ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 7/1 8 පි.
  • අතිඋතුම් ප්‍රේමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අතිඋතුම් ප්‍රේමය
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ පෙන්වන්නේ සැබෑ ප්‍රේමයද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමය (අගාපේ)—එය කුමක් නොවේ ද, එය කුමක් වේ ද යන වග
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න”
    සෝදිසියෙන් සිටින්න!
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 7/1 8 පි.

අතිඋතුම් ප්‍රේමය

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ නැතහොත් නව ගිවිසුමේ බොහෝ අවස්ථාවලදී “ප්‍රේමය” යන වචනය අගාපේ යන ග්‍රීක් වචනයේ පරිවර්තනයකි.

ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියa (සිංහලෙන් නැත) නම් පොතේ එම වචනයේ අර්ථය පැහැදිලි කර තිබෙන්නේ මෙසේය. “සාමාන්‍යයෙන් සිතන ආකාරයට [අගාපේ] යනු පෞද්ගලික බැඳීමක් මත ගොඩනැඟුණු හැඟීම්බර ඇල්මක් නොවේ. එය ප්‍රතිපත්ති, යුතුකම් සහ යෝග්‍ය වන දෑ කැමැත්තෙන්ම පිළිගැනීම හේතුවෙන් සදාචාරමය වශයෙන් හා සමාජීය මට්ටමින් ප්‍රකාශ වන ප්‍රේමයකි. ඊට පදනම සපයන්නේ හරි දෙයයි. නිතරම සොයන්නේ අන් තැනැත්තාගේම යහපතයි. අගාපේ (ප්‍රේමය) පෞද්ගලික සතුරුකම් අබිබවා යන්නකි. එය යම් සතුරුකමක් ඇතත්, හරි ප්‍රතිපත්ති අත්හැරීමට එයට ඉඩ නොහරින, එකට එක නොකරන ප්‍රේමයකි.”

අගාපේ යනු ගැඹුරු හැඟීමක්ද විය හැක. “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” කියා ප්‍රේරිත පේතෘස් අවවාද කළේය. (1 පේතෘස් 4:8) මෙබැවින්, අගාපේ යනු හදවත මෙන්ම මනස ඇතුළත් වන දෙයක්යයි පැවසිය හැක. මෙම උතුම් ප්‍රේමයේ බලය හා පරාසය දක්වන ශුද්ධ ලියවිලි පාඨ කීපයක් සලකා නොබලන්නේ මන්ද? මෙම පද උපකාරවත් විය හැක: මතෙව් 5:43-47; යොහන් 15:12, 13; රෝම 13:8-10; එෆීස 5:2, 25, 28; 1 යොහන් 3:15-18; 4:16-21.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න