ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 8/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 8/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවද?

ඕනම ජාතියකට අයිති කෙනෙක්ගේ යාච්ඤාවලට දෙවියන් සවන් දෙනවා. (ගීතාවලිය 145:18, 19) අපේ හිතේ තියෙන ඕනම දෙයක් ගැන යාච්ඤා කරන්න අපිට පුළුවන්. (ෆිලිප්පි 4:6, 7) හැබැයි පොතක් බලාගෙන හරි කටපාඩමෙන් හරි කරන යාච්ඤාවලට දෙවියන් කැමති නැහැ.—මතෙව් 6:7 කියවන්න.

හිතාමතාම දෙවිගේ නීතිරීති කඩ කරන අයගේ යාච්ඤාවලටත් දෙවියන් සවන් දෙන්නේ නැහැ. (හිතෝපදේශ 28:9) අතීතයේ හිටපු දෙවිගේ සෙනඟ මිනිසුන්ව ඝාතනය කරපු නිසා එයාලගේ යාච්ඤාවලට සවන් දීම දෙවියන් ප්‍රතික්ෂේප කළා. දෙවියන් සවන් දෙන්නේ ඔහුගේ නීති රකින අයගේ යාච්ඤාවලට විතරයි.—යෙසායා 1:15 කියවන්න.

දෙවියන් සවන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද?

දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙන්න නම් ඔහු ගැන විශ්වාසයක් ඇතුව අපි යාච්ඤා කරන්න අවශ්‍යයි. (යාකොබ් 1:5, 6) ඔහු ජීවමාන කෙනෙක් කියලත් අපි ගැන සැලකිලිමත් කියලත් අපිට ස්ථිර විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය ගොඩනැඟෙන්න ඕන ස්ථිර සාක්ෂි මතයි. ඒකට අපි බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න අවශ්‍යයි.—හෙබ්‍රෙව් 11:1, 6 කියවන්න.

යාච්ඤා කරද්දී හිතේ තියෙන දේ අවංකව දෙවිට කියන්න ඕන වගේම යටහත් පහත් වෙන්නත් ඕන. යේසුස් යාච්ඤා කළේ එහෙමයි. (ලූක් 22:41, 42) අපිට අවශ්‍ය දේ දෙවියන් ලවා කරගන්න හදනවා වෙනුවට බයිබලේ කියවලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරුම් අරන් ඊට එකඟව යාච්ඤා කරන එක වැදගත්.—1 යොහන් 5:14 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න