දරුවන්ට ආගම දහම ගැන ඉගැන්විය යුතුද?
“ආගම නිසා ඇති වී තිබෙන බලපෑම දිහා බලන කොට මිනිසුන් එකිනෙකාට ප්‍රේම කරනවා වෙනුවට වෛර කිරීමට පෙලඹී තිබෙනවා.”—ජොනතන් ස්විෆ්ට් නම් ලේඛකයා.
අද සිටින බොහෝදෙනාද 18වන සියවසේදී ජොනතන් ස්විෆ්ට් පැවසූ දේට එකඟ වෙනවා. නමුත් තවත් අය කියන්නේ දෙමාපියන් විසින් දරුවන්ට ආගම දහම ගැන කියා දීම සුදුසු නැහැ කියායි. ඔවුන් එසේ පවසන්නේ ආගමික විශ්වාසයන් ගැන කියා දීමෙන් දරුවන්ට කිසිම යහපතක් සිදු නොවන බව ඔවුන් සිතන නිසයි.
පහත සඳහන් කරුණු ගැන ඔබ සිතන්නේ කුමක්ද?
● දෙමාපියන් දරුවන්ට ආගම දහම ගැන කියා දීම සුදුසු නැහැ.
● දෙමාපියන් දරුවන්ට ආගම දහම ගැන කියා දිය යුත්තේ ඔවුන් උස් මහත් වූ පසුවයි.
● දෙමාපියන් කුඩා කාලයේ සිටම දරුවන්ට ආගම දහම ගැන කියා දීම සුදුසුයි. ඔවුන් දැනුම් තේරුම් ඇති වයසට පැමිණි පසුව තම ආගමික විශ්වාසයන් සත්‍යයද කියා තහවුරු කරගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි.
● දෙමාපියන්ගේ ආගම දරුවන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.
ආගම ගැන ඉගැන්වීම දරුවන්ට හානිකරද?
දරුවන්ට හානියක් වෙනවාට කිසිම මවක් හෝ පියෙක් කැමති නැහැ. එසේනම් කුඩා කාලයේදීම දරුවන්ට ආගම ගැන කියා දීම සුදුසු නැහැ යන අදහස ගැන පැවසිය හැක්කේ කුමක්ද? දෙමාපියන් විසින් දරුවන්ට තම ආගමික විශ්වාසයන් ගැන කියා දීමෙන් සිදු වී තිබෙන බලපෑම ගැන බොහෝ කාලයක් පුරා පර්යේෂකයන් අධ්‍යයනය කර තිබෙනවා. ඔවුන් පැමිණ තිබෙන නිගමනය කුමක්ද?
දරුවන්ට ආගම ගැන කියා දීමෙන් ඔවුන්ට යහපතක් සිදු වන බවත් ඉන් කිසිම හානිකර ප්‍රතිඵලයක් ඇති නොවන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා. ඒ ගැන 2008දී පළ වූ සඟරාවක මෙසේ සඳහන් වුණා.a “ආගමික විශ්වාසයන් ගැන කියා දීම දෙමාපියන් සමඟ තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට දරුවන්ට උපකාරවත් වෙනවා. ඔවුන්ට ඉන් බොහෝ ප්‍රයෝජන ලැබෙන අතර පවුලේ සියලුදෙනා සමඟ තිබෙන බැඳීමද එමගින් ශක්තිමත් වෙනවා.” (Social Science Research) “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියා බයිබලයේ සඳහන් වදන් සත්‍යයක් බව ඉන් තහවුරු වෙනවා.—මතෙව් 5:3.
දෙමාපියන් දරුවන්ට ආගම ගැන කියා දිය යුත්තේ ඔවුන් උස් මහත් වූ පසුවයි යන අදහස පිළිගන්නා අය ගැන පැවසිය හැක්කේ කුමක්ද? කුඩා කාලයේදීම දරුවන් ඔවුන්ගේ මනසට බොහෝ දේවල් ඇතුල් කරගන්නවා යන කාරණය දෙමාපියන්ට අමතක වී තිබෙනවා. ඒ නිසා තම දරුවන්ට සදාචාර ප්‍රමිති සහ ආගමික විශ්වාසයන් ගැන කුඩා කාලයේ සිටම උගන්වනවාද නැත්නම් අනික් අයගේ අදහස් දරුවාගේ මනසට ඇතුල් කරගැනීමට ඉඩ දෙනවාද කියා ඔවුන් බැරෑරුම්ව කල්පනා කළ යුතුයි.
ප්‍රේමයෙන් සැලකීමට උගන්වන්න
විවිධ ආගමික විශ්වාසයන් නිසා මිනිසුන් අනික් අයව පහත් කිරීමටත් ඔවුන්ට වෛර කිරීමටත් පෙලඹී ඇති බව ඉතිහාසයෙන් පැහැදිලි වෙනවා. නමුත් එකිනෙකාට ප්‍රේමයෙන් සැලකීමට දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?
ඒ සඳහා අපි මෙම වැදගත් ප්‍රශ්න තුනට පිළිතුරු සලකා බලමු. (1) ඉගැන්වීම් පදනම් කරගත යුත්තේ කුමක් මතද? (2) දරුවන්ට ඉගැන්විය යුත්තේ කවුද? (3) දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?
[පාදසටහන]
a අධ්‍යයනය සඳහා එක්සත් ජනපදයේ වෙසෙන දරුවන් 21,000ක් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ව යොදාගත්තා.