ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/15 16-17 පි.
  • වටිනා නිධානයක් සම්බ වී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වටිනා නිධානයක් සම්බ වී
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා
    2006 පිබිදෙව්!
  • අඩ සියවසක කාලයක් පුරා ඒකාධිපති පාලනයක් යටතේ
    1999 පිබිදෙව්!
  • ඔබ ආගමික නිදහස අගය කරන්නෙහිද?
    1996 පිබිදෙව්!
  • නැඟෙනහිර යුරෝපයේ සමාදානයේ දූතයෝ
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/15 16-17 පි.

වටිනා නිධානයක් සම්බ වී

නොසිතූ ස්ථානයක තිබී කවදා හෝ ඔබට නිධානයක් සම්බ වී තිබෙනවාද? වර්ෂ 2005 මාර්තු 27වන දින එස්තෝනියාවේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන ඊවෝ ලොඩ්ට එවැනි නිධානයක් සම්බ වුණා. ඔහු, අල්මා වර්ඩ්යා නමැති මහලු සහෝදරියගේ නිවසේ පැරණි ගබඩා කාමරය කඩා ඉවත් කරන්න ඇයට උපකාර කරමින් සිටියා. එහි බිත්තියට සම්බන්ධ කර තිබූ කණුවක කොටසක් ලෑල්ලකින් වසා තිබෙනවා ඔහු දුටුවා. එය ගැලවීමෙන් පසු අඟල් 50ක් උස, අඟල් හතරක් පළල සහ අඟල් හතරක් පමණ ගැඹුරු කුහරයක් දැකගන්න ලැබුණා. (1) එහි තිබුණේ නිධානයක්! එය සඟවා තැබුවේ කවුද?

ගනකම් කඩදාසියෙන් ඔතා තිබූ පාර්සල් කිහිපයක් එම කුහරයේ තිබුණා. (2) එම පාර්සල්වල තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි. ඉන් වැඩි හරියක්ම මුරටැඹ පාඩම් ලිපියි. සමහර ලිපි 1947 තරම් ඈත කාලයේදී පළ වූ ඒවායි. (3) එම මුරටැඹ ලිපි එස්තෝනියානු භාෂාවෙන් අතින් පිටපත් කර තිබුණා. ඒවා එහි සඟවා තැබුවේ සහෝදරී අල්මා වර්ඩ්යාගේ ස්වාමිපුරුෂයා වන විලියම් වර්ඩ්යා විසිනුයි. ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ආකාරය ගැන තොරතුරු මෙන්ම ඔහු සිරගතව සිටි අවුරුදු ගණනාව පිළිබඳ තොරතුරුද එහි අඩංගු වුණා. ඔහුව සිරගත කළේ ඇයි?

සහෝදර වර්ඩ්යා එස්තෝනියාවේ ටාර්ටු හා ඕටෙපා යන සභාවල වගකීම් දැරූ සහෝදරයෙක්. ඔහු බයිබල් සත්‍යය ඉගෙනගන්න පටන්ගත්තේ දෙවන ලෝක මහා යුද්ධයට ටික කාලයකට පෙරයි. ඉන් වසර කිහිපයකට පසු එනම්, වර්ෂ 1948 දෙසැම්බර් 24වන දින කොමියුනිස්ට් පාලනය යටතේ සහෝදර වර්ඩ්යාව ඔහුගේ ආගමික විශ්වාසය නිසා අත්අඩංගුවට ගත්තා. පසුව රුසියානු රහස් පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රශ්න කර ඔහුට පීඩා කර අනික් සහෝදරයන්ගේ නම් හෙළි කරන්න කියා ඔහුට බල කළා. ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා කිසිම නඩු විභාගයකින් තොරව ඔහුව වසර දහයකට සිරගත කළා.

විලියම් වර්ඩ්යා 1990 මාර්තු 6වන දින මිය යන තුරුම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. නිවසේ සඟවා තිබූ ප්‍රකාශන ගැන ඔහු තම බිරිඳටවත් නොපැවසුවේ බලධාරීන් ඇගෙන් ප්‍රශ්න කරයි කියා ඔහු සිතූ නිසා විය හැකියි. ඔහු ඒවා සඟවා තැබුවේ ඇයි? ඒ කාලයේ රුසියානු රහස් පොලීසිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන සොයමින් නිවෙස් සෝදිසි කළා. ඔවුන් සියලුම ප්‍රකාශන අත්අඩංගුවට ගනීවි යයි ඔහු සිතූ නිසා ඔහු ඒවා සඟවා තැබුවා. ඒ තුළින් ඔහු බලාපොරොත්තු වුණේ සහෝදරයන්ට දෙවිගෙන් ලැබෙන පෝෂණය දිගටම ලබා දීමටයි. ඔහු විසින් වෙනත් ප්‍රදේශවල සඟවා තැබූ ප්‍රකාශන ගණනාවක් 1990දීද සම්බ වුණා. ඉන් එක් ස්ථානයක් වුණේ එස්තෝනියාවේ ටාර්ටු කියන ප්‍රදේශයයි.

එම ප්‍රකාශන නිධානයක් ලෙස අප සලකන්නේ ඇයි? එදා සිටි දෙවිගේ සෙනඟට ඒවා ඉතාමත් වටිනා දේවල් වුණා. ඒවා ඉතා පරෙස්සමින් ලියා සඟවා තැබීමෙන් ඔවුන් ඒවා අගය කළ බවද පැහැදිලියි. (මතෙ. 24:45) අද දින මුරටැඹ සඟරාව එස්තෝනියානු භාෂාව ඇතුළු තවත් භාෂා 170කට වඩා වැඩි ගණනකින් ප්‍රකාශයට පත් කරනවා. ඔබත් එවන් සැපයුම් අගය කරනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න