ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 8/1 6 පි.
  • ඔබව සනසනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබව සනසනවා
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් අපිව සනසවන විදිහ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 8/1 6 පි.

මුල් පිටුවෙන් | දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

ඔබව සනසනවා

‘අධෛර්යයට පත් වී සිටින අයව සනසන දෙවි අපව සැනසුවේය.’—2 කොරින්ති 7:6.

බයිබලය කියවන තරුණියක්

යේසුස් ‘මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළා.’—ගලාති 2:20

සමහරු සැක කරන හේතුව: “අද තියෙන ප්‍රශ්න දිහා බලද්දී මගේ ප්‍රශ්නේ මහ දෙයක් නෙමෙයි. ඒ හින්දා මං දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නේ නෑ” කියලා රාකෙල් කිව්වා. සහනය ඕනම වෙලාවෙදී වුණත් දෙවියන්ගෙන් පිහිට පතන එක ආත්මාර්ථකාමි දෙයක් කියලා සමහරු හිතනවා.

දේවවචනයේ කියන දේ: දෙවියන් දැනටමත් අපිට සහනයක් දෙන්න මැදිහත් වෙලා තියෙනවා. අපිට උරුම වුණ පාපය නිසා දෙවියන් කැමති විදිහටම දේවල් කරන්න කාටවත් බැහැ. ඒත් ඔහු “අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන පූජාවක් ලෙස තම පුත්‍රයාව [යේසුස් ක්‍රිස්තුස්ව] එවීම මගිනි.” (1 යොහන් 4:10) යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපේ පව්වලට සමාව ලබාගන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් පාරාදීස පොළොවක ජීවත් වෙන්නත් පුළුවන්කම තියෙනවා.a දෙවියන් යේසුස්ව දුන්නේ හැමෝම වෙනුවෙන්ද නැත්නම් අපි එක්එක්කෙනා වෙනුවෙන්ද?

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරපු බයිබල් ලේඛක පාවුල් මෙහෙම කිව්වා. “මා දැනට මිනිසෙකු ලෙස ගත කරන මේ ජීවිතය මා ඇත්තටම ගත කරන්නේ මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමින්ය.” (ගලාති 2:20) යේසුස් තම ජීවිතය පූජා කළේ පාවුල් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින්. ඒත් පාවුල්ට දැනුණේ ඒක දෙවියන් තමන් වෙනුවෙන්ම දුන්න තෑග්ගක් කියලයි.

යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන් ඔබ වෙනුවෙනුත් දුන්න තෑග්ගක්. දෙවියන්ට ඔබව කොච්චර වටිනවාද කියලා ඒකෙන් පැහැදිලියි. ඔබට ‘සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ශක්තියත් ලබා දෙන්න’ ඒ තෑග්ගට පුළුවන්.—2 තෙසලෝනික 2:16, 17.

යේසුස් ජීවිතය පූජා කළේ මීට අවුරුදු 2,000කට විතර කලින් වුණත් ඔබ ඔහුට ළං වෙනවාට ඔහු තාමත් කැමතියි. ඒකට තියෙන සාක්ෂි මොනවාද?

a යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 5වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න