යොවුන් ඔබට
හොඳ මිතුරන් සොයාගත හැක්කේ කෙසේද?
මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයේ සිටිනවා කියා සිතන්න.
ප්රධාන චරිත: යොනාතාන්, දාවිත් හා සාවුල්
සාරාංශය: දාවිත් ගොලියත්ව මරා දැමුවායින් පසුව යොනාතාන් දාවිත්ගේ හොඳම මිතුරා වුණා.
1 සිතින් මවාගන්න.—1 සාමුවෙල් 17:57–18:11; 19:1; 20:1-17, 41, 42 කියවන්න.
සාවුල්ගේ පෙනුම ඔබ විස්තර කරන්නේ කෙසේද? (1 සාමුවෙල් 10:20-23 දක්වා කියවන්න.)
․․․․․
දාවිත්ට යොනාතාන්ව මුණගැසුණු විට දාවිත් යෞවනයෙකුව සිටින්න ඇති. ඔබ දාවිත්ගේ පෙනුම විස්තර කරන්නේ කෙසේද? (1 සාමුවෙල් 16:12, 13 කියවන්න.)
․․․․․
1 සාමුවෙල් 20වන පරිච්ඡේදයේ අවසානයේ සඳහන් ආකාරයට දාවිත් හා යොනාතාන් එකිනෙකාගෙන් වෙන්වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාට කෙසේ හැඟෙන්න ඇද්ද?
․․․․․
2 තවත් ගැඹුරට සිතන්න.
“යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියේය” කියා 1 සාමුවෙල් 18:1හි සඳහන් වෙනවා. යොනාතාන්ගේ සිත ඇදී යෑමට තරම් දාවිත් තුළ තිබූ යහපත් ගුණාංග මොනවාද? (1 සාමුවෙල් 17:45, 46 කියවන්න.)
․․․․․
යොනාතාන්, දාවිත්ට වඩා අවුරුදු 30කින් පමණ වැඩිමල් වුණත් “කිට්ටු මිතුරන්” වීමට ඔවුන්ට උපකාරවත් වන්න ඇත්තේ මොනවාද?
․․․․․
සැබෑ මිතුරන් තුළ තිබිය යුතු ලක්ෂණ සම්බන්ධයෙන් දාවිත් සහ යොනාතාන්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? (හිතෝපදේශ 17:17; 18:24 කියවන්න.)
․․․․․
යොනාතාන් තම පියාට වඩා දාවිත්ට විශ්වාසවන්තව සිටියේ ඇයි?
․․․․․
3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.
මිත්රත්වය.
․․․․․
විශ්වාසවන්තකම.
․․․․․
වැඩිහිටි අයව මිතුරන් කරගැනීම.
․․․․․
ඔබට සැබෑ මිතුරන්ව සොයාගත හැක්කේ කෙසේද?
․․․․․
4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?
․․․․․
ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org