ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 16-17 පි.
  • සතුටින් පිරි පවුල් ජීවිතයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුටින් පිරි පවුල් ජීවිතයක්
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුවළක් විවාහය සැලකිය යුත්තේ කෙසේද?
  • දෙවිට ප්‍රේම කිරීම පවුලේ සන්තෝෂයට දායක වන්නේ කෙසේද?
  • ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට එකිනෙකාව සතුටු කළ හැක්කේ කෙසේද?
  • යේසුස්ගෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?
  • යේසුස්ගෙන් දරුවන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?
  • ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන්වහන්සේ ඔබේ පවුලේ පළමු තැනට පැමිණේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමිපුරුෂයෙනි මූලිකත්වය දැරීමේදී යේසුස්ව අනුකරණය කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයට සැලකිය යුතු ආකාරය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 16-17 පි.

යේසුස්ගෙන් ඉගෙනගනිමු

සතුටින් පිරි පවුල් ජීවිතයක්

යුවළක් විවාහය සැලකිය යුත්තේ කෙසේද?

විවාහකයන් දෙදෙනෙකු අතර තිබෙන බැඳීම ඉතා කිට්ටු එකක් වන අතර එය ඉතා පරිශුද්ධයි. එක් අවස්ථාවකදී දික්කසාදයට අවසර තිබෙනවාද කියා පුද්ගලයෙක් යේසුස්ගෙන් ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ඒ නිසයි. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.” (මතෙව් 19:4-6, 9) විවාහකයන් යේසුස් දුන් එම උපදෙස පිළිපදිමින් එකිනෙකාට විශ්වාසවන්තව සිටියොත් පවුලේ සියලුදෙනාටම ප්‍රීතිය අද්දැකිය හැකියි.

දෙවිට ප්‍රේම කිරීම පවුලේ සන්තෝෂයට දායක වන්නේ කෙසේද?

යේසුස් මෙවැනි දෙයක්ද පැවසුවා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය.” ඉන්පසු යේසුස් ඒ හා සමාන තවත් ආඥාවක්ද දුන්නා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” එම අසල්වැසියාට පවුලේ සිටින සියලුම සාමාජිකයන්ද අයත් වෙනවා. (මතෙව් 22:37-39) දෙවිට ප්‍රේම කරන කෙනෙක් අන් අයට ප්‍රේම කිරීමට පෙලඹෙන්නේ නිතැතින්මයි. ඒ නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තබාගැනීම පවුලේ සන්තෝෂයට දායක වන බව පැහැදිලියි.

ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට එකිනෙකාව සතුටු කළ හැක්කේ කෙසේද?

භාර්යාව සතුටු කිරීමට නම් ස්වාමිපුරුෂයා යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. උදාහරණයකට යේසුස් තම භාර්යාව ලෙස සලකන ක්‍රිස්තියානි සභාවට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පවා පූජා කළා. (එෆීස 5:25) ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටයි.’ (මතෙව් 20:28) යේසුස් කිසි දිනක තමන් යටතේ සිටි අයට රළුපරුෂ ලෙස සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ව ප්‍රාණවත් කළා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (මතෙව් 11:28) ඒ හා සමානව ස්වාමිපුරුෂයන්ද පවුලේ මූලිකත්වය හැසිරවිය යුත්තේ කාරුණික මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ යහපත වෙනුවෙනුයි.

යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් පවුලේ සන්තෝෂයට දායක වෙන්න භාර්යාවන්ටත් හැකියි. “ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්” බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 11:3) යේසුස් කැමැත්තෙන්ම දෙවිට කීකරු වුණා. දෙවිට කීකරු වීම මදිපුංචිකමක් ලෙස ඔහු සැලකුවේ නැහැ. යේසුස්ට දෙවි කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබුණු නිසා ඔහු නිතරම ‘දෙවිට ප්‍රසන්න දේවල්’ කළා. (යොහන් 8:29) ඒ හා සමානව භාර්යාවකටද දෙවි කෙරෙහි ගෞරවයක් සහ ප්‍රේමයක් තිබෙනවා නම් ඇය නිතැතින්ම තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් වෙනවා. එය පවුලේ සන්තෝෂයට දායක වෙනවා.

යේසුස්ගෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

යේසුස් දරුවන් සමඟ කාලය ගත කළ අතර ඔවුන්ගේ හැඟීම් ගැනත් සැලකිලිමත් වුණා. එක අවස්ථාවකදී යේසුස් “ළදරුවන්ව තමන් වෙතට කැඳවාගනිමින්” “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න” කියා පැවසුවා. (ලූක් 18:15, 16) එමෙන්ම දේවමාලිගාවේ සිටි දරුවන් යේසුස්ට ප්‍රශංසා කිරීම ගැන ඇතැම් අය කුපිත වූ අවස්ථාවේ යේසුස් ඒ දරුවන්ව අගය කරමින් මෙසේ පැවසුවා. “බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ’ යන පාඨය ඔබ කවදාවත් කියවා නැද්ද?” (මතෙව් 21:15, 16) යේසුස් හා සමානව දෙමාපියන්ද දරුවන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන් සමඟ කාලය ගත කිරීමට උත්සාහ කළ යුතුයි.

යේසුස්ගෙන් දරුවන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

යේසුස් කුඩා අවදියේ සිටම දෙවිට නමස්කාර කිරීමට මහත් උනන්දුවක් දැක්වූවා. උදාහරණයකට වයස අවුරුදු 12දී යේසුස් ‘දේවමාලිගාවෙහි ගුරුවරුන් අතරෙහි ඉඳගෙන ඔවුන්ට සවන් දෙමින් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටියා.’ ඒ අවස්ථාවේදී ‘ඔහුට සවන් දෙමින් සිටි සියල්ලෝ ඔහුගේ තේරුම්ගැනීම හා ඔහු දුන් පිළිතුරු ගැන විස්මයට පත් වුණා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:42, 46, 47) කොහොමවුණත් තමන්ට තිබූ දැනුම ගැන යේසුස් උඩඟු වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු දිගටම තම දෙමාපියන්ට ගෞරව කරමින් ඔවුන්ට “යටත්ව සිටි” බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:51) යේසුස් හා සමානව දරුවන්ද මහත් උනන්දුවකින් දෙවිට නමස්කාර කළ යුතු අතර දෙමාපියන්ට නිතරම කීකරුව සහ යටත්ව සිටිය යුතුයි.

වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමුa නමැති පොතේ 14වන පරිච්ඡේදය බලන්න.

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න