ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 7/1 13 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දැන සිටියාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මසුන්ට හිත නැති මිනිසුන්ට හිත ඇති මුහුද!
    2008 පිබිදෙව්!
  • මාළු ඔබට විස වෙයිද?
    2006 පිබිදෙව්!
  • මසුන් වගාව—“සත්ව පාලනය” වශයෙන් මාළු
    1995 පිබිදෙව්!
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 7/1 13 පි.

ඔබ දැන සිටියාද?

පුරාණයේදී නැව්වලට වතුර කාන්දු වෙන එක වැළැක්කුවේ කොහොමද?

නැව් සෑදීම සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වූ ලයනල් කැසන් පුරාණයේදී රෝමවරුන් නැව්වලට වතුර කාන්දු වීම වැළැක්වීමට යෙදූ ක්‍රමයක් ගැන මෙහෙම කියනවා. “ලී එකින් එක සම්බන්ධ කරපු තැන්වල හිඩැස්වලට තාර පිරෙව්වට පස්සේ නැවේ ඇතුල් පැත්තේ හා පිට පැත්තේ තාර වගේ ද්‍රව්‍යයක් (බිටුමන්) ආලේප කළා. නැත්නම් එම ද්‍රව්‍යය සහ ඉටි මිශ්‍ර කර ආලේප කළා.” රෝමවරුන්ට බොහෝ කලකට පෙර අක්කාඩියානුවන් හා බැබිලෝනිවරුන් බිටුමන් භාවිත කර තිබුණා.

බිටුමන් ද්රාවණය

බයිබලයේ සඳහන් දේශවල බිටුමන් බහුලව දක්නට තිබුණා

පුරාණයේදිත් ඒ වගේ ක්‍රමයක් යොදාගත් බව උත්පත්ති 6:14 පවසනවා. මෙහි “තාර” කියා පරිවර්තනය කර තිබෙන්නේ බිටුමන් කියන ද්‍රව්‍යයයි. මෙය ස්වාභාවිකව ඇති වන ඛනිජ ද්‍රව්‍යයක්.

බිටුමන් ද්‍රව්‍යයක් මෙන්ම ද්‍රාවණයක් හැටියටත් ලබාගන්න පුළුවන්. පුරාණයේදී නැව් සාදන්නන් නැව්වලට ආලේප කළේ බිටුමන් ද්‍රාවණයයි. එම ද්‍රාවණය වියළී ඝන වුණාට පස්සේ වතුර කාන්දූ වීම වැළකුණා.

පුරාණයේදී බයිබලයේ සඳහන් දේශවල බිටුමන් බහුලව දක්නට තිබුණා. ලුණු මුහුද අවට පිහිටි සිද්දිම් තැනිතලාව “පුරාම තාර වළවල් තිබුණු” බව සඳහන් වෙනවා.—උත්පත්ති 14:10.

ඉපැරණි කාලවලදී මාළු කල් තබාගත්තේ කොහොමද?

ඈත අතීතයේ සිට මිනිසුන් මාළු බහුලව ආහාරයට ගත්තා. යේසුස් නියෝජිතයන් ලෙස තෝරගත්ත සමහරු ගලීල මුහුද අවට හිටිය ධීවරයන්. (මතෙව් 4:18-22) ධීවරයන් අල්ලපු මාළුවලින් කොටසක් කල් තබාගන්න ඒ අවට තිබුණු කර්මාන්ත ශාලාවලට ගෙන ගියා.

මාළු රැගෙන යන අතීතයේ ධීවරයන්

ලී කැටයමේ පෙන්වන්නේ අතීතයේ සිටි ඊජිප්තු ධීවරයන්

මාළු කල් තබාගන්න ගලීලයේ යොදාගත් ක්‍රම තවමත් සමහර ප්‍රදේශවල යොදගන්නවා. මුලින්ම මාළුවාගේ බොකු ඉවත් කර හොඳින් සෝදාගන්නවා. මාළු කල් තබාගත් ආකාරය ගැන පොතක පැහැදිලි කරන්නේ මෙහෙමයි. “ලුණු කැට කරමලේ, කටේ සහ පිටත හොඳින් තවරනවා. ඊටපස්සේ ලුණු තට්ටුවක් හා මාළු තට්ටුවක් බැගින් මාරුවෙන් මාරුවට පැදුරුවල තබා අහුරනවා. ඒ විදිහට දවස් 3ත් 5ත් අතර කාලයක් වේළගන්නවා. මාළුවන්ට හොඳින් ලුණු ඇල්ලුවට පස්සේ මාළු කරවල බවට පත් වෙනවා.”—Studies in Ancient Technology.

එහෙම සකස් කළ මාළු කොපමණ කාලයක් කල් තබාගත්තද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් කල් තබාගන්න සකස් කළ මාළු ඊජිප්තුවරුන් සිරියාවට යැවූ බව නම් වාර්තා වෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ ඒ මාළු සෑහෙන කාලයක් කල් තබාගන්න ඇති කියායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න