ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 3/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි මාගේ උරුමයයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ඔබේ මිතුරන් කවුරුන්ද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 3/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඉපැරණි ඊශ්‍රායෙලයේ ලෙවීවරුන්ට දේශයේ උරුමයක් නොතිබුණු හෙයින් යෙරෙමියා 32:17හි සඳහන් පරිදි ලෙවීවරයෙකු වූ හනමෙල් ලෙවී ගෝත්‍රයේ ඔහුගේ ඥාති සහෝදරයා වන යෙරෙමියාට කෙතක් විකුණුවේ කෙසේද?

ලෙවීවරුන් සම්බන්ධයෙන් යෙහෝවා ආරොන්ට පැවසුවේ මෙසේයි. “ඔවුන්ගේ [ඊශ්‍රායෙල්] දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් ඔබට නොවන්නේය.” (ගණන් කථාව 18:20) කෙසේවෙතත්, පොරොන්දු දේශය පුරා පැතිර තිබුණු නුවරවල් 48ක් හා ඒ අවට තිබුණු තණබිම් ලෙවීවරුන්ට පවරා දෙන ලදි. යෙරෙමියාගේ උපන් ගම වූයේ අනතොත්ය. මෙය “පූජක ආරොන්ගේ පුත්‍රයන්ට” පවරා දෙන ලද නුවරවලින් එකක් විය.—යෝෂුවා 21:13-19; ගණන් කථාව 35:1-8; 1 ලේකම් 6:54, 60.

ලෙවීවරුන් සතු ඉඩම් ‘මුදවාගැනීමේ අයිතිය’ ගැන යෙහෝවා නිශ්චිත උපදෙස් දුන් බව ලෙවී කථාව 25:32-34 [NW ] දක්වා පදවල අපට දැකගත හැකියි. මේ නිසා යම් විශේෂිත ඉඩම් කැබලි අයිති කරගැනීමට, පරිහරණය කිරීමට හා විකිණීමට ලෙවී ගෝත්‍රයේ එක් එක් පවුල්වලට උරුමයෙන් හිමි වී තිබුණු බව පෙනෙන්න තිබේ. එවන් අයිතිවාසිකමකට අනිවාර්යයෙන්ම ඉඩම් විකිණීම හා මුදවාගැනීම ඇතුළත් වූවා විය හැකියි.a ඉඩම් අයිති කරගෙන ඒවා පරිහරණය කිරීම සම්බන්ධ කාරණාවලදී, ලෙවීවරුන් හා වෙනත් ඊශ්‍රායෙල් ගෝත්‍රිකයන් අතර වැඩි වෙනසක් නොවීය.

ලෙවීවරුන්ට අයිතිව තිබූ එවැනි ඉඩම් එම පරම්පරාවෙන් පැවතෙන්නන්ට උරුමයෙන් ලැබෙන්නට ඇත. කෙසේවෙතත්, ‘මුදවාගැනීමේ අයිතිය’ ක්‍රියාත්මක වන විට, ඉඩම් විකිණීමට හෝ ගැනීමට අවසර තිබුණේ ලෙවීවරුන් අතරේ පමණි. එමෙන්ම පෙනෙන විදියට ඔවුන්ට ඉඩම් විකිණීමට හා මුදවාගැනීමට අයිතිය තිබුණේ නුවර ඇතුළත ඉඩම් පමණයි. මන්ද “ඔවුන්ගේ නගරබද . . . කෙත්” හෙවත් තණබිම් විකිණීමට අවසර තිබුණේ නැත. මක්නිසාද “ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්” වන නිසායි.—ලෙවී කථාව 25:32, 34.

මේ අනුව, යෙරෙමියා හනමෙල්ගෙන් මුදවාගත් කෙත, එවැනි ආකාරයේ ගනුදෙනුවක් තුළින් තවත් කෙනෙකුට හිමි කරගත හැකි වූ එකක් වන්නට ඇත. එය නුවර ඇතුළත පිහිටා තිබුණු බිම් කොටසක් වූවා විය හැකියි. සාකච්ඡාවට භාජනය වූ මෙම “කෙත” හනමෙල්ට අයිතිව තිබුණු බවත් එය ‘මුදවාගැනීමේ අයිතිය’ යෙරෙමියාට තිබූ බවත් තහවුරු කළේ යෙහෝවාමයි. (යෙරෙමියා 32:6, 7) ඊශ්‍රායෙලිතයන් කාලයක් බැබිලෝනියේ වහල්භාවයේ සිට නැවතත් තමන්ට උරුම වූ දේශයට යන බවට තමා දුන් පොරොන්දුව තහවුරු කිරීමට යෙහෝවා මෙම ගනුදෙනුව සංකේතාත්මක ලෙස යොදාගත්තේය.—යෙරෙමියා 32:13-15.

හනමෙල් අයුතු අන්දමකින් අනාතොත්හි ඉඩම් අයිති කරගත් බවට කියැවෙන කිසිම සාක්ෂියක් නැත. අනාතොත්හි තම ඉඩම මිල දී ගැනීමට යෙරෙමියාට ආරාධනා කිරීමෙන් හනමෙල් යෙහෝවාගේ නීති උල්ලංගනය කළ බවට හෝ යෙරෙමියා තමාට තිබූ මුදවාගැනීමේ අයිතිය අනිසි ලෙස භාවිත කිරීමෙන් එම ඉඩම මිල දී ගත් බවට හෝ කියැවෙන කිසිම සාක්ෂියක් නැත.—යෙරෙමියා 32:8-15.

[පාදසටහන]

a ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි ශතවර්ෂයේ විසූ ලෙවීයෙකු වූ බානබස් තමා සතුව තිබුණු ඉඩම විකුණා එයින් ලැබුණු ආදායම යෙරුසලමේ සිටි අවශ්‍යතාවන්ගෙන් පෙළුණාවූ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට උපකාර කිරීම සඳහා පරිත්‍යාග කළේය. මෙම ඉඩම පලස්තීනයේ හෝ සයිප්‍රසයේ පිහිටි එකක් වූවා විය හැකියි. එසේත් නැතිනම් මෙය බානබස් විසින් යෙරුසලමේ පිහිටි ප්‍රදේශයකින් හුදෙක් භූමදාන කටයුතු සඳහා ලබාගත් බිම් කැබැල්ලක් විය හැකියි.—ක්‍රියා 4:34-37.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න