අදදින යෙහෝවා අපෙන් ඉල්ලන්නේ කුමක්ද?
“මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.”—මතෙව් 17:5.
1. ව්‍යවස්ථාවෙහි අරමුණ ඉටු වූයේ කවදාද?
යෙහෝවා අංගයන් රැසකින් යුත් ව්‍යවස්ථාව ඉශ්රායෙල් ජාතියට ලබා දුන්නා. එය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘මේවා . . . සකස් කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝග [නීතික අවශ්‍යතාවන්, NW] පමණක්ය.’ (හෙබ්‍රෙව් 9:10) යේසුස්ව මෙසියස් නොහොත් ක්‍රිස්තුස් හැටියට පිළිගන්න ව්‍යවස්ථාව ඉශ්රායෙල්හි සුළුතරයකට මඟ පෙන්වූ විට, එහි අරමුණ ඉටු වුණා. එබැවින් පාවුල් ප්‍රකාශ කළ පරිදි, ‘ක්‍රිස්තුස් ව්‍යවස්ථාවේ සමාප්තිය වෙනවා.’—රෝම 10:4; ගලාති 3:19-25; 4:4, 5.
2. ව්‍යවස්ථාව යටතේ සිටියේ කවුරුන්ද? ඔවුන්ව එයින් නිදහස් කළේ කවදාද?
2 අප අදදින ව්‍යවස්ථාවට යටත් නොවන බව මින් අදහස් කරනවාද? ඇත්තම කියනවා නම්, මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයක් ව්‍යවස්ථාවට කිසිදාක යටත්ව සිටියේ නැහැ. ගීතිකාකාරයා එය මෙලෙස පැහැදිලි කරනවා: ‘යෙහෝවා යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වන්නේය. ඔහු වෙන කිසි ජාතියකට මෙසේ නොකළේය. ඔහුගේ විනිශ්චයන් ඔව්හු දැන නොගත්තෝය.’ (ගීතාවලිය 147:19, 20) යේසුස්ගේ පූජාව පදනම් කරගෙන දෙවි නව ගිවිසුම ස්ථාපිත කළ විට, ඉශ්රායෙල් ජාතිය පවා ව්‍යවස්ථාවට කීකරුව සිටීමේ වගකීමෙන් නිදහස් වුණා. (ගලාති 3:13; එපීස 2:14, 15; කොලොස්සි 2:13, 14, 16) ව්‍යවස්ථාවට තවදුරටත් යටත් වීම අවශ්‍ය නැත්නම්, අදදින යෙහෝවාට සේවය කිරීමට ආශා කරන අයගෙන් ඔහු ඉල්ලන්නේ කුමක්ද?
යෙහෝවා ඉල්ලන දේ
3, 4. (අ) යෙහෝවා අදදින අපෙන් මූලිකව ඉල්ලන්නේ කුමක්ද? (ආ) අප යේසුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කළ යුත්තේ මන්ද?
3 යේසුස්ගේ දේවසේවයේ අවසාන අවුරුද්දේ, ඔහු තම ප්‍රේරිතයන් වූ පේතෘස්, යාකොබ් සහ යොහන් කැටුව, උස් කන්දකට, සමහරවිට මොරියා කන්දේ නෙරුවකට ගියා. එතැනදී යේසුස්ගේ මහානුභාවසම්පන්න තේජස පිළිබඳ අනාවැකිමය දර්ශනයක් ඔවුන් දුටු අතර, “මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි” ප්‍රකාශ කළ දෙවිගේම හඬද ඔවුන්ට ඇසුණා. (මතෙව් 17:1-5) මූලික වශයෙන්, යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඒ දෙයයි. එනම්, ඔහුගේ පුත්‍රයාට ඇහුම්කන් දී, ඔහුගේ ආදර්ශය සහ ඉගැන්වීම් අනුගමනය කිරීමටයි. (මතෙව් 16:24) එබැවින්, ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: ‘ක්‍රිස්තුස් නුඹලා නිසා වධ විඳ, නුඹලා ඔහුගේ අඩි පාරේ යන [අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන, NW] පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේය.’—1 පේතෘස් 2:21.
