ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 5/1 15 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් මට සමාව දෙයිද?
    බයිබලයෙන් උත්තර
  • “සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
    යෙහෝවාට ළං වන්න
  • සමාව දුන් පසු දෙවි ඒවා නැවත මතක් කරනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා “කමාවෙන්ට සූදානම්” දෙවිකෙනෙක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 5/1 15 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

පව්වලට සමාව ලබාගන්න පුළුවන්ද?

[15වන පිටුවේ පින්තූරය]

අපි පව්කාරයන් වුණත් දෙවියන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්

බයිබලේ කියන්නේ අපි හැමෝම පව්කාරයන් කියලයි. අපි වැරදි කරන්න පෙලඹෙන්නේ ඒ නිසයි. අපිට පාපය උරුම වුණේ මුල්ම මිනිසා වුණු ආදම්ගෙන්. ඒ වුණත් යේසුස් ක්‍රිස්තුස් අපේ පව් වෙනුවෙන් තම ජීවිතය පූජා කරපු නිසා අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන්. යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් අපිට ලැබුණු වටිනා දීමනාවක්.—රෝම 3:23, 24 කියවන්න.

බරපතළ වැරදි කරපු සමහර අය දෙවියන් එයාලට සමාව දෙයිද කියලා කල්පනා කරනවා ඇති. බයිබලේ කියන්නේ ‘දෙවිගේ පුත් යේසුස්ගේ රුධිරය අපව සියලුම පාපවලින් පවිත්‍ර කරයි’ කියලයි. (1 යොහන් 1:7) ඒ නිසා බරපතළ වැරදි කරපු කෙනෙක් ඒවා අත්හැරලා ජීවිතේ වෙනස් කරගත්තොත් දෙවියන් එයාට සමාව දෙනවා.—යෙසායා 1:18 කියවන්න.

සමාව ලබාගන්න කරන්න ඕනේ මොනවද?

මුලින්ම අපි දෙවියන් ගැන ඉගෙනගන්න ඕනේ. ඒකට ඔහු දීලා තියෙන මඟ පෙන්වීම්, ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේවල්, ඔහු කැමති අකමැති දේවල් දැනගන්න ඕනේ. (යොහන් 17:3) කෙනෙක් එයා කරපු වැරදි ගැන අවංකව දුක් වෙලා ඒවා අත්හැරියොත් දෙවියන් එයාට සමාව දෙන්නේ හරිම ආසාවෙන්.—ක්‍රියා 3:19 කියවන්න.

අපි පව්කාරයන් වුණත් දෙවියන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්. අපේ අතින් වැරදි අඩුපාඩුකම් වෙනවා කියලා දන්න නිසා දෙවියන් අපිට දයාව පෙන්නනවා. ඒ වගේ ප්‍රේමණීය, දයාවන්ත දෙවි කෙනෙක්ව දැන හඳුන ගන්න ඔයා කැමති නැද්ද?—ගීතාවලිය 103:13, 14 කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න