ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 1/1 22 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • එස්තර් පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එස්තර් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටියා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 1/1 22 පි.

ඔබ දැන සිටියාද?

පර්සියාවේ අහෂ්වේරොෂ් රජ ලෙස බයිබලයේ එස්තර් පොතේ හඳුන්වා ඇත්තේ කාවද?

▪ අහෂ්වේරොෂ් රජ යුදෙව් කාන්තාවක් වූ එස්තර්ව තම බිසව කරගත් බවත් ඇය ඇගේ ජනතාව සමූල ඝාතනයකින් බේරාගත් බවත් බයිබලයේ සඳහන් වෙනවා. පර්සියාවේ අහෂ්වේරොෂ් ලෙස බයිබලයේ හඳුන්වා ඇත්තේ කුමන රජටද යන්න ගැන විශාරදයන් විවිධ අදහස් දැරුවා. කෙසේවෙතත් පර්සියානු ස්මාරකවල සඳහන් තොරතුරුවලින් ඔහු කවුද කියා සොයාගැනීමට හැකි වී තිබෙනවා. භාෂා තුනකින් ඇති එම ස්මාරකවල සඳහන් තොරතුරුවලින් පැහැදිලි වන්නේ අහෂ්වේරොෂ් ලෙස හඳුන්වා ඇත්තේ මහා දාරියුස් රජුගේ පුත් පළමුවන තක්ෂස්තා බවයි. පර්සියානු භාෂාවෙන් ඇති ස්මාරකයේ තක්ෂස්තා ලෙස සඳහන්ව ඇති නම හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කළ විට එන නම එස්තර් පොතේ හෙබ්‍රෙව් බසින් අහෂ්වේරොෂ් කියා සඳහන්ව ඇති නමට සමානයි.

අහෂ්වේරොෂ් රජු ගැන එස්තර් පොතේ සඳහන් තොරතුරු සියල්ල පළමුවන තක්ෂස්තා රජු ගැන ස්මාරකවල සඳහන් තොරතුරු සමඟ එකඟ වෙනවා. ඔහු ඒලාම්වල අගනුවර වන සූසාහි (ෂූෂන්) සිට මේදියාව පාලනය කළ බවත් ඔහුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ සිට මධ්‍යධරණී මුහුදේ දූපත් දක්වා පැතිරී තිබූ බවත් බයිබලයේ සඳහන් දෙයින් පැහැදිලි වෙනවා. (එස්තර් 1:2, 3; 8:9; 10:1) විශාරදයෙක් වන ලුවිස් බාල්ස් පැටන් මෙවැනි අදහසක් දක්වනවා. “එම තොරතුරු අදාළ වෙන්නේ තක්ෂස්තාට මිස වෙනත් පර්සියානු රජ කෙනෙකුට නොවෙයි. හෙරඩෝටස් සහ වෙනත් ග්‍රීක ඉතිහාසඥයන් තක්ෂස්තා ගැන පවසා ඇති තොරතුරු එස්තර් පොතේ ඔහු ගැන සඳහන් තොරතුරු සමඟද එකඟ වෙනවා.”

අතීතයේදී ඊජිප්තුවේ ගඩොල් සෑදූ බවට සාක්ෂි තිබෙනවාද?

▪ ඊජිප්තුවරුන් හෙබ්‍රෙව් වහලුන් ලවා ගඩොල් සාදාගත් බව බයිබලයේ සඳහන් වෙනවා. මැටි සහ පිදුරු යොදාගෙන සෑම දිනකම නිශ්චිත ගල් ප්‍රමාණයක් සෑදීමට ඔවුන්ට නියම වී තිබුණා.—නික්මයාම 1:14; 5:10-14.

අතීතයේදී නයිල් ගඟ ආශ්‍රිතව සිටි ජනයා තම රැකියාව ලෙස කළේ ගඩොල් සෑදීමයි. ඔවුන් එම ගඩොල් අව්වෙන් වියළා ගත්තා. ඊජිප්තු අධිරාජ්‍යය පැවති කාලයේ ගඩොල්වලින් සෑදූ ස්මාරක තවමත් දක්නට ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව 15වන සියවසට අයත් රෙක්මර්ගේ සොහොන් කොතක් තීබ්ස්වල තිබෙනවා. එහි බිත්තියේ ගඩොල් සාදන ආකාරය චිත්‍රයට නඟා තිබෙනවා. එය චිත්‍රයට නඟා තිබෙන්නේ බයිබලයේ නික්මයාම පොතේ සඳහන් සිදුවීම් සිදු වූ කාලයේදීම විය හැකියි.

එම චිත්‍රයෙන් කියාපාන දේ ගැන එක් විශ්වකෝෂයක මෙසේ පැහැදිලි කර තිබෙනවා. “පොකුණකින් ජලය රැගෙන එනවා. උදැල්ලක් යොදාගෙන මඩ සාදාගන්නවා. පසුව එය ගඩොල් කපන ස්ථානය වෙත ගෙන යනවා. ලීවලින් සාදාගත් අච්චුවකට ඒවා දමනවා. පසුව අච්චුව ඉන් ඉවතට ගෙන එම ගඩොල් අව්වේ වේළෙන්නට හරිනවා. පසුව ඒවා පිළිවෙළකට ගොඩගසනවා. දැනටත් ගඩොල් සෑදීම සඳහා එම ක්‍රමය යොදාගන්නවා.”

වහලුන්ව ගඩොල් සෑදීම සඳහා යොදාගත් බවට ක්‍රි.පූ. 2000ට අයත් පැපිරස් ලියවිලිවලද සඳහන් වෙනවා. ගඩොල් සෑදීමට පිදුරු සහ මැටි යොදාගත් ආකාරයත් එක් එක් සේවකයා දෛනිකව සෑදිය යුතු ගඩොල් ප්‍රමාණයත් එම ලියවිලිවල සඳහන් වෙනවා.

[22වන පිටුවේ පින්තූරය]

තක්ෂස්තාගේ (සිටගෙන) සහ මහා දාරියුස්ගේ (ඉඳගෙන) කැටයමක්

[හිමිකම් විස්තර]

Werner Forman/​Art Resource, NY

[22වන පිටුවේ පින්තූරය]

රෙක්මර්ගේ සොහොන් කොතේ බිත්තියේ ඇඳ තිබෙන චිත්‍රය

[හිමිකම් විස්තර]

Erich Lessing/​Art Resource, NY

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න