ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 6/1 3 පි.
  • ඔබ සිතන්නේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ සිතන්නේ කුමක්ද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශෝක වෙන අයට සැනසීම දෙන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැනසීමට මඟ—යෙහෝවාගේ බලය
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් අපිව සනසවන විදිහ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 6/1 3 පි.

ඔබ සිතන්නේ කුමක්ද?

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය . . . ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.”—2 තිමෝති 3:16, 17.

ජීවිතයේ සෑම පැත්තකටම අවශ්‍ය උපදෙස් බයිබලයේ සඳහන් වෙනවා කියා බොහෝ අය පිළිගන්නේ නැහැ. බයිබලය ගැන ඔබ සිතන්නේ කුමක්ද? පහත කරුණු අතරින් ඔබේ අදහසට ගැළපෙන්නේ කුමන කරුණද?

• උසස් සාහිත්‍ය කෘතියක්

• ශුද්ධ පොතක්

• සදාචාර ප්‍රමිති ගැන සඳහන් පොතක්

• දෙවි පැවසූ දේවල් ඇතුළත් පොතක්

බයිබලය ලිවීමට හේතුව ගැන එහිම මෙසේ සඳහන් වෙනවා. ‘ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.’ (රෝම 15:4) බයිබලය ලියා තිබෙන්නේ අපට උපදෙස්, සහනය හා බලාපොරොත්තුවක් ලබා දීමට බව ඉන් පැහැදිලියි.

බයිබලය අනික් පොත් මෙන් සාමාන්‍ය පොතක් කියා කෙනෙක් සිතනවා නම් ඔහු එහි ඇති උපදෙස් අදාළ කරගනියිද? සහනයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එය කියවයිද?

බයිබලය ඉගෙනගන්න මිලියන ගණනක් දෙනා එය දෙවි පැවසූ දේවල් ඇතුළත් පොතක් කියා විශ්වාස කරනවා. ඒ සඳහා ඔවුන්ට හේතු තිබෙනවාද? බයිබලය අනික් පොත්වලට වඩා වෙනස් වන්නේ ඇයි? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට කරුණු පහක් අපි බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න