4 අප යේසුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කළ යුත්තේ මන්ද? යේසුස්ව අනුකරණය කිරීමෙන්, අප යෙහෝවා දෙවිව අනුකරණය කරන නිසයි. යේසුස් පොළොවට එන්න ප්‍රථමයෙන් තම පියා සමඟ ස්වර්ගයෙහි අවුරුදු ප්‍රකෝටි ගණන් ගත කළ නිසා, ඔහුට තම පියා සමඟ තිබුණේ සමීප සබඳතාවක්. (හිතෝපදේශ 8:22-31; යොහන් 8:23; 17:5; කොලොස්සි 1:15-17) පොළොව මත සිටිද්දී, යේසුස් තම පියාව පක්ෂපාත ලෙස නියෝජනය කළා. ඔහු මෙසේ පැහැදිලි කළා: ‘පියා මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියමි.’ ඇත්තෙන්ම, යේසුස් යෙහෝවාව කොයිතරම් කිට්ටුවෙන් අනුකරණය කළාද කිවහොත්, ‘මා දුටු තැනැත්තා පියා දුටුවා’ කියා කියන්න ඔහුට පුළුවන් වුණා.—යොහන් 8:28; 14:9.
5. ක්‍රිස්තියානීන් කුමන ව්‍යවස්ථාව යටතේද සිටින්නේ? එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ කවදාද?
5 යේසුස්ට සවන් දී ඔහුව අනුකරණය කිරීමට අයත් වන්නේ කුමක්ද? යම් නීතියක් යටතේ සිටින බව ඉන් අදහස් කරනවාද? තමා “ව්‍යවස්ථාව යටතේ නොසිටින” බව පාවුල් ලිව්වා. පාවුල් මෙහිදී කතා කරමින් සිටියේ ඉශ්රායෙල් සමඟ කළ ව්‍යවස්ථා ගිවිසුම වන “පරණ ගිවිසුම” ගැනයි. කොහොම වුණත්, තමා ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට යටත්ව සිටි’ බව පාවුල් පිළිගත්තා. (1 කොරින්ති 9:20, 21; 2 කොරින්ති 3:14) පරණ ව්‍යවස්ථා ගිවිසුමේ නිමාවත් සමඟම, ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවෙන්’ යුක්ත ‘අලුත් ගිවිසුමක්’ ක්‍රියාත්මක වෙන්න පටන්ගත් අතර, අදදින යෙහෝවාගේ සියලු සේවකයන් ඊට කීකරු වීමට බැඳී සිටිනවා.—ලූක් 22:20; ගලාති 6:2; හෙබ්‍රෙව් 8:7-13.
6. ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ කෙසේ විස්තර කළ හැකිද? අප එයට කීකරු වන්නේ කෙසේද?
6 පරණ ව්‍යවස්ථා ගිවිසුම සම්බන්ධයෙන් කළාක් මෙන්, ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ විවිධ කොටස්වලට අනුව බෙදී ගිය යම් නීති සංග්‍රහයක් වශයෙන් ලේඛනගත කිරීමට යෙහෝවා කටයුතු කළේ නැහැ. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සඳහා වූ මේ අලුත් ව්‍යවස්ථාවට කළ යුතු සහ නොකළ යුතු දේවල දිග ලැයිස්තුවක් නැහැ. කෙසේවෙතත්, යෙහෝවා තම පුත්‍රයාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ විස්තර සහිත වාර්තා සතරක් තම වචනයෙහි ඇතුළත් කර තිබෙනවා. එපමණක්ද නොව, පෞද්ගලික හැසිරීම, සභාවේ කටයුතු, පවුල තුළ හැසිරීම සහ වෙනත් කාරණා හා සම්බන්ධ ලිඛිත උපදෙස් සැපයීමට දෙවි යේසුස්ගේ මුල් අනුගාමිකයන් කිහිපදෙනෙකුට ආනුභාවය දුන්නා. (1 කොරින්ති 6:18; 14:26-35; එපීස 5:21-33; හෙබ්‍රෙව් 10:24, 25) අපි අපගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශයට සහ ඉගැන්වීම්වලට එකඟව හැඩගස්වමින්, මුල් සියවසේ බයිබල් ලේඛකයන්ගේ ආනුභාවය ලත් උපදෙස්වලට අවනත වෙද්දී, අප ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ කීකරු වෙනවා කියා පැවසිය හැකියි. අදදින යෙහෝවා තම සේවකයන්ගෙන් ඉල්ලන්නේ මෙයයි.
