ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 16-17 පි.
  • “අවසානය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අවසානය”
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කුමක අවසානයද?
  • අවසානය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?
  • විනාශ වෙන්නේ කවුද?
  • අවසානය පැමිණෙන්නේ කවදාද?
  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් අවසන් කාලය ගැන කතා කරයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 16-17 පි.

යේසුස්ගෙන් ඉගෙනගනිමු

“අවසානය”

කුමක අවසානයද?

වරක් යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?” (මතෙව් 24:3) ඊට පිළිතුරු දෙද්දී යේසුස් සඳහන් කළේ මේ පෘථිවිය ගැන නොවෙයි. කලින් වතාවක යේසුස් ‘සමාජ ක්‍රමය’ ගැන පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ සාතන්ගේ පාලනය යටතේ ලොව පුරා තිබෙන දේශපාලනික, ආගමික හා ව්‍යාපාරික සමාජය ගැනයි. (මතෙව් 13:22, 40, 49) “එවිට අවසානය පැමිණෙන්නේය” කියා පවසද්දී ඔහු ඉන් අදහස් කළේ මෙම සමාජයේ අවසානය ගැනයි.—මතෙව් 24:14.

අවසානය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

මේ දුෂ්ට සමාජයට ගෙන එන අවසානය ඇත්තෙන්ම සැමට ‘ශුභාරංචියක්.’ යේසුස් පැවසුවේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” කියායි. ඔහු තවදුරටත් මෙම අවසානය ගැන මෙසේද විස්තර කළා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය. ඒ දවස් කෙටි නොකළේ නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැත. නමුත් තෝරාගත් අය නිසා ඒ දවස් කෙටි කරනවා ඇත.”—මතෙව් 24:14, 21, 22.

විනාශ වෙන්නේ කවුද?

මෙහිදී විනාශ වෙන්නේ දෙවිට හා යේසුස්ට කීකරු නොවන අය පමණයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය. . . . ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ.” (මතෙව් 24:36-39) යේසුස් පැහැදිලි කළ ආකාරයට බොහෝදෙනෙක් විනාශ වීමට නියමිතයි. ඒ වුණත් ‘ජීවනය කරා යන අවහිර වූ පාරක්’ ගැනත් ඔහු සඳහන් කළා.—මතෙව් 7:13, 14.

අවසානය පැමිණෙන්නේ කවදාද?

සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දැනගැනීමට ලකුණක් හැටියට යේසුස් මේ දේ පැවසුවා. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වනවා ඇත. . . . තවද, නීති විරෝධී ක්‍රියා වැඩි වෙන බැවින් වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.” (මතෙව් 24:3-12) අද මෙතරම් දුකට හා කනස්සල්ලට හේතු වන දේවල් සිදු වුණත් ඉන් අඟවන්නේ දෙවිගේ රාජ්‍යය අත ළඟ බවයි. “ඔබත් මේ දේවල් සිදු වනවා දකින විට, දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (ලූක් 21:31) එම රාජ්‍යය මගින් ලොව පුරා සිටින කීකරු මිනිසුන්ට සාමය අද්දකින්න පුළුවන්.

ඔබ කළ යුත්තේ කුමක්ද?

“දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” කියා යේසුස් පැවසුවා. (යොහන් 3:16) ඔහු මෙලෙසද විස්තර කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඉන් අදහස් කරන්නේ අප දෙවි කෙරෙහිත් යේසුස් කෙරෙහිත් විශ්වාසයක් ඇති කරගැනීමට දැනුම ලබාගැනීම අවශ්‍ය බවයි.

‘ජීවිතයේ කරදරවලින් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය සියල්ලන් පිට පැමිණෙන්නේය’ කියාද යේසුස් අනතුරු ඇඟෙව්වා. අප මෙයට නිසි ප්‍රතිචාරය දක්වනවා නම් අප කුමක් කළ යුතුද? අප දිගටම දෙවි ගැන ඉගෙනගෙන ඔහුට තව තවත් ළං වෙන්න වෑයම් කළ යුතුයි. එසේ කිරීම මගින් ‘සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරීමට’ අපට හැකි වන බව නිසැකයි.—ලූක් 21:34-36.

වැඩි විස්තර සඳහ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “අපි ජීවත් වෙන්නේ ‘අන්තිම දවස්වලද’” යන 9වන පරිච්ඡේදය බලන්න.a

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න