ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/1 4-5 පි.
  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ කවදා හෝ මෙසේ කල්පනා කර තිබෙන්නෙහිද?
    1994 පිබිදෙව්!
  • ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද?
    2009 පිබිදෙව්!
  • නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ප්‍රබලද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/1 4-5 පි.

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

“මිනිසුන්ට අමරණීය ආත්මයක් තිබෙනවා. ඒ නිසා පව්කාරයන්ට නොනිවෙන ගිනි ජාලාවක සදාකාලයටම දුක් විඳින්න සිදු වෙනවා.”—ක්‍රිස්තු වර්ෂ දෙවෙනි හා තුන්වෙනි සියවස අතර ජීවත් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්.

ඉහත අදහස් දැක් වූ ක්ලෙමන්ට් හා සමානව අපායක් පවතින බව විශ්වාස කරන බොහෝදෙනා මිනිසා තුළ නොනැසී පවතින ආත්මයක් ඇති බවත් විශ්වාස කරනවා. මිනිසුන් තුළ එවැනි අමරණීය ආත්මයක් තිබෙනවා කියා ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවාද? පහත සඳහන් ප්‍රශ්නවලට බයිබලයේ සපයා ඇති පිළිතුරු සලකා බැලීම ඒ සඳහා ප්‍රයෝජනවත් වෙයි.

මුල්ම මිනිසා වූ ආදම්ට නොනැසී පවතින ආත්මයක් තිබුණාද? නැහැ. ආදම් දෙවිට විරුද්ධව පව් කළ පසු ඔහුට සිදු වන දේ ගැන දෙවි මෙසේ පැවසුවා. “නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය. මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19, පැරණි අනුවාදය) ආදම් මිය ගිය පසු නොනැසී පවතින ආත්මයක් ඔහුගේ ශරීරයෙන් පිට වී ගොස් අපායක දුක් විඳිනවා කියා දෙවි පැවසුවේ නැහැ. ඒ වෙනුවට දෙවි පැවසුවේ මරණයෙන් ඔහුගේ ජීවිතය අවසන් වන බවයි.

මරණයෙන් පසු කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් වන්නේ “ජීවත් වන අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් නොදනිති” කියායි. (දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම මිය ගිය අයගේ තත්වය විස්තර කරමින් තවත් බයිබල් පදයක මෙසේ සඳහන් වෙනවා. මිය ගිය අය “දූවිල්ලට හැරී යන්නේය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.” (ගීතාවලිය 146:4, NW) මිය ගිය අයට ‘කිසිවක් දැනෙන්නේ නැත්නම්’ ඔවුන්ගේ ‘කල්පනාව නැති වී’ තිබෙනවා නම් මරණයෙන් පසු ඔවුන් වෙනත් ස්ථානයක ජීවත් වෙනවා කියා පැවසිය හැකිද?

මිය ගිය අය අක්‍රියාශීලී තත්වයක සිටින බව පෙන්වීමට යේසුස් මරණය නින්දකට සමාන කළා.a (යොහන් 11:11-14) මිය ගිය අයට හැඟීම් දැනීම් නැතිනම් ඔවුන් සිටින්නේ අක්‍රියාශීලී තත්වයක නම් වැරදි කළ අය අපායක දුක් විඳිනවා කියා පවසන්න පුළුවන්ද? නමුත් සමහර අය පවසන්නේ පව්කාරයන් අපායක වධ වේදනා විඳින බව යේසුස් පැවසුවා කියායි. යේසුස් ඇත්තෙන්ම අපායක් ගැන පැවසුවේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

[පාදසටහන]

a මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා “යේසුස්ගෙන් ඉගෙනගනිමු—මළවුන් ගැන බලාපොරොත්තුවක්!” යන මාතෘකාවෙන් යුත් 16 සහ 17 පිටුවල ඇති ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න