ප්‍රේමයේ වැදගත්කම
7. යේසුස් තම ප්‍රේරිතයන් සමඟ පැවැත්වූ අන්තිම පාස්කුවේදී තම ව්‍යවස්ථාවේ සාරය අවධාරණය කළේ කෙසේද?
7 ප්‍රේමය ව්‍යවස්ථාවේදී වැදගත්කමක් ඉසිලුවද, එය ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවෙහි ජීවය නොහොත් සාරයයි. යේසුස් තම ප්‍රේරිතයන් සමඟ පො.යු. 33 පාස්කුව පවත්වන්න එක්රැස් වූ විට, ඔහු මෙම කාරණය අවධාරණය කළා. ඒ රාත්රියේදී සිදු වූ දේවල් ගැන ප්‍රේරිත යොහන් කළ විස්තරයට අනුව, යේසුස් හෘදයෙන්ම පැවසූ වදන් අතුරින් ප්‍රේමයට යොමු දැක්වීම් 28ක් ඇතුළත් වුණා. තම ව්‍යවස්ථාවෙහි සාරය නොහොත් ජීවය කුමක්දැයි මෙය ඔහුගේ ප්‍රේරිතයන්ට කාවැද්දුවා. වැදගත් ලෙස, යොහන් එම සුවිශේෂී රාත්‍රියේ සිදුවීම් පිළිබඳ තම විස්තරයට හැඳින්වීමක් දුන්නේ මෙයාකාරයෙනි: “පාස්කු මංගල්‍යයට පළමුවෙන්, [යේසුස්] මේ ලෝකයෙන් පිටත්ව [පියා] ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනගට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේම [කළේය].”—යොහන් 13:1.
8. (අ) ප්‍රේරිතයන් අතර සෑහෙන කාලයක් තිස්සේ විවාදයක් තිබුණු බවට තිබෙන සාක්ෂි මොනවාද? (ආ) යේසුස් තම ප්‍රේරිතයන්ට නිහතමානීකම සම්බන්ධයෙන් පාඩමක් ඉගැන්වූයේ කෙසේද?
8 බලය සහ තානාන්තර ලබාගැනීමට තම ප්‍රේරිතයන් තුළ තිබූ අධිකතර ආශාව යටපත් කිරීමට යේසුස් දැරූ උත්සාහයට ප්‍රතිඵල ඒ මොහොතේදීම දකින්න නොලැබුණත්, යේසුස් ඔවුන්ට ප්‍රේම කළා. යෙරුසලමට පැමිණෙන්න මාස කිහිපයකට කලින්, ‘වඩා උතුම් තැනැත්තා කවුද යන්න ගැන ඔවුන් අතර විවාදයක් හටගෙන තිබුණා.’ තවද, පාස්කුව සඳහා නගරයට ඇතුල් වෙන්නත් මත්තෙන්, තානාන්තර හා සම්බන්ධ වාදය නැවතත් හටගත්තා. (මාර්ක් 9:33-37; 10:35-45) ප්‍රේරිතයන් ඉහළ මහලට පිවිස ඔවුන් එකට සහභාගි වූ අන්තිම පාස්කුව පැවැත්වීමෙන් වැඩි වේලාවක් ගත වන්න මත්තෙන් සිදු වූ දෙයින් මෙය නිරන්තර ගැටලුවක්ව තිබුණු බව පැහැදිලි වෙයි. ඒ අවස්ථාවේදී, අනුන්ගේ පාද සේදීමේ සුපුරුදු, ආගන්තුක සත්කාරශීලී සේවා ප්‍රස්තාවෙන් කිසිවෙක් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔවුන්ට නිහතමානීකම ගැන පාඩමක් ඉගැන්වීමට යේසුස්ම ඔවුන්ගේ පාද සේදුවා.—යොහන් 13:2-15; 1 තිමෝති 5:9, 10.
