ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 12/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අර්මගෙදොන් කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 12/15 30 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම්, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• මුල්ම පාපය වන ආදම්ගේ අකීකරුකම පරම්පරාගත රෝගයකට සමාන කළ හැක්කේ ඇයි?

සමහර දරුවන්ට දෙමව්පියන්ගෙන් පරම්පරාගත රෝගයක් උරුම වෙනවා වගේ ආදම්ගේ අසම්පූර්ණකම හෙවත් පාපය ඔහුගෙන් පැවතෙන්නන්ටත් උරුම වුණා. මේ නිසා අපටත් පාපයේ ඵලවිපාක විඳින්න සිදු වී තිබෙනවා. මේ නිසයි පාපය පරම්පරා රෝගයකට සමාන කළ හැක්කේ.—8/15, 5 පිටුව.

• අද මෙතරම් දරුණුකම් පැවතීමට මූලිකවම බලපාන හේතු මොනවාද?

සාතන් මිනිසුන්ව දරුණු දේවල් කිරීමට පෙලඹවීම මගින් යෙහෝවා දෙවිගෙන් ඔවුන්ව ඈත් කිරීමට උත්සාහ කරනවා. ඔහු මේ සඳහා භාවිත කරන සමහර දේවල් වන්නේ දරුණුකම් ඇතුළත් පොත් පත්, චිත්‍රපටි, සංගීතය සහ පරිගණක ක්‍රීඩායි. සමහර පරිගණක ක්‍රීඩාවන් කුරිරු දේවල් කිරීමටත් මිනී මැරීමටත් මිනිසුන්ව පොලඹවා තිබෙනවා. මාධ්‍යය තුළින් පෙන්වන මෙම දරුණු ක්‍රියා බොහෝ ප්‍රචණ්ඩකාරී දේවල් කිරීමට පෙලඹීමක් ඇති කර තිබෙනවා.—9/1, 29 පිටුව.

• පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?

ඔහු රෝමයේ පහළ පැළැන්තියේ පවුලකින් පැවත ආ හමුදා නිලධාරියෙක්. ක්‍රිස්තු වර්ෂ 26දී රෝම අධිරාජ්‍යයා වූ ටයිබීරියස්, පිලාත්ව යුදයේ ආණ්ඩුකාරයා ලෙස පත් කළා. යේසුස්ට විරුද්ධව යුදෙව් නායකයන් කළ චෝදනා විභාග කළේ පිලාත් විසිනුයි. සෙනඟව සතුටු කිරීමට අවශ්‍ය වූ නිසා පිලාත් යේසුස්ව මරණයට තීන්දු කළා.—9/15, 10-12 පිටු.

• මතෙව් 24:3හි සඳහන් “ලකුණ” කුමක්ද?

මේ ලකුණ තනි සිදුවීමක් නෙවෙයි. එයට අංග කිහිපයක්ම ඇතුළත් වෙනවා. මේ ලකුණට යුද්ධ, සාගත, වසංගත හා භූමිකම්පා වැනි දේවල් අඩංගු වෙනවා. මේවා සිදු වන විට යේසුස්ගේ ගෝලයන්ට ඔහුගේ “පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” කියා දැනගත හැකි වෙයි.—10/1, 4-5 පිටු.

• ඊශ්‍රායෙල් දේශයෙන් පිටත යුදෙව්වන් වාසය කළ ප්‍රදේශ මොනවාද?

පළමුවන සියවසේ යුදෙව්වන් බොහෝදෙනෙක් ජීවත් වූයේ සිරියාව, කුඩා ආසියාව, බැබිලෝනිය හා ඊජිප්තුව යන නගරවලයි. සුළු පිරිසක් රෝම අධිරාජ්‍යය යටතේ පැවති යුරෝපයේ දේශවලද ජීවත් වුණා.—10/15, 12 පිටුව.

• ක්‍රිස්තියානියෙක් අවි ආයුධ ළඟ තබාගැනීමට සිදු වෙන රැකියාවක් භාරගත්තොත් දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට ඔහුට පුළුවන්ද?

තුවක්කුවක් හෝ වෙනත් ආයුධයක් ළඟ තබාගැනීමට අවශ්‍ය කරන රැකියාවක් කරනවාද නැද්ද යන්න කෙනෙකු පෞද්ගලිකව ගත යුතු තීරණයක්. ඒ වගේ රැකියාවක් තෝරාගැනීමෙන් ලේ වරදට හසුවීමේ අවදානමට කෙනෙක් තමාවම නිරාවරණය කරගන්නවා. සමහරවිට ආයුධයක් ළඟ තබාගත යුතු රැකියාවක් කරන කෙනෙකු සතුරු ප්‍රහාරයකදී තුවාල වීමට හෝ මරණයට පත්වීමට හෝ ඉඩ තිබෙනවා. එවැනි රැකියාවක් කරන කෙනෙක් සභාව තුළ විශේෂ සේවා වරප්‍රසාද ලැබීමට සුදුසුකම් ලබන්නේ නැහැ. (1 තිමෝති 3:3, 10)—11/1, 31 පිටු.

• “හර්–මගෙදොන්” යන වචනයේ අර්ථය “මෙගිද්දෝ කන්ද” යන්නයි. කන්දක් ගැන සඳහන් වන නිසා හර්–මගෙදොන් යුද්ධය සිදු වෙන්නේ මැද පෙරදිග පිහිටි එක්තරා විශේෂ කන්දක විය හැකිද?

එසේ විය නොහැකියි. ඊට හේතුව ඒ නමින් හැඳින්වෙන කන්දක් දැන් මේ පොළොව මත නැති නිසයි. කලින් මෙගිද්දෝ කන්ද නමින් හැඳින්වූ ස්ථානය දැන් ඊශ්‍රායෙලයේ එක්තරා තැනිතලාවක පිහිටි උස පස් කන්දක් විතරයි. මෙවැනි තැනක “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද රැස්ව” සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩක් නැහැ. දෙවිගේ මේ මහත් දවසේ යුද්ධය මුළු පොළොව මුළුල්ලේම සිදු වන අතර එමගින් සියලු යුද්ධවලට නිමාවක් ගෙන එයි. (එළිදරව් 16:14, 16; 19:19; ගීතාවලිය 46:8, 9)—12/1, 4-7 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න