ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 4/1 3 පි.
  • ලොව වෙනස් කළ මිනිසෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොව වෙනස් කළ මිනිසෙක්
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ යළි හිස ඔසවන අන්දම
    2003 පිබිදෙව්!
  • තර්ජනය කොතරම් ප්‍රබලද?
    2003 පිබිදෙව්!
  • රෝගවලට එරෙහි යුද්ධයේ ජය පරාජයන්
    2004 පිබිදෙව්!
  • අද්විතීය පොතක්
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 4/1 3 පි.

ලොව වෙනස් කළ මිනිසෙක්

මේ පොළොවේ මිනිසුන් මිලියන ගණනක් ජීවත් වී තිබෙනවා. නමුත් ඒ අය අතරින් අපගේ මතකයේ රැඳී තිබෙන්නේ කිහිපදෙනෙක් පමණයි. ඊට හේතුව ඔවුන් කර තිබෙන සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවිතයට ලොකු බලපෑමක් කර තිබීමයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් උදෑසනින්ම කරන දේවල් ගැන මොහොතකට සිතන්න. ඔහු අවදි වූ විගස කාමරයේ විදුලි බුබුල දල්වයි. ටික වේලාවකට පසු රටේ තොටේ විස්තර දැනගැනීම සඳහා පුවත්පතක් ගෙන කියවයි. එමෙන්ම ඔහු යම් අසනීපයකින් පෙළෙනවා නම් ප්‍රතිජීවක ඖෂධ ගැනීමටද අමතක කරන්නේ නැහැ. ඒ සුළු කාලය තුළ ඔහු ප්‍රයෝජනයට ගත් සියල්ල යම් කෙනෙකු කළ සොයාගැනීමක ප්‍රතිඵලයක් බව ඔබ දැන සිටියාද? දැන් අපි ඔවුන් කවුද කියා හඳුනාගනිමු.

මයිකල් ෆැරඩේ: වර්ෂ 1791දී උපත ලැබූ ඔහු ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙක්. විදුලි මෝටරය සහ ඩයිනමෝව ලොවට හඳුන්වා දුන්නේ ඔහුයි. ඔහුගේ එම සොයාගැනීම නිසා විදුලි බලය මිනිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යොදාගැනීමට හැකි වී තිබෙනවා.

සයිලූන්: චීනයේ උසස් නිලයක් දැරූ ඔහු ක්‍රිස්තු වර්ෂ 105දී පමණ කඩදාසි නිෂ්පාදනය කරන ආකාරය සොයාගත්තා. එතැන් පටන් කඩදාසි නිෂ්පාදනය ලොව බහුලව සිදු වෙනවා.

යොහැනස් ගුටන්බර්ග්: ජර්මානු ජාතිකයෙකු වූ ඔහු 1450දී පමණ පළමු මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කළා. එතැන් සිට අද දක්වා විශාල වශයෙන් මුද්‍රණ කටයුතු සිදු වෙන්නේ ඔහුගේ එම සොයාගැනීම නිසයි.

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං: ස්කොට්ලන්ත ජාතිකයෙකු හා පර්යේෂකයෙකු වන ඔහු 1928දී පෙනිසිලින් ලෙස හඳුන්වන ප්‍රබල විෂබීජ නාශකය සොයාගත්තා. බැක්ටීරියා ආසාදන සඳහා යොදාගන්නා ප්‍රතිජීවක නිපදවීමට හැකි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ඇතැම් අය කර තිබෙන සොයාගැනීම් නිසා බිලියන ගණන් මිනිසුන් ප්‍රයෝජන ලබනවා. යම් පහසුකම් භුක්ති විඳින්නත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් හැකි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේවෙතත් එවැනි සොයාගැනීම් කළ අයටත් වඩා කැපීපෙනෙන පුද්ගලයෙක් සිටිනවා. නමුත් ඔහු විද්‍යාත්මක සොයාගැනීම් කළ කෙනෙක් නොවෙයි. ඔහු මීට අවුරුදු 2,000කට පමණ පෙර දිලිඳු පවුලක ඉපදුණු කෙනෙක්. ඒ වුණත් ඔහු ඉගැන්වූ දේවල් මිනිසුන්ට සහනයක් ගෙන දී තිබෙන අතර අනාගතය සඳහා හොඳ බලාපොරොත්තුවක්ද ඇති කර තිබෙනවා. ඒ නිසා ඔහුව ලොව වෙනස් කළ මිනිසෙක් කියා හැඳින්විය හැකියි.

ඔහු වෙන කිසිවෙකු නොව යේසුස් ක්‍රිස්තුස්. ඇත්තටම ඔහු ඉගැන්වූයේ මොනවාද? ඒවා අපේ ජීවිතයට කොතරම් වටිනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න