9. අන්තිම පාස්කුවෙන් පසුව උද්ගත වූ තත්වයත් සමඟ යේසුස් කටයුතු කළේ කෙසේද?
9 ඒ පාඩම ඉදිරිපත් කළත්, පාස්කුව පවත්වා, යේසුස් තම පැමිණෙන මරණය සම්බන්ධයෙන් සිහි කිරීම ස්ථාපිත කළායින් පසු, නැවතත් සිදු වූයේ කුමක්දැයි සැලකිල්ලට ගන්න. ලූක්ගේ සුවිශේෂ වාර්තාවෙහි මෙසේ පැවසේ: “ඔවුන්ගෙන් ඉතා උතුම්කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක්ද හටගත්තේය.” යේසුස් තම ප්‍රේරිතයන් සමඟ කෝප වී ඔවුන්ට බැණ වැදුණේ නැහැ. ඒ වෙනුවට, බල තණ්හාවෙන් වියරු වූ ලෝක පාලකයන්ට වඩා වෙනස්ව සිටීමේ අවශ්‍යතාව ගැන යේසුස් ඔවුන්ට කාරුණික ලෙස උපදෙස් දුන්නා. (ලූක් 22:24-27) ඉන්පසුව, ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවෙහි අත්තිවාරම ලෙස හැඳින්විය හැකි ආඥාව ඔවුන්ට කියා දුන්නා: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.”—යොහන් 13:34.
10. යේසුස් තම ගෝලයන්ට දුන්නේ කුමන ආඥාවද? එයට අයත් වන්නේ කුමක්ද?
10 ඒ රාත්‍රියේදීම පසු අවස්ථාවක, ක්‍රිස්තුස්ට සමාන ප්‍රේමය කොයිතරම් දුරට යා යුතුද යන වග යේසුස් පෙන්නුම් කර දුන්නා. ඔහු පැවසුවේ, “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියායි. (යොහන් 15:12, 13) අවස්ථාවක් උද්ගත වූවොතින්, තම අනුගාමිකයන් සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් මැරෙන්න වුණත් කැමති විය යුතුයි කියාද යේසුස් අදහස් කරමින් සිටියේ? මෙම අවස්ථාව ඇසින් දුටු කෙනෙක් වූ යොහන්ට තිබුණේ ඒ අදහසයි. මන්ද ඔහු පසුව මෙසේ ලිව්වා: “අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ [තැනැත්තා, යේසුස් ක්‍රිස්තුස්] තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.”—1 යොහන් 3:16.
11. (අ) අප ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නේ කෙසේද? (ආ) යේසුස් තබා ගියේ කිනම් ආදර්ශයක්ද?
11 එමනිසා, අන්‍යයන්ට යේසුස් ගැන ඉගැන්වීමෙන් පමණක් අප ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවේ අවශ්‍යතා ඉටු කරන්නේ නැහැ. යේසුස් ජීවත් වූ සහ හැසිරුණු ආකාරයට ජීවත් වන්න සහ හැසිරෙන්නත් අපි බැඳී සිටිනවා. යේසුස් තම දේශනවලදී ලස්සන මෙන්ම මනාව ගැළපෙන වචන පාවිච්චි කළ බව ඇත්තයි. එහෙත්, ඔහු තම ආදර්ශයෙනුත් ඉගැන්නුවා. කලින් ස්වර්ගයෙහි බලවත් අදෘශ්‍යමාන මැවිල්ලක්ව සිටියත්, පොළොව මත තම පියාගේ කැමැත්ත කිරීමට සහ අප ජීවත් විය යුතු අන්දම පෙන්වීමට ලැබුණු ප්‍රස්තාව ඔහු දෝතින්ම පිළිගත්තා. ඔහු නිහතමානී, කාරුණික මෙන්ම අනුන් ගැන සැලකිල්ල දැක්වූ කෙනෙක් වුණා. බරින් මිරිකී සිටි පීඩිත ජනතාවට උපකාර කළා. (මතෙව් 11:28-30; 20:28; පිලිප්පි 2:5-8; 1 යොහන් 3:8) ඒ වගේම, ඔහු තම අනුගාමිකයන්ට ප්‍රේම කළාක් මෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්න කියා යේසුස් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා.
12. ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව යෙහෝවාට ප්‍රේම කිරීමේ අවශ්‍යතාව සුළු නොකරන බව පැවසිය හැක්කේ මන්ද?
12 ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව තුළ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ උතුම්ම ආඥාව වන යෙහෝවාට ප්‍රේම කිරීමට දී ඇත්තේ කවර ස්ථානයක්ද? (ගලාති 6:2; මතෙව් 22:37, 38) දෙවන ස්ථානයද? කොහෙත්ම නැහැ. යෙහෝවා සඳහා ප්‍රේමය සහ අපගේ සෙසු ක්‍රිස්තියානීන් සඳහා ප්‍රේමය වෙන් කළ නොහැකි තරම්ය. තම සහෝදරයාට ප්‍රේම කරන්නේ නැතුව යමෙකුට යෙහෝවාට සැබවින්ම ප්‍රේම කළ නොහැකියි. ‘යමෙක්: දෙවිට ප්‍රේම කරමියි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවිට ප්‍රේම කරන්ට ඔහුට නුපුළුවන’ කියා ප්‍රේරිත යොහන් පැවසුවේ එනිසයි.—1 යොහන් 4:20; සසඳන්න 1 යොහන් 3:17, 18.
13. යේසුස්ගේ අලුත් ආඥාවට ගෝලයන් කීකරු වීමෙන් ඇති වූ බලපෑම කුමක්ද?
13 යේසුස් තම ගෝලයන්ට ප්‍රේම කළාක් මෙන්, ඔවුන්ද එකිනෙකාට ප්‍රේම කළ යුතුයි කියන අලුත් ආඥාව ඔවුන්ට දුන් අවස්ථාවේදී, ඉන් අත් වන ප්‍රතිඵලය ඔහු විස්තර කළා: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) යේසුස්ගේ මරණයට අවුරුදු සියයකට වැඩි කාලයකට පසුව ජීවත් වූ ටර්ටූලියන්ට අනුව, මුල් ක්‍රිස්තියානීන් විදහාපෙන්වූ සහෝදර ප්‍රේමයට එම බලපෑමම තිබුණා. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ගැන ක්‍රිස්තියානීන් නොවන අය පැවසූ දේ ටර්ටූලියන් මෙසේ උපුටා දැක්වූවා: ‘බලන්න ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන හැටි, එකිනෙකා වෙනුවෙන් මැරුම් කන්න පවා කැමැත්තෙන් ඉන්න හැටි.’ අපට අපෙන්ම මෙසේ අසන්න පුළුවන්: ‘යේසුස්ගේ ගෝලයෙක් කියා ඔප්පු වෙන තරමට සෙසු ක්‍රිස්තියානීන් සඳහා එවැනි ප්‍රේමයක් මම විදහාපෙන්නනවාද?’
අපගේ ප්‍රේමය ඔප්පු කරන අන්දම
14, 15. ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට කීකරු වීම දුෂ්කර විය හැක්කේ කුමක් නිසාද? එනමුත් එසේ කීකරු වීමට අපට උපකාරයක් විය හැක්කේ කුමක්ද?
14 යෙහෝවාගේ සේවකයන් විසින් ක්‍රිස්තුස්ට සමාන ප්‍රේමයක් විදහාපෙන්වීම අත්‍යවශ්‍යයි. හැබැයි, ආත්මාර්ථකාමී ගතිලක්ෂණ විදහාපාන සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රේමය දක්වන්න ඔබට අමාරුද? කෙසේවෙතත්, ප්‍රේරිතයන් වුණත් විවාද කරමින් තමුන්ගේම අභිලාෂයන් මුදුන් පමුණුවාගන්න උත්සාහ කළ බව අප දුටුවා. (මතෙව් 20:20-24) ගලාතිවරුන් අතරත් නිතරම බහින් බස්වීම් ඇති වුණා. අසල්වැසි ප්‍රේමය ව්‍යවස්ථාව සම්පූර්ණ කරන බව ගෙනහැර දැක්වීමෙන් පසු, පාවුල් ඔවුන්ට මෙසේ අවවාද කළා: “නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.” මාංසයේ ක්‍රියාවලට එරෙහිව දෙවිගේ ආත්මයේ ඵලවල වෙනස කැපීපෙනෙන්න සැලැස්වීමෙන් අනතුරුව, පාවුල් මෙම අවවාදය එකතු කළා: “නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.” ප්‍රේරිතවරයා ඊළඟට මෙසේ උනන්දු කළා: ‘එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න.’—ගලාති 5:14–6:2.
