ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 7/1 4-5 පි.
  • 1. කර්තෘගෙන් උපකාර පතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1. කර්තෘගෙන් උපකාර පතන්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවිගේ බලය ක්‍රියාත්මක වන අයුරු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ මඟ පෙන්වීම් ලබා ඔබේ කැප වීමට එකඟව ජීවත් වන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ ජනයාට මඟ පෙන්වයි
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 7/1 4-5 පි.

බයිබලය හොඳින් තේරුම්ගැනීමට

1. කර්තෘගෙන් උපකාර පතන්න

ඉතාලියේ වෙසෙන නීන්ෆා මෙසේ පැවසුවා. “බයිබලයේ තියෙන්නේ දෙවිගේ අදහස් නිසා මුළු බයිබලයම කියවන්න මට ආස හිතුණා. ඒ නිසා රෑට නිදාගන්න කලින් මම බයිබලය කියෙව්වා. මුලදී ඒකේ තිබුණු දේවල් තේරුම්ගන්න පුළුවන් වුණත් කියවගෙන යන කොට ඒකේ තිබුණු දේවලින් වැඩි හරියක් මට තේරුණේ නැහැ. ඒ නිසා බයිබලය කියවන එක මම නතර කළා.”

නීන්ෆාට මෙන් බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීම ඔබටත් අභියෝගයක්ද? අපි කලින් ලිපියේ සලකා බැලූ ආකාරයට බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි කැමති වන්නේ සියලුම මිනිසුන් බයිබලය කියවා තේරුම්ගන්නවාටයි. නමුත් එය කළ හැක්කේ කෙසේද? ඒ සඳහා ගත යුතු මුල්ම පියවර නම් දෙවිගෙන් උපකාර පැතීමයි.

යේසුස්ගේ ගෝලයන් එවකට තිබූ උසස් පාසැල්වලින් යුදෙව් ආගම හැදෑරුවේ නැති නිසා ආගමික නායකයන් ඔවුන්ව හැඳින්වූයේ “නූගත්, සාමාන්‍ය මිනිසුන්” ලෙසයි. (ක්‍රියා 4:13) ඒ වුණත් තම ගෝලයන්ට දෙවිගේ බලයේ උපකාරයෙන් ශුද්ධ ලියවිලි තේරුම්ගැනීමට හැකි බව යේසුස් මෙලෙස පැහැදිලි කළා. “මාගේ නාමයෙන් පියාණන් එවන උපකාරකයා, එනම් ශුද්ධාත්මය, [දෙවිගේ බලය] ඔබට සියල්ල උගන්වා, මා ඔබට පැවසූ සියල්ල ඔබට සිහි කරවන්නේය.” (යොහන් 14:26) පොළොව ඇතුළු එහි තිබෙන සියල්ල නිර්මාණය කිරීමටත් මිනිසුන් 40දෙනෙකුව යොදාගෙන බයිබලය ලිවීමටත් දෙවි යොදාගත්තේ එම බලයයි. (උත්පත්ති 1:2; 2 පේතෘස් 1:20, 21) බයිබලය කියවා තේරුම්ගැනීමට කැමති අයට එම බලය මාර්ගයෙන් උපකාර කිරීමට දෙවි කැමැත්තෙන් සිටිනවා.

දෙවිගේ බලය ලබාගැනීමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා ඔබ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා එම බලය දෙවිගෙන් නොකඩවා ඉල්ලිය යුතුයි. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. එමෙන්ම ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය [දෙවිගේ බලය] දෙනු ඇද්ද!” (ලූක් 11:9, 13) ඕනෑකමින් දෙවිගේ බලය ඉල්ලන්නන්ට එය ලබා දීමට දෙවි කැමැත්තෙන් සිටිනවා. දෙවිගේ බලයේ උපකාරය මාර්ගයෙන් බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීමට පමණක් නොව එහි සඳහන් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගැනීමටත් හැකි වෙනවා.—හෙබ්‍රෙව් 4:12; යාකොබ් 1:5, 6.

ඒ නිසා ඔබ බයිබලය කියවන සෑම අවස්ථාවකදීම එහි සඳහන් දේවල් තේරුම්ගැනීමට දෙවිගේ බලයේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න