ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/1 3-4 පි.
  • සියලුම ආගම් සැබෑද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලුම ආගම් සැබෑද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සෑම ආගමක්ම මඟ පෙන්වන්නේ සැබෑ දෙවි වෙතටද?
  • සැබෑ ආගම සොයාගත හැකිද?
  • සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද?
    2001 පිබිදෙව්!
  • නිදහස කරා යන පටු පාර
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍ය ආගම ඔයාලගේ ආගම කියලා ඔයාලා හිතනවද?
    නිතර අසන ප්‍රශ්න
  • ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/1 3-4 පි.

සියලුම ආගම් සැබෑද?

අප ජීවත් වන්නේ ආගම් රාශියක් පවතින ලෝකයකයි. එක් සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට අද ලොව පුරා ප්‍රධාන ආගම් 19ක්ද තවත් ආගම් 10,000ක් පමණද තිබෙනවා. මෙතරම් ආගම් සංඛ්‍යාවක් තිබෙන නිසා තමන්ට කැමති ආගමක් තෝරාගන්න මිනිසුන්ට අවස්ථාව තිබෙනවා. නමුත් ඉන් අදහස් වන්නේ ඔබ කුමන ආගමක් තෝරාගත්තත් එහි ප්‍රශ්නයක් නැති බවද?

සමහර මිනිසුන් අද පවතින ආගම් සලකන්නේ කඳු මුදුනකට නැඟීමට තිබෙන විවිධ පාරවල්වලටයි. ඒ කුමන පාරකින් ගියත් කඳු මුදුනට යා හැකි සේම සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් නිසා කුමන ආගමක් ඇදහුවත් ඒ තුළින් දෙවිට ළං විය හැකියි කියා ඔවුන් පවසනවා.

සෑම ආගමක්ම මඟ පෙන්වන්නේ සැබෑ දෙවි වෙතටද?

ඉතිහාසයේ සිටි ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වූ යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.”—මතෙව් 7:13, 14, පැරණි අනුවාදය.

යේසුස් පැවසූ දෙයින් ඔහු අදහස් කළේ, කුමන ආගමකට අයිති වුණත් දෙවිව අදහනවා නම් ඔහු ජීවනයට මඟ පෙන්වන පටු පාරේ සිටින බවද? නැත්නම් දෙවිව අදහන්නේ නැති අය පමණක් විනාශයට මඟ පෙන්වන පළල් පාරේ ගමන් කරන බවද? එසේත් නැත්නම් සමහර ආගම් “විනාශයට” මඟ පෙන්වන බවද?

පටු පාර සහ පළල් පාර ගැන සඳහන් කිරීමෙන් අනතුරුව යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.” (මතෙව් 7:15, පැ.අ.) එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.” (මතෙව් 7:21, පැ.අ.) එයින් යේසුස් පැහැදිලිව පෙන්නුම් කරන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති බව පවසමින් යේසුස්ව “ස්වාමීන්” ලෙස පිළිගන්නා සෑම ආගමක්ම සැබෑ ආගම නොවන බවයි.

සැබෑ ආගම සොයාගත හැකිද?

ආගම් දහස් ගණනක් තිබෙන නිසා සැබෑ ආගම සොයාගත හැක්කේ කෙසේද? මදකට මේ උදාහරණය සලකා බලමු. ඔබ ජනාකීර්ණ නගරයක අතරමං වූවායැයි සිතන්න. ඒ අවස්ථාවේදී යා යුතු මාර්ගය ගැන ඔබ කෙනෙකුගෙන් විමසූ විට ඔහු දකුණට යන්න කියා පවසයි. තවත් කෙනෙක් වමට යන්න කියා පවසයි. එමෙන්ම වෙනත් කෙනෙක්, ඔබට හරියැයි කියා සිතෙන ඕනෑම පාරක යන්න කියා පවසයි. නමුත් ඒ අසලින් ගමන්ගත් වෙනත් කෙනෙක් නිවැරදි සිතියමක් ඔබට දී ඔබ යා යුතු මාර්ගය ඔබට පෙන්වයි. එම සිතියම අතැතිව සිටින ඔබ කරන්නේ කුමක්ද? දැන් ඔබ යා යුතු මාර්ගය ගැන ඔබට සැකයක් තිබෙනවාද?

සැබෑ ආගම හඳුනාගැනීමේදීද ඔබට නිවැරදි සිතියමක් බඳු විශ්වාසවන්ත මඟ පෙන්වීම් අවශ්‍යයි. නමුත් එවැනි මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කොහෙන්ද? එය ලබාගත හැක්කේ ශුද්ධ බයිබලයෙන් පමණයි. එහි මෙසේ සඳහන් වී තිබෙනවා. “දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමටද දුර්මත දුරු කිරීමටද හික්මවීමටද ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමටද ප්‍රයෝජනවත් වෙයි.”—2 තිමෝති 3:16, නව අනුවාදය.

සමහරවිට ඔබ ළඟත් බයිබලයක් ඇති. එසේනම් නිවැරදි සිතියමක් හා සමාන එය භාවිත කරමින් සැබෑ ආගම හඳුනාගැනීමට ඔබට හැකියි. මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද බයිබලයේ අලුත් ගිවිසුම සිංහල භාෂාවෙන් මුද්‍රණය කර තිබෙනවා. එය හඳුන්වන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ලෙසයි. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවෙයි නම් සමහරවිට එම පරිවර්තනය ඔබ සතුව නැතුව ඇති. එමනිසා ඔබ සතුව තිබෙන බයිබලය තුළින්ම සැබෑ ආගම හඳුනාගත හැකි ආකාරය ගැන දැනගැනීමට ඔබ කැමති විය හැකියි. ඒ නිසා මෙම ලිපි පෙළෙහි සිංහල භාෂාවෙන් තිබෙන පිළිගත් බයිබල් පරිවර්තන කිහිපයකින් පද උපුටා දක්වා තිබෙනවා.

එම ලිපි පෙළ කියවන විට ඔබ මෙතෙක් කල් විශ්වාස කළ දෙය සහ බයිබලයේ සඳහන්ව තිබෙන දෙය අතර සන්සන්දනයක් කර බලන්න. එමෙන්ම සැබෑ ආගම හඳුනාගත හැකි ආකාරය ගැන යේසුස් පැවසූ මේ දෙයද මතකයේ තබාගන්න. “සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.” (මතෙව් 7:17, 18, පැ.අ.) ඒ අනුව සැබෑ ආගම හඳුනාගැනීමට ඉවහල් වන “ඵල” තුනක් ගැන අපි ඊළඟ ලිපි පෙළෙන් සලකා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න