ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/1 22-23 පි.
  • මිනිසුන්ගේ අනාගතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන්ගේ අනාගතය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ස්වර්ගයට යන පිරිසක් සිටිනවාද?
  • කුඩා පිරිසක් ස්වර්ගයට යන්නේ ඇයි?
  • ස්වර්ගයට නොයන අයට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?
  • දුක් වේදනා නිමා වන්නේ කෙසේද?
  • මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය ගැන
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/1 22-23 පි.

යේසුස්ගෙන් ඉගෙනගනිමු

මිනිසුන්ගේ අනාගතය

ස්වර්ගයට යන පිරිසක් සිටිනවාද?

යේසුස් නැවත ස්වර්ගයට යෑමට පෙර තම විශ්වාසවන්ත ගෝලයන් 11දෙනාට මෙවැනි පොරොන්දුවක් දුන්නා. ‘මාගේ පියාණන්ගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන තිබේ. මා යන්නේ ඔබ සඳහා ස්ථානයක් සූදානම් කිරීමටය.’ (යොහන් 14:2) ඒ අනුව ස්වර්ගයට යන පිරිසක් සිටින බව පැහැදිලියි. නමුත් සෑම කෙනෙක්ම ස්වර්ගයට යන බව යේසුස් පැවසුවේ නැහැ. එම අවස්ථාව හිමි වෙන්නේ කුඩා පිරිසකට පමණයි. “කුඩා රැළ, බිය නොවන්න. මන්ද, ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—ලූක් 12:32.

කුඩා පිරිසක් ස්වර්ගයට යන්නේ ඇයි?

දෙවි මෙම කුඩා පිරිසව ස්වර්ගයට තෝරාගන්නේ යේසුස් සමඟ පාලනයේ හවුල් වීමටයි. එසේ පැවසීමට තිබෙන පදනම කුමක්ද? යේසුස් ස්වර්ගයට ගිය පසු තම විශ්වාසවන්ත ගෝලයෙකු වූ යොහන්ට හෙළි කළේ මෙම කුඩා පිරිස “පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිත” බවයි. (එළිදරව් 1:1; 5:9, 10) මෙය මුළු මිනිස් වර්ගයාටම ශුභ ආරංචියක් නොවෙයිද! යේසුස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙන එම ආණ්ඩුවෙන් සිදු වෙන්නේ කුමක්ද? “නැවත-මැවීමේදී, [සියල්ල අලුත් කරන කාලයේදී] මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා කල මා අනුව ආ ඔබද සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන්නහුය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 19:28) යේසුස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙන මෙම ආණ්ඩුව සියල්ල අලුත් කරමින් පොළොව සාමකාමී යහපත් තත්වයකට ගෙන ඒමට නියමිතයි.

ස්වර්ගයට නොයන අයට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ස්වර්ගයේ ජීවත් වීමට නොව මේ පොළොවේ සදහටම ජීවත් වීමට බව බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. (ගීතාවලිය 115:16) නමුත් යේසුස්ව නිර්මාණය කළේ ස්වර්ගයේ ජීවත් වීමටයි. “ඔබ පහළ තැන්වලින් වන්නහුය. මම ඉහළ තැන්වලින් වන්නෙමි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 8:23) ස්වර්ගයට නොයන අයගේ ප්‍රීතිමත් අනාගතය ගැන යේසුස් පැවසුවේ “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය” කියායි. (මතෙව් 5:5) ඒ අවස්ථාවේදී යේසුස් යොමු දැක්වූයේ බයිබලයේ සඳහන් මේ වදන්වලටයි. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:11, 29, නව ලොව පරිවර්තනය, NW.

සදාකාල ජීවනය අද්දකින්නේ ස්වර්ගයට යන සුළු පිරිස පමණක් නොවෙයි. පොළොවේ ජීවත් වන සියලුම මිනිසුන්ටත් සදාකාල ජීවනය අද්දකින්න හැකියාව තිබෙන බව යේසුස් මෙසේ පැහැදිලි කළා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල [විශ්වාසය] පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

දුක් වේදනා නිමා වන්නේ කෙසේද?

මිනිසුන්ට දුක් වේදනා ඇති කරන ප්‍රධාන මාධ්‍යයන් දෙකක් තිබෙනවා. ඒ දුෂ්ට ලෝකය සහ එහි පාලකයා වන යක්ෂයායි. එම මාධ්‍යයන් දෙකට සිදු වීමට නියමිත දේ යේසුස් මෙසේ පැහැදිලි කළා. “මේ ලෝකයේ විනිශ්චයක් ඇත. මේ ලෝකයේ පාලකයාව පිටතට දමනු ලබන්නේය.” (යොහන් 12:31) මුලින්ම “ලෝකය” හෙවත් දෙවිට නමස්කාර නොකරන දුෂ්ට මිනිසුන්ව විනාශ කරන අතර ඉන්පසු “ලෝකයේ පාලකයා” හෙවත් යක්ෂයාව විනාශ කර දමනවා. එවිට මිනිසුන්ට බලපෑම් කර ඔවුන්ව නොමඟ යැවීමට යක්ෂයාට හැකි වෙන්නේ නැහැ.

නමුත් අතීතයේ පටන් දෙවි ගැනවත් යේසුස් ගැනවත් නිසි අවබෝධයක් නොලබා මිය ගිය බොහෝදෙනෙක් සිටිනවා. එවැනි අයට සිදු වන්නේ කුමක්ද? මිය යෑමට මොහොතකට පෙර යේසුස් ඔහු අසලින් වධකණුවේ ඇණ ගසා සිටි අපරාධකරුවෙකුට මෙසේ පැවසුවා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” (ලූක් 23:43) ඒ අපරාධකරුවාට මෙන් දෙවි ගැන නිසි අවබෝධයක් නොලබා මිය ගිය අයටත් මේ පොළොව මත නැවතත් ජීවත් වීමට දෙවි අවස්ථාව ලබා දෙනවා. එවිට දෙවි ගැන ඉගෙනගැනීමට ඔවුන්ට හැකි වන අතර පාරාදීසයේ සදහටම ජීවත් වීමට නියමිත නිහතමානී, ධර්මිෂ්ඨ අය ලෙස පෙනී සිටීමටත් හැකි වෙනවා.—ක්‍රියා 24:15.

වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන සහ 7වන පරිච්ඡේද බලන්න.a

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[23වන පිටුවේ පින්තූරය]

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29, NW

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න