ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 6/15 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිකදේමස්ට ඉගැන්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 6/15 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“ස්වර්ගයෙන් බැස ආ මනුෂ්‍ය පුත්‍රයා හැර අන් කිසි මිනිසෙක් ස්වර්ගයට නැංගේ නැත” කියා යේසුස් නිකදේමස්ට පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?—යොහන් 3:13.

යේසුස් ඉහත වචන පැවසුවේ ඔහු ආපසු ස්වර්ගයට යෑමට පෙරයි. අප දැනටමත් යේසුස් ගැන දන්නා දේ හා ඔහු එසේ පැවසුවේ කුමන තත්වයක් යටතේදීද යන කාරණා සොයා බැලීමෙන් එහි අර්ථය වටහාගත හැකියි.

යේසුස් මේ පොළොවට පැමිණීමට පෙර සිටියේ ඔහුගේ පියා සමඟ ස්වර්ගයේයි. ඒත් නියමිත කාලයේදී දෙවි තම පුත්‍රයා මේ පොළොවේ මිනිසෙකු ලෙස උපත ලැබීම සඳහා ඔහුගේ ජීවය මරියාගේ කුස තුළ වැඩෙන්න සැලැස්සුවා. (ලූක් 1:30-35; ගලාති 4:4; හෙබ්‍රෙව් 2:9, 14, 17) යේසුස් මේ පොළොවේ ජීවිතය අවසන් කිරීමෙන් පසු ඔහු තම පියා සමඟ ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලැබුවා. යේසුස්ව මරණයට පත් කිරීමට ටිකකට කලින් ඔහු මෙසේ යාච්ඤා කළා. “පියාණෙනි, මහිමයෙන් යුක්තව ඔබ ළඟ සිටීම සඳහා, ලෝකය පවතින්න කලින් ඔබ ළඟ සිටියදී මට තිබුණ මහිමයෙන් දැන් මාව මහිමයට පත් කරන්න.”—යොහන් 17:5; රෝම 6:4, 9; හෙබ්‍රෙව් 9:24; 1 පේතෘස් 3:18.

යේසුස් ඊශ්‍රායෙලයේ පරිසිවරයෙකුව සිටි නිකදේමස් නම් ගුරුවරයා සමඟ කතා කළේ ඔහු ආපසු ස්වර්ගයට යෑමට පෙරයි. මේ වන විට මිය ගොස් සිටි කිසිම මිනිසෙක් නැවත නැඟිටීමක් ලබා ස්වර්ගයට ගොස් තිබුණේ නැහැ. යොහන් බව්තීස්ත දෙවිගේ අනාගතවක්තෘවරයෙක් හැටියට ඉතා උතුම් කෙනෙක් බව යේසුස් පැවසුවා. ඒත් “ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙකු වුවද ඔහුට වඩා උතුම්” යැයිද ඔහු පැවසුවා. (මතෙව් 11:11) තවද පේතෘස් දාවිත් ගැන සඳහන් කරන විට පැවසුවේ දෙවිට විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු ලෙස මිය ගිය දාවිත් තවමත් සොහොන් ගෙයි සිටින බවයි. එයින් අදහස් කළේ ඔහු ස්වර්ගයට ගියේ නැති බවයි. (ක්‍රියා 2:29, 34) යේසුස් මිය යෑමට කලින් මිය ගිය දාවිත්, යොහන් බව්තීස්ත හා එවැනි ඇදහිලිවන්ත සේවකයන් ස්වර්ගයට නොයෑමට හේතුවක් තිබුණා. එනම් යේසුස් ස්වර්ගයට ඇතුල් වීමේ මාර්ගය ඒ වන විට සූදානම් කර තිබුණේ නැති නිසයි. පාවුල් යේසුස්ව හැඳින්වූයේ ස්වර්ගයට යෑම සඳහා “අලුත්, ජීවමාන මාර්ගයක්” විවෘත කර දුන් පුරෝගාමියෙකු හෙවත් පෙරමඟ සලසන්නෙක් ලෙසයි.—හෙබ්‍රෙව් 6:19, 20; 9:24; 10:19, 20.

යේසුස් නිකදේමස්ට කතා කරන අවස්ථාවේදී ඔහු නැවත ස්වර්ගයට ගොස් තිබුණේ නැහැ. එසේනම් “ස්වර්ගයෙන් බැස ආ මනුෂ්‍ය පුත්‍රයා හැර අන් කිසි මිනිසෙක් ස්වර්ගයට නැංගේ නැත” කියා නිකදේමස්ට පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? (යොහන් 3:13) යේසුස් නිකදේමස් සමඟ සාකච්ඡා කරමින් සිටි දෙය හෝ අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගැනීමෙන් මෙය වටහාගත හැකියි.

යුදෙව් පාලකයෙකු වූ නිකදේමස් රාත්‍රියේදී යේසුස්ව හමුවීමට පැමිණි විට යේසුස් මෙසේ පැවසුවා. “යමෙකු නැවත ඉපදෙන්නේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකිය.” (යොහන් 3:3) ‘එහෙම වෙන්නේ කොහොමද? කෙනෙක් දෙවෙනි වරටත් ඉපදෙන්නේ කොහොමද?’ කියා නිකදේමස් ඇසුවා. මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ දෙවිගේ රාජ්‍යයේ පංගුකාරයෙක් වීම ගැනයි. මෙම ගැඹුරු කාරණය නිකදේමස් තේරුම්ගත්තේ නැහැ. ඔහුට මේ ගැන දැනගැනීමට යම් ක්‍රමයක් තිබුණාද? මේ ගැන ඔහුට තේරුම් කර දෙන්න කිසිම මනුෂ්‍යයෙකුට බැහැ. ඊට හේතුව කිසි මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගොස් තිබුණේ නැති නිසයි. ඒ වගේම දෙවිගේ රාජ්‍යයේ පංගුකාරයෙක් වීම ගැන කිසිම කෙනෙකුට තේරුම් කර දීමට හැකියාවක් තිබුණේද නැහැ. මෙය තේරුම් කර දිය හැකි එකම තැනැත්තා වූයේ යේසුස් ක්‍රිස්තුස් පමණයි. මෙම කාරණය පහදා දීමට යේසුස්ට හැකි වූයේ ඔහු ස්වර්ගයේ කාලයක් ජීවත්ව සිටි නිසයි. එමෙන්ම ඔහුට මේ කාරණා තේරුම් කර දීමට සුදුසුකම්ද තිබෙනවා.

දෙවිගේ වචනය අධ්‍යයනය කළ යුතු ආකාරය ගැන මේ ප්‍රශ්නය සලකා බැලීමෙන් මනාව පැහැදිලි වෙනවා. බයිබලයේ යම් පදයක නියම අරුත තේරුම්ගන්න අමාරු නම් ඒ ගැන අධෛර්යය වෙන්න අවශ්‍ය නැහැ. බයිබලයේ එක ඡේදයක් තේරුම්ගැනීමට අනිකුත් ඡේද මෙන්ම අවට පාඨ අතර සම්බන්ධයද සැලකිල්ලට ගත යුතුයි. අපට තේරුම්ගැනීමට අමාරු බයිබල් පදයක අර්ථය පැහැදිලි කරගැනීමේදී එහි සඳහන් දෙය සිදු වූයේ මොන වගේ තත්වයක් යටතේද කියා සොයා බැලීමෙන් තේරුම්ගැනීමට අපහසු පදයක් ගැන වුවද සෑහීමට පත් විය හැකි පිළිතුරක් ලබාගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න