15 ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට කීකරුව සිටීම අපෙන් බලාපොරොත්තු වන යෙහෝවා අපෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලනවාද? චිත්තවේගීයව අපව විකා කන, අපට යම් හානියක් කර ඇති අයට කරුණාව පෙන්වීම ඇතැම්විට අසීරු වුණත්, ‘ප්‍රිය දරුවන් මෙන්, දෙවිව අනුකරණය කරන්නන් වීමටත්, ප්‍රේමයෙන් ගමන් කිරීමටත්’ අප බැඳී සිටිනවා. (එපීස 5:1, 2, NW) ‘දෙවි අප කෙරෙහි ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් මරණය විඳීමට’ සැලැස්වීමෙනුයි. අප දිගටම දෙවිගේ ආදර්ශය දෙස බැලිය යුත්තේ එනිසයි. (රෝම 5:8) අපට අකාරුණිකව සලකා ඇති අය ඇතුළුව, අන්‍යයන්ට උපකාර කරන්න මූලික පියවර ගැනීමෙන් අප දෙවිව අනුකරණය කරන බවත්, ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට කීකරුව සිටින බවත් දැන සිටීමේ සන්තෝෂය අපට භුක්ති විඳින්න පුළුවන්.
16. දෙවි සහ ක්‍රිස්තුස් සඳහා අපගේ ප්‍රේමය අප ඔප්පු කරන්නේ කෙසේද?
16 අපගේ ප්‍රේමය ඔප්පු කරන්නේ නිකම්ම කියන දෙයින් නොව, නමුත් කරන දෙයින් බව අප මතක තබාගත යුතුයි. දෙවිගේ කැමැත්තට සම්බන්ධ සියල්ලක්ම සලකා බලද්දී, වරක් යේසුස්ට වුණත් එහි එක් අංගයක් භාරගැනීම දුෂ්කර වුණා. යේසුස් මෙසේ යාච්ඤා කළා: “පියාණෙනි, ඔබ [කැමති] නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව.” එනමුත් ඔහු ඉක්මනටම මෙසේද පැවසුවා: “එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.” (ලූක් 22:42) කොතරම් දුක් වින්දත් ඔහු දෙවිගේ කැමැත්ත ඉෂ්ට කළා. (හෙබ්‍රෙව් 5:7, 8) කීකරුකම අපගේ ප්‍රේමය ඔප්පු කරන අතර, යෙහෝවාගේ මාර්ගය හොඳම මාර්ගය හැටියට අප පිළිගන්නා බවට එය සාක්ෂියකි. බයිබලයෙහි මෙසේ පැවසේ: ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.’ (1 යොහන් 5:3) යේසුස්ද තම ප්‍රේරිතයන්ට කිව්වේ: “නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂා” කරනවා කියායි.—යොහන් 14:15.
17. යේසුස් තම අනුගාමිකයන්ට දුන්නේ කුමන විශේෂ ආඥාවද? එය අදදින අපට අදාළ වන බව අප දන්නේ කෙසේද?
