ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 1/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අසාධාරණයකට මූණ දෙන්නේ කොහොමද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?
    තවත් ලිපි
  • අසාධාරණයකට ලක් වන විට
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවිගෙන් අයුක්තියක් සිදු වෙයිද?”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 1/1 16 පි.
අධික දිලිඳුකමෙන් පෙළෙන ස්ත්‍රියක් හා දරුවන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවි පියාණන් මොන වගේ කෙනෙක්ද?

අපිට වගේ ශරීරයක් දෙවියන්ට නැති නිසා ඔහුව අපිට පේන්නේ නැහැ. මේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම නිර්මාණය කළේ දෙවි පියාණන්. ඔහුට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. (ගීතාවලිය 90:2) දෙවියන් කැමති අපි ඔහුගේ මඟ පෙන්වීම් හොයලා ඔහු ගැන සත්‍යය දැනගන්නවාටයි.—ක්‍රියා 17:24-27 කියවන්න.

අපිට දෙවියන්ගේ නම දැනගන්න පුළුවන්. ඔහු නිර්මාණය කරලා තියෙන දේවලින් ඔහුගේ ගුණාංග ගැන යම් අවබෝධයක් ලබාගන්නත් පුළුවන්. (රෝම 1:20) ඒත් ඔහුව හොඳින් දැන හඳුන ගන්න නම් බයිබලය කියවලා තේරුම්ගන්න ඕනේ. ඔහුගේ පෞද්ගලිකත්වය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.—ගීතාවලිය 103:7-10 කියවන්න.

අසාධාරණකම් ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් අසාධාරණකම් හෙළාදකිනවා. ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ගුණාංග ඇතුවයි. (ද්විතීය කතාව 25:16) අසාධාරණයට අපි අකමැති ඒ නිසයි. දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ යන්ත්‍ර වගේ නෙමෙයි, හිතලා බලලා තීරණ ගන්න පුළුවන් විදිහටයි. ඒත් හුඟක් අය ඒ හැකියාව වැරදි විදිහට පාවිච්චි කරලා අසාධාරණකම් කරද්දී “දෙවිගේ සිතට මහත් වේදනාවක්” දැනෙනවා.—උත්පත්ති 6:5, 6; ද්විතීය කතාව 32:4, 5 කියවන්න.

යුක්තියට ප්‍රිය කරන දෙවියන් හැමදාම අසාධාරණකම් පවතින්න ඉඩ තියන්නේ නැහැ. (ගීතාවලිය 37:28, 29) ළඟදීම අසාධාරණකම් නැති කරනවා කියලා ඔහු පොරොන්දු වෙනවා.—2 පේතෘස් 3:7-9, 13 කියවන්න.

දෙවියන් ළඟදීම අසාධාරණකම් නැති කරනවා

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 1වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න