ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 7/15 28 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 7/15 28 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඇතැම් ක්‍රිස්තියානීන් යම් කාලෙක “නීති විරෝධී රූප වැඳීම” කළ බව 1 පේතෘස් 4:3හි [NW] අපට කියවීමට තිබේ. එසේනම්, සියලුම රූප වැඳීම් නීති විරෝධී නොවේද? එමෙන්ම දෙවි විසින් පිළිකුල් කර හා තහනම් කර තිබෙනවා නොවේද?

ඔව්, දෙවිගේ දෘෂ්ටියට අනුව මොනයම් ආකාරයේ හෝ රූප වැඳීමක් පිළිකුලකි. ඔහුගේ අනුග්‍රහය ලැබීමට කැමති නම්, ඒ අයට රූප වැඳීම කළ නොහැක.—1 කොරින්ති 5:11; එළිදරව් 21:8.

කෙසේවුවද, ප්‍රේරිත පේතෘස් රූප වැඳීම ගැන අදහස් දක්වන්නේ වෙනත් කෝණයකින් බව පෙනෙන්න තිබේ. එයට එක් හේතුවක් වන්නේ, බොහෝ පුරාණ ජාතීන් අතර රූප වන්දනාව පොදු දෙයක්ව පැවතීමත්, අධිකාරීන් එයට නීතිමය තහංචි පනවා නොතිබීමත්ය. එනම්, රටේ නීතිය අනුව එම වන්දනාව තහනම් කර තිබුණේ නැත. සමහර රූප වැඳීම් ජාතියේ හෝ රජයේ ප්‍රතිපත්තිවල අංගයක්ද විය. මේ අනුව බලන කල, සමහරු ක්‍රිස්තියානීන් වීමට පෙර ‘නීතිමය තහංචියක් නොමැතිව රූප වන්දනාවේ’ හවුල් වූහ. (නව ලෝක පරිවර්තනය, 1950 සංස්කරණය [ඉංග්‍රීසියෙන්]) උදාහරණයක් වශයෙන්, බබිලෝනියේ නෙබුකද්නෙශර් රජ නමස්කාරය සඳහා රන් රූපයක් ඉදි කළ බව කියැවේ. එහෙත් යෙහෝවාගේ සේවකයන් වූ ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ එයට නමස්කාර කිරීමෙන් වැළකුණෝය.—දානියෙල් 3:1-12.

වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන කල, රූප වැඳීමේ පිළිවෙත් බොහෝමයක් තුළ ස්වාභාවික නීතිවලට හෝ උරුම වී ඇති හෘදය සාක්ෂියෙන් නැඟෙන සදාචාර හැඟීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියා ඇතුළත්ව තිබේ. (රෝම 2:14, 15) ‘ස්වාභාවික දෙයට පටහැනි’ වන “අශෝභන” පහත් ක්‍රියාවන් ගැන ප්‍රේරිත පාවුල් ලිවූ අතර, ආගමික වතාවත් තුළ මේවා බෙහෙවින් දක්නට ලැබිණ. (රෝම 1:26, 27) පිළිකුල් වූ රූප වන්දනාවේ යෙදුණු පුරුෂයෝ හා ස්ත්‍රීහු හරි වැරැද්ද තේරුම්ගැනීමට උපකාරයක් වන හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කළහ. ක්‍රිස්තියානීන් වීමට පෙර එම දූෂිත ක්‍රියාවලින් ඉවත් වීම අනිවාර්යයෙන්ම යෝග්‍ය දෙයක් විය.

ඉහත සඳහන් වූ දේට අමතරව, යුදෙව්වන් නොවූ අය අතර පොදු දෙයක් වී තිබුණු එවැනි රූප ඇදහීම් යෙහෝවා විසින් හෙළා දක්නා ලදි. එබැවින් ඒවා නීති විරෝධී රූප ඇදහීම් විය.a—කොලොස්සි 3:5-7.

[පාදසටහන]

a ග්‍රීක් පරිවර්තනයේ 1 පේතෘස් 4:3වන පදයේ පදගතාර්ථ අදහස වූයේ “තහනම් කළ රූප ඇදහීම්” යන්නය. ඉංග්‍රීසි පරිවර්තනවල එය පරිවර්තනය කර තිබෙන්නේ “නීති විරෝධී රූප වැඳීම,” “තහනම් රූප වන්දනාව” සහ “නොපනත් රූප වන්දනාව” වශයෙනි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න