ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 10/1 30-31 පි.
  • කැපී පෙනෙන්න උත්සාහ කරන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කැපී පෙනෙන්න උත්සාහ කරන්න එපා!
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස්ට ලැබුණු විශේෂ පැවරුම
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 10/1 30-31 පි.

යොවුන් ඔබට

කැපී පෙනෙන්න උත්සාහ කරන්න එපා!

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: දාවිත්, අබ්සලොම්, යෝවාබ්

සාරාංශය: අබ්සලොම් පියාගේ රජකම ගැනීමට උත්සාහ කිරීම

සිතින් මවාගන්න.—2 සාමුවෙල් 14:25-33; 15:1-17; 18:9-17, 30-33 කියවන්න.

අබ්සලොම් ගැන ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොන වගේ රූපයක්ද? (2 සාමුවෙල් 14:25, 26 කියවන්න.)

නඩු විභාගයට රජු ළඟට යමින් සිටි මිනිස්සුන්ට ඔහු කතා කරන්න ඇත්තේ මොන විදිහටද? (2 සාමුවෙල් 15:2-6 කියවන්න.)

2 සාමුවෙල් 14:28-30 දක්වා ඇති සිද්ධියෙන් අබ්සලොම්ගේ චරිතය ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?

තවත් ගැඹුරට සිතන්න.

[31වන පිටුවේ පින්තූරය]

රජකම ලබාගන්න ඕන නිසා අබ්සලොම් මොනවද කළේ? (2 සාමුවෙල් 13:28, 29 කියවන්න. ඊළඟට රජ වෙන්න හිටියේ දාවිත්ගේ ලොකු පුතා වන අම්නොන්.)

අබ්සලොම් තමා ගැන ලොකුවට හිතාගෙන හිටියා. ඒත් එයා මැරුණ විදිහෙන් මිනිස්සු එයා ගැන හිතාගෙන හිටපු විදිහ ගැන හෙළි වුණේ මොකක්ද? (2 සාමුවෙල් 18:17 කියවන්න.)

ඔයා හිතන විදිහට අබ්සලොම් කැපී පෙනෙන්න පෙලඹුණේ ඇයි? (3 යොහන් 9, 10 සමඟ සසඳන්න.)

අබ්සලොම් හැසුරුණු විදිහ දාවිත්ට බලපෑවේ කොහොමද? (අබ්සලොම්ගෙන් පීඩා පැමිණි කාලයේදී දාවිත් රචනා කළ 3වන ගීතිකාව කියවන්න.)

පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

කැපී පෙනෙන්න උත්සාහ කිරීමේ ඇති භයානකකම.

පුද්ගලයෙක්ගේ නරක හැසිරීම ඔහුගේ පවුලේ අයට සහ අනික් අයට බලපාන විදිහ.

මේ ගැනත් සිතන්න.

කැපී පෙනෙන්න තියෙන ආශාව ඔයාටත් එන්න පුළුවන් කොහොමද?

ඔයා ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

යෝජනාවක්: අබ්සලොම් කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ නැතුව නිහතමානී වුණා නම් මේ කතාවට මොන වගේ අවසානයක් ලැබෙයිද?—හිතෝපදේශ 18:12.

www.pr418.com වෙබ් අඩවිය බලන්න

වෙබ් අඩවියෙන් බයිබලය කියවන්න

මෙම ලිපියේ පිටපත් අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න