ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 12/15 6 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දැන සිටියාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තුල්‍ය පීඩනය ඇත්තටම හිතන තරම් දරුණුද?
    2002 පිබිදෙව්!
  • යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 12/15 6 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• දෛවය නමැති ඉගැන්වීමේ ව්‍යාප්තියට හේතු වූයේ කාගේ ඉගැන්වීම්ද?

දෛවය නමැති ඉගැන්වීම කැල්විනිස්තවාදීන් තදින් විශ්වාස කළා. ජොන් කැල්වින්ගේ ඉගැන්වීම් සහ සංකල්ප රෙපරමාදු, ප්‍රෙස්බිටේරියානු සහ පියුරිටානු ආගම්වල ප්‍රචලිත වුණා.—9/1, 18-21 පිටු.

• කායින්ගේ බිරිඳ කවුරුන් විය හැකිද?

“පුත්‍රයෝද දූවරුද” බිහි කළ ආදම් සහ ඒවගෙන් පැවත ආ කෙනෙකු කායින්ගේ බිරිඳ වූවා විය හැකියි. (උත්. 5:4)—9/1, 25වෙනි පිටුව.

• ඊජිප්තුවෙන් මුදවාගත් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන්න දෙවි යොදාගත් දේවදූතයා කවුරුන් විය හැකිද?

එම දේවදූතයා ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් පෙනී සිටි’ නිසා ඔහු දෙවිගේ කුලුඳුල් පුත් යේසුස් බව සිතිය හැකියි.—9/15, 21වෙනි පිටුව.

• දේවතා රූපවලට පූජා කළ මස් ගැන පළමුවෙනි කොරින්ති පොතේ සඳහන් වන්නේ ඇයි?

ග්‍රීක සහ රෝම දේවාලවල සතුන්ව පූජා කළා. පූජා කළ සත්වයාගේ මස් අනුභව කළ පසු ඉතුරු වූ ඒවා වෙළඳපොළවල්වල විකුණුවා. ක්‍රිස්තියානීන් බොරු දෙවිවරුන්ට නමස්කාර නොකළ බව ඇත්තයි. නමුත් වෙළඳපොළට මස් රැගෙන ආවේ කොහෙන්ද කියා විමසීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “මස් විකුණන ස්ථානයක තිබෙන ඕනෑම දෙයක් කෑමට ගන්න ඔබට පුළුවන. නමුත් ඒ ගැන විමසීමෙන් වළකින්න. එවිට ඔබේ හෘදය සාක්ෂියට එය බලපාන්නේ නැත. මන්ද, ‘පොළොව හා එහි ඇති සියල්ල යෙහෝවා දෙවිට අයිති’ බව මතක තබාගන්න.” (1 කොරි. 10:25, 26)—10/1, 12වෙනි පිටුව.

• දෙවිගේ ආඥා පිළිපැදීමට නොහැකි වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේදී දෙවි පිළි නොගන්නේ කුමන ඒවාද?

‘ඒක හුඟක් අමාරුයි. මට බැහැ. මට වෙලාවක් නැහැ. මම දක්ෂ නැහැ. කෙනෙක් මගේ හිත හොඳටම රිද්දුවා.’ දෙවිගේ ආඥා පිළි නොපැදීමට ඒවා සාධාරණ හේතු නොවෙයි.—10/15, 12-15 පිටු.

• ඔබට සහ අන් අයට රැස්වීම්වලින් දිරිගැන්වීම ලැබීමට ඔබට කළ හැකි දේවල් මොනවාද?

කලින් සූදානම් වන්න. නිතිපතා පැමිණෙන්න. අවශ්‍ය පොත් පත් රැගෙන එන්න. සහභාගි වන්න. කෙටි අදහස් දක්වන්න. ඔබට ලැබෙන පැවරුම් ඉටු කරන්න. සහභාගි වන අයව අගය කරන්න. රැස්වීමට පෙර හා පසු එකිනෙකා සමඟ ඇසුරු කරන්න.—10/15, 22වෙනි පිටුව.

• අද හැන්සන්ගේ රෝගය ලෙස හඳුන්වන එදා පැවති ලාදුරු රෝගය ගැන සඳහන් වන්නේ කුමන බයිබල් වාර්තාවේද?

නාමන් නමැති සිරියානු හමුදා නිලධාරියාගේ නිවසේ සිටි ඊශ්‍රායෙල් දැරියක් ගැන දෙවෙනි රාජාවලිය පොතේ පස්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ලාදුරු රෝගය වැලඳී සිටි නාමන් ඉන් සුවය ලබාගැනීමට නම් අනාගතවක්තෘ එලිෂා ළඟට යා යුතු බව ඇය පැවසුවා.—11/1, 22වෙනි පිටුව.

• ආරොන් තම මිත්‍රයන්ගේ බලපෑමට හසු වූ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මෝසෙස් නොසිටි අවස්ථාවක ඊශ්‍රායෙල්වරුන් ආරොන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට දෙවි කෙනෙක් සාදා දෙන ලෙසයි. ඔහු ඊට එකඟ වුණා. මිතුරන්ගේ බලපෑමට හසු වන්නේ යෞවන අය පමණක් නොවන බව ඉන් අපට පැහැදිලි වෙනවා. හරි දේ කිරීමට අදිටන් කරගෙන සිටින වැඩිහිටියන්ට පවා ඉන් බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මිතුරන්ගෙන් ඇති වන වැරදි පෙලඹීම්වලට අපි විරුද්ධව සිටිමු.—11/15, 8වෙනි පිටුව.

• සත්‍යය සහ අසත්‍යය කුමක්ද?

සත්‍යය: සාතන් සැබෑ පුද්ගලයෙක්. (2 කොරි. 11:14) අසත්‍යය: මරණයෙන් පසුව සියලුම මිනිසුන් නොපෙනෙන තැනක ජීවත් වෙනවා. (දේශ. 9:5) සත්‍යය: දේවදූතයන් අප ගැන සැලකිලිමත් වෙනවා. (ගීතා. 34:7) අසත්‍යය: යේසුස් දෙවිට සමාන කෙනෙක්. (1 කොරි. 11:3)—12/1, 8-9 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න