ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 24-25 පි.
  • සුවිශේෂී රාජ්‍යයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුවිශේෂී රාජ්‍යයක්
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 24-25 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

සුවිශේෂී රාජ්‍යයක්

අනාගතයේදී මේ පොළොව පාලනය කිරීමට යන විශේෂ රාජ්‍යය මොකක්ද කියලා ඔයා දන්නවාද?—a “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා යේසුස් අපට යාච්ඤා කරන්න කිව්වේ ඒ රාජ්‍යය ගැනයි. (මතෙව් 6:9, 10) ඒ නිසා දැනට අවුරුදු 2,000ක විතර කාලයක් තිස්සේ යේසුස්ගේ අනුගාමිකයන් ඒ රාජ්‍යය ගැන දෙවිට යාච්ඤා කරනවා. ඔයත් ඒ ගැන යාච්ඤා කරනවාද?—

සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍යයකට රජෙක් නැත්නම් පාලකයෙක් ඉන්නවා. ඒ වගේම ඔහුට යම් පාලන ප්‍රදේශයකුත් තියෙනවා. ළඟදීම මේ මුළු පොළොවම දෙවිගේ රාජ්‍යයේ අණසක යටතට පත් වීමට නියමිතයි. ඒ කාලයේදී සියලුම මිනිසුන්ට බොහෝ ආශීර්වාද භුක්ති විඳීමට හැකි වෙනවා.

දෙවිගේ රාජ්‍යය පිහිටා තිබෙන්නේ ස්වර්ගයේයි. ඒ රාජ්‍යයේ පාලකයා ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ‘අපට ළදරුවෙක් උපන්නේය. රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුව සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත.’—යෙසායා 9:6.

කුමාරයෙක් කියන්නේ කාටද කියලා ඔයා දන්නවාද?—කුමාරයෙක් කියන්නේ රජ කෙනෙකුගේ පුතාටයි. මුළු විශ්වයේම ඉන්න අතිශ්‍රේෂ්ඨ රජ කවුද කියලා ඔයා දන්නවාද?—ඒ තමයි යෙහෝවා දෙවි. බයිබලයේ ඔහුව “මුළු පොළොවටම මහෝත්තම දෙවි” කියලා හඳුන්වලා තියෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 83:18) ඒ වගේම යෙහෝවා දෙවි යේසුස්ට ජීවිතය දුන් නිසා යේසුස්ව “දෙවිගේ පුත්‍රයා” විදිහට බයිබලයේ හඳුන්වලා තියෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි තමයි යේසුස්ගේ පියා.—ලූක් 1:34, 35; යොහන් 1:34, 49; 3:17; 11:27; 20:31; ක්‍රියා 9:20.

දෙවිගේ රාජ්‍යය සුවිශේෂී එකක්. ඒකට හේතුව යෙහෝවා දෙවි එහි පාලකයා විදිහට ඔහුගේ පුත්‍රයාව පත් කර තිබීමයි. ඒ වගේම යේසුස් එක්ක පාලනය කරන්න තවත් අය එකතු වෙනවා කියලා ඔයා දන්නවාද?— දැන් අපි ඒ අය ගැන ටිකක් බලමු.

යේසුස් මිය යන්න ටිකකට කලින් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ට මෙහෙම දෙයක් කිව්වා. ‘මම පියාණන්ගේ ගෘහයට’ යනවා. එහිදී මම ඔබට ‘ස්ථානයක් සූදානම් කරන්නම්.’ එවිට ‘මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.’ (යොහන් 14:1-3) යේසුස් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ව සහ තවත් අයව ස්වර්ගයට ගන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?— ඒ අයව යේසුස් තෝරාගන්නේ තමන් සමඟ එකතු වී ‘රජකම් කරන්නයි.’ ඒ විදිහට යේසුස් එක්ක රජකම් කරන්න මිනිසුන් 1,44,000දෙනෙකුව තෝරාගන්නවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—එළිදරව් 14:1, 3; 20:6.

යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් 1,44,000දෙනා පොළොව පාලනය කරන්න පටන්ගත්තම පොළොවේ මොන වගේ තත්වයක් තියෙයි කියලද ඔයා හිතන්නේ?— ඒ කාලය ඉතාමත් ප්‍රීතිමත් කාලයක් වෙනවා. එදාට යුද්ධ සිදු වෙන්නේ නැහැ. සතුන්, සතුන් එක්කත් මිනිසුන් එක්කත් සමඟියෙන් ඉන්න යනවා. කිසිම කෙනෙක් අසනීප වෙන්නේත් නැහැ. අන්ධ අය, ගොළු අය සහ කොර අය සුවය ලබනවා. හැම කෙනෙකුටම ඇති තරම් කෑම තියෙනවා. හැමෝම එකිනෙකාට ආදරයෙන් සලකනවා. (යොහන් 13:34, 35) ඒ පොරොන්දු ගැන සඳහන් වෙලා තියෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමුද?—යෙසායා 2:4; 11:6-11; 25:8; 33:24; 35:5, 6; 65:21-24.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්වූ දා ඉඳන් මේ වෙනකොට මිනිසුන් මිලියන ගණනක් එම රාජ්‍යය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් තම ජීවිතය වෙනස් කරගන්නත් පෙලඹිලා තියෙනවා. ඉතාමත් ළඟදීම දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන විට දෙවිටත් ඔහු පත් කර තිබෙන රජු වන යේසුස්ටත් සේවය කරන අය නිරෝගී ජීවිතයක් වගේම සැබෑ ප්‍රීතිය හා සමාදානයත් අද්දකින බවට කිසිම සැකයක් නැහැ.—යොහන් 17:3.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • දෙවිගේ රාජ්‍යය සුවිශේෂී එකක් වීමට හේතුව කුමක්ද?

  • යේසුස් සමඟ පාලනයට හවුල් වෙන්නේ කවුද?

  • යේසුස්ගේ පාලනය යටතේ පොළොව මොන වගේ තැනක් වෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න