17 එකිනෙකාට ප්‍රේම කරන්න කියා තම අනුගාමිකයන්ට ආඥා කරනවාට අමතරව, ක්‍රිස්තුස් ඔවුන්ට දුන්නේ කුමන විශේෂ ආඥාවද? ඔහු ඔවුන්ට පුහුණුවක් ලබා දුන් දේශනා කිරීමේ වැඩයෙහි නිරත වන්න කියා ආඥා කළා. පේතෘස් මෙසේ පැවසුවා: “ඔහු අපට ජනයාට දේශනා කරන්නත්, හොඳ සාක්ෂියක් දරන්නත් අණ කළේය.” (ක්‍රියා 10:42, NW) ‘නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න’ කියා යේසුස් නිශ්චිතව ආඥා කළා. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) මෙවැනි උපදෙස් දැන් ‘අන්තිම කාලයේ’ සිටින ඔහුගේ අනුගාමිකයන්ට අදාළ වන බව යේසුස් පෙන්නුම් කළේ මෙසේ පවසමිනුයි: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (දානියෙල් 12:4; මතෙව් 24:14) අප දේශනා කරන එක ඇත්තටම දෙවිගේ කැමැත්තයි. කෙසේවෙතත්, මෙම වැඩය අපෙන් බලාපොරොත්තු වීම අපෙන් ඕනෑවට වඩා ඉල්ලන දෙයක් කියා සමහරදෙනෙකුට සිතෙන්න පුළුවන්. හැබැයි, මෙය ඇත්තක්ද?
එය දුෂ්කරයි කියා පෙනීමට හේතු
18. යෙහෝවා ඉල්ලන දේ කිරීමේදී අප දුක් විඳින විට, අප මතක තබාගත යුත්තේ කුමක්ද?
18 අපගේ සාකච්ඡාවෙන් පැහැදිලි වී ඇති පරිදි, යෙහෝවා ඉතිහාසය පුරාම මනුෂ්‍යයන්ට විවිධාකාර අවශ්‍යතාවලට අවනත වන්න කියා ඉල්ලා තිබෙනවා. ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන දේ විවිධාකාර වී ඇත්තාක් මෙන්, ඔවුන් අද්දැක ඇති පීඩාද නානාවිධ ස්වරූපයන් ගෙන තිබෙනවා. දෙවිගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඉතා අසීරු පීඩාවලට මුහුණ දුන් අතර, අන්තිමේදී දෙවි ඉල්ලූ දේ කළ නිසා ඉතා කුරිරු මරණයක් අද්දැක්කා. එනමුත්, යෙහෝවා අපෙන් ඉල්ලන දේ හේතුවෙන් දුක් විඳිද්දී, අපගේ පීඩාවලට හේතුව ඔහු නොවන බව මතක තබාගත යුතුයි. (යොහන් 15:18-20; යාකොබ් 1:13-15) සාතන්ගේ කැරැල්ල හේතුවෙන්, පාපය, දුක් ගාවිනා සහ මරණය මෙලොවට අවතීර්ණ වූ අතර, යෙහෝවා තම සේවකයන්ගෙන් ඉල්ලන දේ කිරීම මෙතරම් දුෂ්කර වීමට සලස්වන තත්වයන් පිටුපස සිටින්නෙත් සාතන්මයි.—යෝබ් 1:6-19; 2:1-8.
19. දෙවි තම පුත්‍රයා තුළින් අපෙන් ඉල්ලා තිබෙන දේ කිරීම වරප්‍රසාදයක් වන්නේ මන්ද?
19 යෙහෝවාගේ සේවකයන්ට මිනිස් දුක් ගාවිනා සඳහා ඇති එකම පිළියම රාජ්‍ය පාලනය බව ලොව පුරා ප්‍රකාශ කළ යුතුයි කියා යෙහෝවා මේ අන්තිම කාලයේදී තම පුත්‍රයා තුළින් නියෝග කර තිබෙනවා. දෙවිගේ මෙම ආණ්ඩුව යුද්ධ, අපරාධ, දුගීකම, මහලු වීම, අසනීප, මරණය ඇතුළුව මිහිපිට පවතින සියලුම ගැටලු තුරන් කරන්න යනවා. මෙම රාජ්‍යය විශිෂ්ට භූමික පාරාදීසයකට වේදිකාව සකස් කොට, එතුළට මළවුන් පවා නැවත නැඟිටුවන්න යනවා. (මතෙව් 6:9, 10; ලූක් 23:43; ක්‍රියා 24:15; එළිදරව් 21:3, 4) එවැනි දේවල් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීම මොනතරම් වරප්‍රසාදයක්ද! එසේ නම්, යෙහෝවා අපෙන් ඉල්ලන දේ සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව පැහැදිලියි. අප විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නේ සාතන් නමැති යක්ෂයා සහ ඔහුගේ ලෝකය ඊට මුල් වන නිසයි.
