ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 1/15 2-3 පි.
  • එය සාතන්ගේ සියවස වීද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එය සාතන්ගේ සියවස වීද?
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යුදෙව් සමූල ඝාතනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • ඇයි මිනිස්සු දුක් විඳින්නේ?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 1/15 2-3 පි.

එය සාතන්ගේ සියවස වීද?

“මෙම සියවස තුළදී දුෂ්ටකම කොතරම් රජයනවාද කියා සිතා බලද්දී මෙය ඇත්තෙන්ම සාතන්ගේ සියවස කියා හැඳින්විය හැකියි. ජාති භේද, ආගම් භේද හෝ පංති භේද හේතුවෙන් මිලියන සංඛ්‍යාත ගණනක් ඝාතනය කිරීමට මිනිසා තුළ මෙතරම් දැඩි පෙලඹීමක්, මෙතරම් ලේ පිපාසයක් වෙන කවර යුගයකදීවත් තිබී නැත.”

ඉහත සඳහන් ප්‍රකාශය පළ වූයේ ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ 1995 ජනවාරි 26 කලාපයේ කතුවැකියකයි. එය ලිවීමට හේතුපාදක වූයේ ඝාතනයන් සිදු කෙරුණු නාට්සි ගාල් කඳවුරුවලින් අහිංසක සිරකරුවන් නිදහස ලැබීම නිමිත්තෙන් පැවැත්වූ 50වන සංවත්සර උත්සවයයි. ඉතිහාසයේ සිදු කර ඇති වාර්ගික සමූලඝාතන අතරින් වඩාත්ම ප්‍රචලිත වූ එකක් වන නාට්සි සමූලඝාතන ව්‍යාපාරය තුළදී යුදෙව්වරුන් මිලියන 6ක් පමණ ඝාතනය කරනු ලැබුවා. යුදෙව් නොවන පෝලන්ත ජාතිකයන් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක්ද මිය ගිය අතර, එම ව්‍යසනය හඳුන්වනු ලබන්නේ “මතකයෙන් ගිලිහී ගිය සමූලඝාතනය” ලෙසයි.

මිනිස්වර්ගයා—විසිවන සියවසේ සදාචාරාත්මක ඉතිහාසයක් (සිංහලෙන් නැත) නමැති තම පොතේ ජොනතන් ග්ලවර් මෙසේ අදහස් දැක්වූවා. “වර්ෂ 1900 සිට 1989 දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී මිලියන 86ක් යුද්ධය හේතුවෙන් මිය ගිය බව ගණනය කර තිබේ.” ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “විසිවන සියවසේ සිදු වූ යුද්ධවලදී මිය ගිය සංඛ්‍යාව කොතරම්ද කිවහොත් එය සිතාගත නොහැකි තරම්ය. මිය ගිය සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම (මිලියන 58ක්ම) මිය ගියේ ලෝක යුද්ධ දෙක තුළදියි. එමනිසා මිය ගිය සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස දැක්වීමට වෑයම් කළොත් එය තිබෙන දත්තවලට එකඟයි කියා කිව නොහැක. නමුත් මෙම මරණ විටින් විට සියවස පුරාම සිදු වූවා නම්, සෑම දිනකම යුද්ධය හේතුවෙන් 2,500දෙනෙකු පමණ මිය ගියා කියා සඳහන් කරන්නට පුළුවන. ඉන් අදහස් කරන්නේ අවුරුදු අනූවක් පුරා සෑම පැයක් තුළදීම නොනවත්වාම සියදෙනෙකුට වඩා මිය ගිය බවයි.”

ඒ නිසා, 20වන සියවස සැලකෙන්නේ මිනිස් ඉතිහාසයේ ලෙයින් නැහැවුණු දරුණුතම යුගයන්ගෙන් එකක් ලෙසයි. බලාපොරොත්තුවට එරෙහිව බලාපොරොත්තුව (සිංහලෙන් නැත) නමැති කෘතියේ නඩ්යෙස්ඩ මෙන්ඩමයිල්ස්ටාම් මෙසේ ලියයි. “මානව හිතවාදී ප්‍රතිපත්ති හෙළා දැකීමෙන් සහ පාගා දැමීමෙන් අනතුරුව නපුර ජයගෙන තිබෙන ආකාරය අප දැක තිබේ.” යහපත හා නපුර අතර පවතින අරගලයේදී නපුර ඇත්තෙන්ම ජයගෙන ඇද්ද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය: මව සහ දුව: J.R. Ripper/SocialPhotos

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Department of Energy photograph

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න