ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 4/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?
    2016 පිබිදෙව්!
  • ඉතිහාසය පිළිබඳ ජොසේෆස්ගේ මනබන්ධනීය පුරාවෘත්තාන්ත
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාස කළ හැකි පොතක්—6වන කොටස
    2011 පිබිදෙව්!
  • යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වූ බවට සාක්ෂි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 4/1 15 පි.

ඔබ දැන සිටියාද?

බයිබලයේ තිබෙන සාක්ෂිවලට අමතරව යේසුස් පොළොවේ ජීවත් වූ බවට වෙනත් සාක්ෂි තිබෙනවාද?

▪ යේසුස් පොළොවේ ජීවත් වූ කාලයට ආසන්න කාලයක ජීවත් වූ සමහර ලේඛකයන් යේසුස් ගැන සඳහන් කර තිබෙනවා. කෝනීලියස් ටැසිටස් ඉන් එක් කෙනෙක්. අධිරාජ්‍යවාදීන්ගේ පාලනය යටතේ පැවති රෝම ඉතිහාසය ගැන ඔහු වාර්තා කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 64දී රෝමයේ හටගත් ගින්නට වගකිව යුත්තේ රෝම පාලකයෙක් වූ නීරෝ විසින් බවට කටකතාවක් තිබූ බවත් නීරෝ අධිරාජ්‍යයා එම වරද ක්‍රිස්තියානීන් පිට පැටවීමට උත්සාහ කළ බවත් කෝනීලියස් පවසා තිබෙනවා. එමෙන්ම “ක්‍රිස්තියානීන් යන නම ලැබී තිබෙන්නේ ටයිබීරියස්ගේ පාලන සමයේදී පොන්තියුස් පිලාත් විසින් මරණයට පත් කරන ලද ක්‍රිස්තුස්ගෙන්” කියාත් ඔහු සඳහන් කර තිබෙනවා.—එම පොත, Annals, XV, 44.

පළමු සියවසේ ජීවත් වූ යුදෙව් ඉතිහාසඥයෙකු වන ෆ්ලේවියස් ජොසීෆස්ද ඔහුගේ එක් වාර්තාවක යේසුස් ගැන සඳහන් කර තිබෙනවා. එහි සඳහන් වුණේ මෙයයි. “උත්තම පූජක අනනියස් යුදෙව් මන්ත්‍රණ සභාවේ විනිසුරුවන්ව රැස් කර ක්‍රිස්තුස් කියා හැඳින්වූ යේසුස්ගේ සහෝදරයා වූ යාකොබ්වත් තවත් කිහිපදෙනෙක්වත් කැඳෙව්වා.”—Jewish Antiquities, XX, 200 (ix, 1)

යේසුස්ව ක්‍රිස්තුස් ලෙස හඳුන්වන්නේ ඇයි?

▪ මරියා ගැබ්ගෙන ඇති බව ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට පැවසූ අවස්ථාවේදීම දරුවාට යේසුස් යන නම තබන්න කියාත් ගාබ්‍රියෙල් පැවසුවා. (ලූක් 1:31) පුරාණයේ සිටි තවත් බොහෝදෙනෙකුවත් යේසුස් යන නමින් හඳුන්වා තිබෙනවා. බයිබලයේ සඳහන් වන එවැනි නම්වලට අමතරව යේසුස් යන නම ඇති තවත් පුද්ගලයන් 12දෙනෙක් ගැන යුදෙව් ඉතිහාසඥයෙක් වූ ජොසීෆස් වාර්තා කළා. මරියාගේ පුත්‍රයා වූ යේසුස්ව “නාසරෙත් නුවරින් පැමිණි” කෙනෙක් ලෙසත් හඳුන්වා තිබෙනවා. (මාක් 10:47) එමෙන්ම ඔහුව “ක්‍රිස්තුස්” ලෙසත් හඳුන්වනවා. (මතෙව් 16:16) එයට හේතුව කුමක්ද?

“ක්‍රිස්තුස්” යන වචනය සෑදී තිබෙන්නේ ක්‍රිස්ටොස් යන ග්‍රීක වචනයෙනුයි. එහි හෙබ්‍රෙව් වචනය මෂිඅක් ලෙස හඳුන්වනවා. එම වචන දෙකෙන්ම අදහස් වන්නේ “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. යේසුස්ට කලින් සිටි අයවත් ක්‍රිස්තුස් හෙවත් අභිෂේක ලත් තැනැත්තන් ලෙස හඳුන්වා තිබෙනවා. මෝසෙස්, ආරොන් සහ දාවිත් රජ ඒ අය අතරින් කිහිපදෙනෙක්. දෙවි ඔවුන්ව අභිෂේක කළේ යම් භාරදූර වගකීම් ඉටු කිරීම සඳහායි. (ලෙවී කතාව 4:3; 8:12; 2 සාමුවෙල් 22:51; හෙබ්‍රෙව් 11:24-26) නමුත් ඒ සියලුදෙනාටම වඩා යෙහෝවා දෙවිගේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ යේසුස්. “ජීවමාන දෙවිගේ පුත්‍රයා” වූ යේසුස්ව “ක්‍රිස්තුස්” ලෙස හඳුන්වන්නේ ඒ නිසයි.—මතෙව් 16:16; දානියෙල් 9:25.

[15වන පිටුවේ පින්තූරය]

ෆ්ලේවියස් ජොසීෆස්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න