හා එහි ප්‍රතිඵලය වූ නැව් මුහුදුබත් වීම වැනි අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔහුට සිදු වුණා. මේ සියල්ලේදී, ශුභාරංචිය ජ්වලිතව දේශනා කිරීමට වූ පාවුල්ගේ අධිෂ්ඨානය චංචල වූයේ නැහැ. තම අද්දැකීමෙන්ම ඔහු මෙසේ ලීවා: “සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන.”—පිලිප්පි 4:12, 13.

සැබෑ දෙවිගේ ජ්වලිතවත් සේවකයන් වීමට වූ අපේ අධිෂ්ඨානය දුර්වල කිරීමට ජීවිතයේ කිසිදු ප්‍රශ්නයකට අප ඉඩ නොදිය යුතුයි! අපේක්ෂා නොකළ පරීක්ෂණයක් ආ විට, අපේ බර යෙහෝවා පිටට විසි කරමු. (ගීතාවලිය 55:22, NW) ඉන්පසුව, පරීක්ෂණය විඳදරාගැනීමට ඔහු අපට හැකි කරවන ආකාරය අප ඉවසිලිවන්තව බලා සිටීම අවශ්‍යයි. ඒ අතරතුරේදී, ඔහු අප ගැන සැලකිලිමත් වන බවට නිසැක වෙමින් අප ඇදහිලිවන්තව දිගටම ඔහුට සේවය කරමු. (1 කොරින්ති 10:13; 1 පේතෘස් 5:7) අප හමුවට කුමක් ආවත්, ස්ථිරව සිටීමෙන්, පාවුල් මෙන් අපටත් අසීරුතාවලින් ජයගත හැකියි.

[පාදසටහන්වල]

a බඹයක් පොදුවේ රියන් සතරක් නොහොත් මීටර් 1.8ක් හැටියට සලකනු ලබයි.

b වෙරළට ආසන්නයේ නැව නැංගුරුම්ලා තැබූ විට, වෙරළට ළඟාවීම සඳහා යොදාගනු ලැබූ කුඩා යාත්‍රා විශේෂයකි, ඔරුව. පෙනෙන ප්‍රකාරයට, නැව හැසිරවීමට කිසිම හැකියාවක් නොතිබූ, ඉතිරි කර දමා යෑමට තීරණය කළ අයගේ ජීවිතය පරදුවට තබා, තම ජීවිත ගළවාගැනීමටයි නාවිකයන් උත්සාහ කරමින් සිටියේ.

c විල්ෆ්‍රඩ් ෆන්ක්ස් වචනවල මූලය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් කරයි: “තම භාෂාව හැරෙන්න වෙනත් භාෂාවක් ගැන ග්‍රීකයන් සමච්චල් කළ අතර, ඒවා ‘බා-බා’ ලෙසට ඇසුණු බවත්, ඒවා කතා කළ ඕනෑම අයෙකුට බාබරොස් කියා නම් තැබුවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න