ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 5/1 10 පි.
  • අලුත් හෙටක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් හෙටක්!
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්
    තවත් ලිපි
  • බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 8වෙනි කොටස
    2012 පිබිදෙව්!
  • දෙවි පොරොන්දු වී ඇති පාරාදීසය
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 5/1 10 පි.

අලුත් හෙටක්!

‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ —ගීතාවලිය 37:10, 11.

ඉහත සඳහන් අනාවැකිය ඉටු වෙනවා දකින්න ඔබ කැමතිද? එම අනාවැකිය ඉදිරියේදී ඉටු වෙනවා කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා.

අපි දැන් ජීවත් වන්නේ “අවසාන කාලයේ” කියා පෙන්නුම් කරන බයිබලයේ සඳහන් අනාවැකි පිළිබඳව මේ ලිපි මාලාවෙන් සලකා බැලුවා. (2 තිමෝති 3:1-5) දෙවි ඒ විස්තර බයිබලයට ඇතුළත් කර තිබෙන්නේ අපට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ලබා දීමටයි. (රෝම 15:4) එම අනාවැකි ඉටු වීමෙන් පැහැදිලි වන්නේ මේ දුෂ්ට සමාජය විනාශ වන දවස වැඩි ඈතක නොවන බවයි.

ඒ විනාශයෙන් පසුව සිදු වන්නේ කුමක්ද? දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කිරීමට පටන්ගන්නවා. (මතෙව් 6:9) එදාට පොළොවේ තිබෙන්න යන තත්වය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් තොරතුරු ස්වල්පයක් සලකා බලන්න.

● කිසිවෙක් කුසගින්නේ සිටින්නේ නැහැ. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

● ලෙඩ රෝග නැහැ. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

● පොළොව පාරාදීසයක් බවට පත් වෙනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

ඉහත සඳහන් වන්නේ අනාගතයේදී ඉටු වීමට නියමිත සතුටුදායක අනාවැකි අතරින් ස්වල්පයක් පමණයි. මිනිස් වර්ගයාට ප්‍රීතිමත් අනාගතයක් උදා වෙන බවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තදින්ම විශ්වාස කරන්නේ ඇයි කියා දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔවුන්ව හමු වී ඒ පිළිබඳව දැනගන්න කියා අපි ඔබට උනන්දු කරන්න කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න