මුල් පිටුවෙන් | සැබෑ දෙවියන් ඔබ වෙනුවෙන් කර ඇති දේ
අතපසු නොකළ යුතු සැමරීමක්
තමාගේ ජීවිත පූජාව සිහි කරන්න කියා යේසුස් මිය යන්න පෙර දින රාත්රියේදී තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසුවා. එදින ඔහු මුහුන් නොදැමූ රොටි හා රතු වයින් භාවිත කරමින් අලුත් සැමරීමක් ආරම්භ කර “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියා පැවසුවා. (ලූක් 22:19) ඒ සැමරීම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හෝ අන්තිම රාත්‍රී භෝජනය කියා හඳුන්වනවා.
ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කරනවා. මෙම වසරේ එය සිහි කරන්නේ අප්‍රියෙල් මස 14වන සඳුදා, හිරු බැස යෑමෙන් පසුවයි.
මේ අවස්ථාවට අප හා එක් වන්න කියා ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරන්න කැමැතියි. එහිදී යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔබට හැකි වෙයි. පැමිණෙන කිසිම කෙනෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. ඔබේ ප්‍රදේශයේ යේසුස්ගේ මරණය සිහි කරනු ලබන ස්ථානය හා වේලාව මේ සඟරාව දුන් කෙනාගෙන් ඔබට දැනගන්න පුළුවන්. එසේත් නැත්නම් jw.org/si කියන අපේ වෙබ් අඩවියට පිවිස තොරතුරු දැනගන්න. මේ දිනය මතකයේ තබාගෙන එදාට නොවරදවාම පැමිණෙන්න.