ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 2/1 3 පි.
  • විවාහයන් දෙකඩ වන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාහයන් දෙකඩ වන්නේ ඇයි?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ආදරය බිඳී යන විට . . .
    2001 පිබිදෙව්!
  • යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?
    2006 පිබිදෙව්!
  • දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?
    නිතර අසන ප්‍රශ්න
  • ‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 2/1 3 පි.

විවාහයන් දෙකඩ වන්නේ ඇයි?

‘පරිසිවරු යේසුස්ගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ඇවිත් මෙසේ ඇසුවා. කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද?’—මතෙව් 19:3.

ඒ ප්‍රශ්නයට යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා. එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”a (මතෙව් 19:4-6) යේසුස් පැවසූ ලෙස යෙහෝවා දෙවි විවාහ සැලැස්ම ඇති කළේ හැමදාටම පවතින්නයි.

නමුත් අද බොහෝ රටවල විවාහයන් සියයට 40ක් හෝ ඊට වඩා වැඩි ගණනක් දික්කසාදයෙන් කෙළවර වෙනවා. එයට හේතුව විවාහ සැලැස්මේ යම් දෝෂයක් තිබීමද?

මෙම නිදර්ශනය සලකා බලන්න. පවුල් දෙකක් එකම වර්ගයේ වාහන දෙකක් මිල දී ගන්නවා. එක් යුවළක් තම වාහනය හොඳින් නඩත්තු කරමින් එය පරිස්සමින් පදවනවා. ඒ නිසා එම වාහනයේ දෝෂ මතු වන්නේ නැහැ. නමුත් අනික් යුවළ ඔවුන්ගේ වාහනය නඩත්තු කරන්නේ නැහැ. ඔවුන් වාහනය පදවන්නෙත් ඉතා අපරික්ෂාකාරී ලෙසයි. වැඩි කල් යෑමට පෙර එම වාහනයේ දෝෂ මතු වී අබලන් වෙනවා. එවැනි දෙයක් සිදු වුණේ වාහනයේ දෝෂයක් නිසාද, නැත්නම් අයිතිකරුගේ නොසැලකිලිමත්කම නිසාද? ඇත්තෙන්ම එවැනි දෙයක් සිදු වුණේ අයිතිකරු තම වගකීම නිසි ලෙස ඉටු නොකළ නිසයි.

ඒ හා සමානව අදත් විවාහයන් දෙකඩ වන්නේ විවාහ සැලැස්මේ යම් දෝෂයක් නිසා නොවෙයි. මන්ද අද බොහෝදෙනෙක් ඉතා ප්‍රීතියෙන් සාර්ථක විවාහ ජීවිත ගත කරනවා. එය හැමෝගේම ප්‍රීතියට දායක වී තිබෙනවා.

වාහනයක් කාලයක් පුරා පාවිච්චි කිරීමට නම් එය හොඳින් නඩත්තු කළ යුතුයි. ඒ හා සමානව ඔබ අලුත විවාහ වූ කෙනෙක් වුණත් අවුරුදු ගණනකට කලින් විවාහ වූ කෙනෙක් වුණත් බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් සාර්ථක යුග දිවියක් ගත කිරීමට ඔබට හැකියි. එසේ තම විවාහයන් සාර්ථක කරගෙන තිබෙන අයගේ අද්දැකීම් කිහිපයක් ඊළඟ ලිපියේ සඳහන් වෙනවා.

[පාදසටහන]

a බයිබලයේ සඳහන් ආකාරයට විවාහ වූ කෙනෙක් අනාචාරයේ යෙදුණා නම් ඔහුගේ සහකරුට එම වරද කළ කෙනාගෙන් දික්කසාද විය හැකියි.—මතෙව් 19:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න