ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 3/1 3 පි.
  • “මගේ වෙලාව හොඳයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මගේ වෙලාව හොඳයි”
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මිනිසාගේ දෛවයේ සුල මුල සොයා
    1999 පිබිදෙව්!
  • හදිසි අනතුරු—දෛවය ද නැතහොත් අවස්ථාව ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෛවයද නැත්නම් අහඹු සිදුවීමක්ද?
    1999 පිබිදෙව්!
  • සියල්ල සිදු වෙන්නේ දෛවයට අනුවද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 3/1 3 පි.

“මගේ වෙලාව හොඳයි”

ධාවනය වෙමින් තිබූ කුණු ලොරියක් හදිසියේම මාර්ගයෙන් පිට පැන්න නිසා පදික වේදිකාවේ ගමන් කරමින් සිටි යුවළක් සහ 23 හැවිරිදි තරුණයෙක් අනතුරට ලක් වුණා. එම යුවළ ඒ අවස්ථාවේදීම මිය ගිය අතර 23 හැවිරිදි තරුණයා සිහිසුන් තත්වයකට පත් වුණා. ඔහුට නැවත සිහිය පැමිණි විට ඔහු මෙසේ පැවසුවා. ‘මගේ වෙලාව හොඳයි. ඒ හින්දා මම බේරුණා.’

එවැනි සිද්ධීන් ඔබත් අසා ඇති. යම් කෙනෙක් අනතුරකින් බේරුණු විට ‘මගේ වෙලාව තාම ඇවිත් නැහැ’ කියා හෝ ‘මගේ වෙලාව හොඳයි’ කියා පවසනවා. නමුත් කෙනෙක් යම් අනතුරකින් මිය ගියොත් මිනිසුන් පවසන්නේ ‘ඒක එයාගේ වෙලාව’ නැත්නම් ඒක ‘දෙවිගේ කැමැත්ත’ කියලයි. එසේ පැවසීමෙන් ඔවුන් අදහස් කරන්නේ මිනිසුන්ගේ ජීවිතයේ සිදු වන හොඳ හෝ නරක යන සෑම දෙයක්ම යම් බලවේගයක් විසින් කලින්ම නියම කර ඇති බවයි. කිසිම කෙනෙකුට ඒවා වළක්වන්න බැහැ කියාත් ඔවුන් විශ්වාස කරනවා. එය පුරාණයේ සිට පැවත එන විශ්වාසයක්.

පුරාණ බැබිලෝනීය ජාතිකයන් සිතුවේ අහසේ තරුවල පිහිටීම මිනිස් ජීවිතයට විශාල වශයෙන් බලපානවා කියායි. ඒ නිසා පෙරනිමිති ගැන දැනගැනීමට ඔවුන් තරුවල පිහිටීම ගැන සොයා බැලුවා. මිනිසුන්ට අද්දකින්න ලැබෙන හොඳ නරක ගැන පැවසීමට හැකියාව ඇති දේවතාවියන් කෙරෙහි ග්‍රීක ජාතිකයන් සහ රෝම ජාතිකයන් මහත් විශ්වාසයක් තැබුවා. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රධාන දෙවිවරු වූ සියුස් හා ජුපිටර්ටත් වඩා එම දේවතාවියන්ගේ අධිකාරිය වැඩි බව පෙනෙන්න තිබෙනවා.

හින්දු භක්තිකයන් සහ බෞද්ධයන් විශ්වාස කරන්නේ කෙනෙක් ගිය ආත්මයේ කළ දේවල් අනුව මේ ජීවිතයේ ප්‍රතිඵල ලබන බවයි. එමෙන්ම මේ ජීවිතයේ කරන දේවල් අනුව ඊළඟ ආත්මයේදී කෙනෙක් අද්දකින දේවල් තීරණය වෙනවා කියාත් ඔවුන් විශ්වාස කරනවා. සමහර ක්‍රිස්තියානි ආගම්වල අය පවා සිතන්නේ මිනිසුන් ජීවිතයේ අද්දකින සෑම දෙයක්ම දෙවි කලින්ම නියම කර තිබෙන බවයි.

සත්‍ය තොරතුරු මත පදනම් දේවල් විශ්වාස කිරීමට නැඹුරු වූ දියුණු සමාජයක අද අපි ජීවත් වුණත් සමහරු තවමත් සිතන්නේ මිනිස් ජීවිතය දෛවයට අනුව පාලනය වෙනවා කියායි. ඔබටත් හැඟෙන්නේ එලෙසද? ඔබේ ජීවිතයේ සිදු වන සියල්ල, එනම් ඔබේ උපත, මරණය ඇතුළු අන් සියල්ල කලින්ම නියම කර තිබෙනවා කියා ඔබ සිතනවාද? මෙම ප්‍රශ්නවලට ශුද්ධ බයිබලයේ සපයා ඇති පිළිතුරු මොනවාද කියා අපි සලකා බලමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Ken Murray/New York Daily News

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න