ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 6/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!
    2023 පිබිදෙව්!
  • නිර්මාතෘගෙන් ලැබුණු සදාකාලික තෑග්ගක්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ සොඳුරු නිවහන
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
  • මේ සඟරාවෙන් දැනගන්න
    2023 පිබිදෙව්!
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 6/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුවද?

පරිසරයේ සුන්දරත්වය ගැන කල්පනා කරන තරුණයෙක්

සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිවහනක් විදිහටයි පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ

අපේ පෘථිවිය තරම් ජීවත් වෙන්න සුදුසු තැනක් තවත් නැහැ. ජීවීන්ට අත්‍යවශ්‍ය ජලය ඕන තරම් තියෙනවා. පෘථිවිය ඇල වෙලා තියෙන නිසාත් භ්‍රමණය වෙන නිසාත් නිශ්චිත ගමන් මගක ගමන් ගන්නා නිසාත් කිසිමදාක සාගර ජලය මිදෙන්නෙවත් අධික ලෙස උණුසුම් වෙන්නෙවත් නැහැ. වායුගෝලය හා චුම්බක ක්ෂේත්‍රය නිසා අහිතකර කිරණවලින් පෘථිවිය ආරක්ෂා වෙනවා. සතුන් සහ ශාක එකිනෙකා මත රඳා සිටින ආකාරය හරිම අපූරුයි. ඒ නිසා හුඟක් අයගේ නිගමනය පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුව කියලයි.—යෙසායා 45:18 කියවන්න.

එහෙමනම් ‘මිනිසුන් අද්දකින දුක් වේදනා හා අයුක්තිය ඒ අරමුණේ කොටසක්ද’ කියලා ඔබට හිතෙයි.—ද්විතීය කතාව 32:4, 5 කියවන්න.

පොළොව සඳහා ඇති අරමුණ ඉටු වෙයිද?

අපේ නිර්මාතෘටත් එකිනෙකාටත් ප්‍රේම කරමින් සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිවහනක් විදිහටයි පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා සතුන්ට වඩා මිනිසුන්ගේ ජීවිතවලට උසස් අරමුණක් තියෙනවා. අපිට අපේ නිර්මාතෘ කවුද කියලා දැනගන්නත් ඔහු පෙන්වන ප්‍රේමය හා යුක්තිය අගය කරන්නත් ඒවා අනුකරණය කරන්නත් හැකියාව තියෙනවා.—දේශනාකාරයා 12:13; මීකා 6:8 කියවන්න.

දෙවියන් අරමුණු කළ ඒ හැම දෙයක්ම ඉටු කරන්න ඔහුට පුළුවන්. මිනිසුන් අද්දකින දුක් වේදනා හා අයුක්තිය ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් කරයි කියලත් මේ පොළොව අපිට සතුටින් ඉන්න පුළුවන් ලස්සන තැනක් කරයි කියලත් නිසැක වෙන්න පුළුවන්.—ගීතාවලිය 37:11, 29; යෙසායා 55:11 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න