ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 6/1 27 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 6/1 27 පි.

ඔබ දැන සිටියාද?

“ආමෙන්” යන වචනයේ තේරුම කුමක්ද?

ආමෙන් යන වචනය හෙබ්‍රෙව් වචනයක්. එහි තේරුම වන්නේ “එසේය” හෝ “එසේම වේවා” යන්නයි. එම වචනය වැඩිපුරම භාවිත වුණේ යාච්ඤාවක් කිරීමෙන් හෝ ගිවිසුමක් ඇති කරගැනීමෙන් පසුවයි. එසේ නැතහොත් ආශීර්වාදයක් හෝ ශාපයක් විය හැකි දෙයක් පැවසීමෙන් පසුවයි. ආමෙන් කියා පවසන්නේ තමන් ඊට එකඟ බව පළ කිරීමටයි. එමෙන්ම, “ස්ථිරභාවයකින් හා සැකයකින් තොරව වැනි අදහස්ද ආමෙන් යන වචනයට ඇතුළත් බව” එක් පොතක සඳහන් වුණා. බයිබලය ලියූ කාලයේදී කෙනෙක් ගිවිසුමකට එකඟත්වය පළ කළේ ආමෙන් කියායි. එසේ කී පසු ඔහු එය ඉටු කිරීමට නීතියෙන් බැඳී සිටියා. එමෙන්ම එය ඉටු නොකළා නම් ඊට දඬුවම් විඳීමටත් සූදානමින් සිටිය යුතු වුණා.—ද්විතීය කතාව 27:15-26.

යේසුස් සමහර අවස්ථාවලදී යම් දෙයක් පවසන විට එය පටන්ගත්තේ ආමෙන් යන වචනයෙන්. යේසුස් ඒ ආකාරයට පැවසුවේ ඔහු පවසන දෙය ස්ථිර හෝ සැබෑ බව ඇඟවීමටයි. බයිබලයේ එවැනි අවස්ථා පරිවර්තනය කර තිබෙන්නේ “සැබවක් (පැරණි අනුවාදය)” හෝ “සැබවින්ම” කියායි. (මතෙව් 5:18; 6:2, 5) සමහර බයිබල් පරිවර්තනවල යොහන් 1:51හි (පැරණි අනුවාදය) යේසුස් කියා ඇති දෙය සඳහන් කර තිබෙන්නේ “සැබවක් සැබවක්” ඔබට කියමි ලෙසයි. එසේ කර තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් ආමෙන් යන වචනය දෙවරක් සඳහන් වන නිසයි. මෙලෙස ආමෙන් කියා දෙවරක් සඳහන් කිරීම වෙනත් ආගමික ග්‍රන්ථවල දැකිය නොහැකියි.

එළිදරව් 3:14හි යේසුස්ව “ආමෙන්” ලෙස හඳුන්වන්නේ ඔහුගේ සාක්ෂිය ‘විශ්වාසවන්ත හා සැබෑ’ එකක් නිසයි.

ඌරීම් සහ තුම්මීම් කියා හැඳින්වූයේ මොනවාද?

ඌරීම් සහ තුම්මීම් පුරාණ ඊශ්‍රායලයේ භාවිත කළ දාදු කැට විශේෂයක්. ජාතිය හෝ එහි නායකයන් වෙනුවෙන් වැදගත් තීරණ ගත් විට මේ දාදු කැට භාවිත කළේ දෙවිගේ අදහස දැනගන්නයි. ඒවායේ හැඩය මෙන්ම ඒවා භාවිත කළ ක්‍රමය බයිබලයේ විස්තර කර නැහැ. නමුත් දෙවි ඒවා මාර්ගයෙන් බැරෑරුම් ප්‍රශ්නවලට එසේය හෝ නැත කියා පිළිතුරු දුන්නා. එසේ නැතහොත් දෙවිගෙන් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ කාලයේදී මේවා තිබුණේ උත්තම පූජකයාගේ භාරයෙයි. ඒවා තබාගෙන සිටියේ ඔහුගේ ‘ළයවැස්මෙයි.’—නික්මයාම 28:15, 16, 30.

එක් අවස්ථාවකදී දාවිත් පූජක අබියාතර්ට කිව්වා ඒෆොද් හැට්ටය ගෙනෙන්න කියා. ඉන්පසු ඔහු ඌරීම් හා තුම්මීම් භාවිත කර යෙහෝවා දෙවිගෙන් ප්‍රශ්න දෙකක් ඇසුවා. එක ප්‍රශ්නයක් වුණේ ‘සාවුල් රජු ඇත්තටම මෙම ස්ථානයට පැමිණෙයිද’ යන්නයි. අනික ‘කෙයිලා නුවරේ වැසියන් මාව සාවුල් රජුගේ අතට භාර දෙයිද’ යන්නයි. යෙහෝවා දෙවි මේ ප්‍රශ්න දෙකටම ඔව් කියා උත්තර දුන් නිසා දාවිත්ට සුදුසු තීරණ ගන්න පුළුවන් වුණා.—1 සාමුවෙල් 23:6-12.

ඊට කලින් සාවුල් රජත් ඌරීම් හා තුම්මීම් භාවිත කළා. යම් වරදක් සිදු වූ අවස්ථාවකදී වරද කර තිබෙන්නේ ජනයාද නැත්නම් තමන්ද කියා දැනගැනීමටත්, ඉන්පසු තමන්ද තම පුත්‍රයාද කියා දැනගැනීමටත් දාදු දැමුවා. (1 සාමුවෙල් 14:40-42) පසු කලෙක සාවුල් රජුට යෙහෝවා දෙවිගේ අනුග්‍රහය නැති වූ විට “සිහිනයක් මාර්ගයෙන්වත් ඌරීම් මාර්ගයෙන්වත්” දෙවි කිසිම උත්තරයක් දුන්නේ නැහැ.—1 සාමුවෙල් 28:6.

ඌරීම් හා තුම්මීම් භාවිතය නතර වූයේ ක්‍රිස්තු පූර්ව 607හි යෙරුසලමේ විනාශයත් සමඟ බව යුදෙව් සම්ප්‍රදායේ පැවසෙනවා.

[27වන පිටුවේ පින්තූරය]

පස්වන සියවසේ කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස් පිටපත. එළිදරව් 3:14හි “ආමෙන්” යන වචනය දැක්වෙන අයුරු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න