20. යක්ෂයා අප හමුවට තබන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපට හැක්කේ කෙසේද?
20 සාතන් ඉදිරිපත් කරන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න අපට පුළුවන් වන්නේ කෙසේද? අප විසින් මෙම වදන් මනසෙහි තබාගැනීමෙනුයි: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය, NW] ප්‍රීතිමත්කරන්න.” (හිතෝපදේශ 27:11) යේසුස් ස්වර්ගික ජීවිතයකින් ලද සුරක්ෂිතභාවය අත්හැර මිහිපිට තම පියාගේ කැමැත්ත කිරීමෙන් සාතන්ගේ නින්දාවට හොඳ පිළිතුරක් යෙහෝවාට දුන්නා. (යෙසායා 53:12; හෙබ්‍රෙව් 10:7) මනුෂ්‍යයෙකු වශයෙන්, යේසුස් තමා පිට පැමිණෙවූ සෑම පීඩාවක්ම, වධකණුවක මරණය පවා දරාගත්තා. අපගේ ආදර්ශකයා වශයෙන් අපි ඔහුව අනුකරණය කරනවා නම්, දුක් ගාවිනා දරාගෙන යෙහෝවා අපෙන් ඉල්ලන දේ කිරීමට අපටත් හැකි වෙයි.—හෙබ්‍රෙව් 12:1-3.
21. යෙහෝවා මෙන්ම ඔහුගේ පුත්‍රයා පෙන්වා ඇති ප්‍රේමය ගැන ඔබේ පෞද්ගලික හැඟීම කුමක්ද?
21 දෙවි මෙන්ම ඔහුගේ පුත්‍රයා අප සඳහා පෙන්වා ඇත්තේ කොයිතරම් මහත් ප්‍රේමයක්ද! යේසුස්ගේ පූජාව නිසා, කීකරු මනුෂ්‍යවර්ගයාට පාරාදීසයක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව තිබෙනවා. එමනිසා, අපගේ බලාපොරොත්තුව බොඳ කිරීමට අපි කිසිවකට ඉඩ නොදෙමු. ඒ වෙනුවට, පාවුල් කළාක් මෙන්, යේසුස් තුළින් සිදු වී ඇති දේ පෞද්ගලිකව අපි හෘදයට ගනිමු. පාවුල් කිව්වේ: ‘දෙවිගේ පුත්‍රයා මට ප්‍රේම කළා, මා උදෙසා තමන්ම පාවා දුන්නා’ කියායි. (ගලාති 2:20, ඇල අකුරු අපේය) ඒ නිසා, කවදාවත් ඕනෑවට වැඩියෙන් නොඉල්ලන අපගේ ප්‍රේමනීය දෙවි යෙහෝවාට අපි අපගේ හෘදයාංගම කෘතඥතාව පෙන්වමු.
ඔබේ පිළිතුර කුමක්ද?
◻ යෙහෝවා අදදින අපෙන් ඉල්ලන්නේ කුමක්ද?
◻ ක්‍රිස්තුස් තම ප්‍රේරිතයන් සමඟ ගත කළ අන්තිම රාත්රියේදී ප්‍රේමයේ වැදගත්කම කාවැද්දුවේ කෙසේද?
◻ අප දෙවිට ප්‍රේම කරනවා කියා ඔප්පු කළ හැක්කේ කෙසේද?
◻ යෙහෝවා අපෙන් ඉල්ලන දේ කිරීම වරප්‍රසාදයක් වන්නේ මන්ද?
[23වන පිටුවේ පින්තූරය]
යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමෙන් ඉගැන්වූ පාඩම කුමක්ද?
[25වන පිටුවේ පින්තූරය]
විරුද්ධවාදිකම් තිබුණත්, ශුභාරංචිය බෙදා දීම සතුට ගෙන දෙන වරප්‍රසාදයක්