ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 12/1 22 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • රෙදිවලට පාට ලැබුණේ කොහොමද?
    2007 පිබිදෙව්!
  • අතීතයේ සායම් සහ රෙදි සාදාගත් ආකාරය
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ගැන ලියූ බයිබල් ලේඛකයන්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 12/1 22 පි.

ඔබ දැන සිටියාද?

අතීතයේදී තද රතු පාට සායම් සාදාගත්තේ කොහොමද?

▪ පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ නමස්කාර මධ්‍යස්ථානය වූ ශුද්ධ කූඩාරම ආවරණය කිරීමට විශාල රෙදි භාවිත කළා. එම රෙදි ‘විවීම සඳහා සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කළා.’ (නික්මයාම 26:1; 38:18) ඒ වගේම පූජකයන්ගේ “ශුද්ධ වස්ත්‍ර” සෑදීම සඳහා භාවිත කළ යුතු වුණේ ‘තද රතු පැහැති රෙදියි.’—නික්මයාම 28:1-6.

තද රතු පාට සායම් සාදාගත්තේ ඉතා කුඩා කෘමි විශේෂයක් යොදාගෙනයි. උන්ව කොකස් කියා හඳුන්වනවා. පියාපත් නොමැති මේ කෘමීන් ජීවත් වෙන්නේ ඕක් ගස් විශේෂයකයි. උන්ගේ නිජබිම වෙන්නේ මැදපෙරදිග සහ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයි. උන්ගේ ශරීරයේ හටගන්නා බිත්තර තද රතු පාටයි. උන්ගේ ඇඟේ බිත්තර විශාල ප්‍රමාණයක් සෑදෙන නිසා උන් තද රතු පාට වෙනවා. උන්ව පොඩි කර එම යුෂ ජලයේ දිය කරගැනීමෙන් රතු පාට සායම් සාදාගන්නවා. රෝම ඉතිහාසඥයෙක් වන ප්ලීනිද මෙම කෘමීන්ගෙන් සාදාගන්නා රතු පාට ගැන සඳහන් කරන අතර එය ඉතා වටිනා සායම් වර්ගයක් ලෙස ඔහු හඳුන්වනවා.

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත උත්සවයට බයිබලයේ ග්‍රීක ලියවිල්ල ලියූ ලේඛකයන් කීදෙනෙක් පැමිණ සිටියාද?

▪ ලේඛකයන් අටදෙනෙක් බයිබලයේ ග්‍රීක භාෂාවෙන් ඇති පොත් 27 ලිව්වා. එම ලේඛකයන්ගෙන් හයදෙනෙක් එම උත්සවයට පැමිණ සිටි බව සිතිය හැකියි.

යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසූ බව ක්‍රියා පොතේ සඳහන් වෙනවා. “යෙරුසලමට වී බලාගෙන සිටින්න. එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.” (ක්‍රියා 1:4) බයිබලයේ පොත් ලියූ ලේඛකයන් වන මතෙව්, යොහන් සහ පේතෘස් එම ආඥාවට එකඟ වෙමින් අනික් ගෝලයන් සමඟ “එක තැනක” රැස් වූ බව ක්‍රියා පොතේ වාර්තා වෙනවා. යේසුස්ගේ සහෝදරයන්ද ඔවුන් සමඟ සිටියා. (ක්‍රියා 1:12-14; 2:1-4) ඔවුන්ගෙන් දෙදෙනෙක් වන යාකොබ් සහ යූද් ග්‍රීක ලියවිල්ලට අයත් පොත් දෙකක් ලිව්වා.—මතෙව් 13:55; යාකොබ් 1:1; යූද් 1.

යේසුස්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තරුණයෙක් පලා ගිය බව මාක් පොතේ සඳහන් වෙනවා. අනික් සියලුම ගෝලයන් ඒ වන විටත් යේසුස්ව අත්හැර පලා ගොස් තිබුණු නිසා මාක් සඳහන් කරන්නේ තමා ගැන විය හැකියි. (මාක් 14:50-52) ඒ නිසා මාක් යේසුස්ගේ ගෝලයෙක් වී සිටි බවත් පෙන්තකොස්ත උත්සවයට ඔහුත් පැමිණ සිටි බවත් සිතිය හැකියි.

පාවුල් සහ ලූක් ග්‍රීක ලියවිලි ලියූ අනික් ලේඛකයන් දෙදෙනායි. නමුත් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස වන විට පාවුල් යේසුස්ගේ ගෝලයෙක් වී සිටියේ නැහැ. (ගලාති 1:17, 18) ඒ වගේම යේසුස් දේවසේවය කළ කාලයේදී සිදු වූ සිද්ධීන් තමන් වාර්තා කළේ ඒවා “සියැසින් දුටු” අයගේ සාක්ෂි පදනම් කරගෙන බව ලූක් වාර්තා කරනවා. ඉන් පැහැදිලි වෙන්නේ ඔහුත් ඒ වන විට යේසුස්ගේ ගෝලයෙක් වී නොසිටි බවයි.—ලූක් 1:1-3.

[22වන පිටුවේ පින්තූරය]

සායම් සඳහා යොදාගන්නා කෘමි විශේෂය

[හිමිකම් විස්තර]

Courtesy of SDC Colour Experience (www.sdc.org.uk)

[22වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත උත්සවයේදී පේතෘස් කතාවක් දෙන අවස්ථාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න