ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 9/1 18 පි.
  • “සියලු සැනසිල්ලේ දෙවි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සියලු සැනසිල්ලේ දෙවි”
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේගෙන්’ සැනසීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් අපිව සනසවන විදිහ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 9/1 18 පි.

දෙවිට ළං වෙන්න

“සියලු සැනසිල්ලේ දෙවි”

2 කොරින්ති 1:3, 4

අපි දුක් වේදනා අද්දකින විට, බලාපොරොත්තු සුන් වන විට හෝ තනි වී ඇති බවක් හැඟෙන විට අපි කලකිරෙනවා. එවැනි අවස්ථාවකදී අපිට සැනසිල්ල ලබා දිය හැකි කෙනෙක් ඉන්නවාද? ඇත්තෙන්ම ඔව්! ශුද්ධ බයිබලයේ සඳහන් වන ආකාරයට අපිට සැනසිල්ල ලබා දීමට යෙහෝවා දෙවිට හැකියි.—2 කොරින්ති 1:3, 4.

බයිබලයේ 2 කොරින්ති 1:3හි යෙහෝවා දෙවිව “දයානුකම්පාවේ පියාණන්” ලෙස හඳුන්වනවා. “දයානුකම්පාව” විස්තර කිරීමට යොදාගත් ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ වේදනාවෙන් සිටින කෙනෙකු කෙරෙහි අනුකම්පාවක් ඇතිවීමයි.a මෙම යෙදුම “අනුකම්පාසහගත” “බොහෝ සැලකිලිමත්” ලෙසත් අර්ථ දැක්විය හැකි බව එක් බයිබල් අත්පොතක සඳහන් වෙනවා. යෙහෝවා දෙවි ‘දයානුකම්පාවෙන්’ පූර්ණ කෙනෙක් නිසා අසරණ අයට පිහිට වෙන්න ඔහු පෙලඹෙනවා. මෙය දැන සිටීම යෙහෝවා දෙවිට තවත් ළංවීමට අපව පොලඹවන්නේ නැද්ද?

බයිබලයෙහි යෙහෝවා දෙවිව “සියලු සැනසිල්ලේ දෙවි” ලෙසත් හඳුන්වා තිබෙනවා. මෙයින් “යම් වේදනාවකින් සිටින කෙනෙකුව සැනසීම සඳහා හෝ දිරිගැන්වීම සඳහා යමක් කිරීම” අදහස් විය හැකියි. එක් බයිබල් පරිවර්තනයක පෙන්නුම් කරන ආකාරයට “වේදනාවෙන් සිටින කෙනෙකුට එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමෙන් ඔවුන්ව සැනසවිය හැකියි.”—The Interpreter’s Bible.

දුක් වේදනා දරාගැනීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලබා දීම තුළින් යෙහෝවා දෙවි අපව සනසවන්නේ කෙසේද? ඔහු මූලිකවම එය කරන්නේ බයිබලය මාර්ගයෙන් සහ යාච්ඤාව තුළින් ඔහුට කතා කිරීමට අවස්ථාව සලසා දීමෙනුයි. අපට බෙහෙවින් ප්‍රේම කරන යෙහෝවා දෙවි බයිබලය ලබා දී තිබෙන්නේ ‘ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන් අප බලාපොරොත්තුව ඇතුව සිටින පිණිසයි.’ එමෙන්ම අපි යාච්ඤාව තුළින් අපේ සිතේ ඇති දේවල් දෙවිට දන්වනවා නම් “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” අපිට අද්දකින්න ලැබෙනවා.—රෝම 15:4; ෆිලිප්පි 4:7.

බයිබලයේ සඳහන් වන ආකාරයට “සියලු පීඩාවලදී අපව සනසන්නේ” යෙහෝවා දෙවියි. (2 කොරින්ති 1:4) ඒ නිසා අපි මොනයම් ආකාරයේ වේදනාවක් කරදරයක් අද්දැක්කත් එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න යෙහෝවා දෙවිට හැකියි. එය මොන තරම් සැනසීමක්ද!

යෙහෝවා දෙවි සපයන සැනසිල්ලෙන් ප්‍රයෝජන ගන්නේ එය ලබන පුද්ගලයා පමණක් නොවෙයි. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවිගෙන් අප ලබන සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සනසන්න අපට හැකි” බවයි. අපි යම් දුෂ්කර තත්වයක් යටතේ දෙවිගේ සැනසිල්ල අද්දැක්කා නම් වෙනත් අය එවැනි දුෂ්කර තත්වයක් අද්දකින විට ඔවුන්ට උපකාර කිරීමට අපට හැකි වෙනවා.

“සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා අපි අද්දකින වේදනාකාරී දේවල් හා ප්‍රශ්න ගැටලු ආශ්චර්යවත් ලෙස ඉවත් කරන්නේ නැහැ. නමුත් අපි සැනසිල්ල පතා ඔහුගෙන් උපකාර ඉල්ලන විට ඕනෑම දුෂ්කර තත්වයක් දරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු අපිට සපයනවා. මෙවන් ප්‍රේමණීය දෙවි කෙනෙක් අපගේ නමස්කාරය හා ප්‍රශංසාව ලබන්න වටින්නේ නැද්ද!

[පාදසටහන]

a යෙහෝවා දෙවි දයානුකම්පාවේ උල්පත වන නිසා ඔහුව “දයානුකම්පාවේ පියාණන්” ලෙස හඳුන්වනවා. දයාව යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය හා බැඳී පවතින ගුණාංගයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න